උණුසුම් පුවත්දේශපාලන

අනුරත් ඇප බඳී

ඇප මුදල් බැන්දේ විජිත යි

ජාතික ජන බලවේගයේ නායකයා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අනුර කුමාර දිසානායක මහතා ගේ ඇප තැන්පතු අද (06)  මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. 

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එම පක්ෂෂයේ විධායක සභික විජිත හේරත් මහතා විසිනි .

ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.