ශ්‍රී මාණික විනායගර් Srī Mānika Vinayāgar කෝවිලේදී හින්දු පූජකතුමන්ලා ද බැහැ දකියි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ වැල්ලවත්ත ගාලුපාරේ මහ සංඝ සභා ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති අතිපූජ්‍ය මාගල්ලේ නාගිත මහනාහිමි හමුවිය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති නාහිමි, අමරපුර සද්ධම්මයුත්තික මාතර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම විමලබුද්ධි නාහිමි, රත්මලාන ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය රත්මලානේ රාහුල නාහිමි ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාද මේ සඳහා එක්ව සිටියේය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් Srī Mānika Vinayāgar කෝවිලේදී හින්දු පූජකතුමන්ලා ද හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ද එක් විය.