උණුසුම් පුවත්

අනුර ගෙ එංගලන්ත සංචාරය!

Crystal Grand, 3 Bath Rd හිදී හෙට පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.

ඊයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපළින් ඒංගලන්තයට පා තැබූ  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මහත් හරසරින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් පිළිගන්නා ලදි. 

ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකේය හිතවතුන් හමුවේ හෙට (15) හවස්වරුවේ සිය පක්ෂයේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කරමින් ඔවුන් අමතන බව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.