ජගත් ගේ සතියේ සටහන - 139 (තෙසතියක විරාමයෙන් පසු)
අනුරගේ බජට්ටුව 12 පාර්ලිමේන්තුවට

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තුන්වැනි අයවැය මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙවර අයවැයෙන් සාමාන්‍ය ජනතාවට සහන සැලසෙනු ඇතැ යි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. එහෙත් ඉරාන, ඇමරිකා සහ ඊශ්‍රායල යුද්ධය හේතුවෙන්, ඉන්ධන මිල හා අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ඒ වෙනුවෙන් ද විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබීම ජනතාවගේ බලාපොරොත්තු දියවී යනු ඇතැ යි සමහර අනාවැකි පවසනවා.
ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයක් ඇති කරගෙන සිදුකළ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය වෙනුවෙන් ලබාගෙන ඇති කාලය 2028 දී අවසන් වන බැවින්එම වසරේ සිට විදේශ ණයගෙවීමට ද ආණ්ඩුවට සිදුවී තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන අවසන් ණය වාරිකය ඉදිරි දිනවල ලැබීමට නියමිතයි. එහෙත්එය ලැබේද යන්න ස්ථිර වන්නේ ආණ්ඩුවේ අයවැය යෝජනා මත බවයි ආර්ථික වශ්ලේෂකයින් පවසන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි පාඩු පිට පවත්වා ගෙන යන රාජ්‍ය ව්‍යවසායයන්ට රජය තව දුරටත් භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අකමැත්ත පළ කර තිබෙනවා. මේ තත්වය යටතේ කිසිදු නිෂ්පාදනයක් නැති එහෙත් නමට පමණක් තවමත් පවත්වා ගෙන යන 'මිහින් ලංකා', සිමෙන්ති සංස්ථාව, සෙලෙන්දිමා ආයතනය ආදි ආයතන 34 ක් තවදුරටත් පවත්වාගෙන යනවාදැයි තීරණය කිරීම සඳහා රජය කොමිටියක් ද පත්කර ඇති බව වාර්තා වෙනවා.
අයවැය මාධ්‍යයේ වගේ වගක් නෑ. ජනතාවට උනන්දුවකුත් නෑ
එසේ වුවද සෙනසුරාදා කොළඹ පැවති ආණ්ඩුවේ වෘත්ත්යී සමිති සමුළුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන බවට ඉඟි පළ කළා.
රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවලට අලුතින් 140000 ක් බඳවා ගැනීමට යන බවත්, රජයේ සේවක වැටුප් වැඩි කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම උපයන විට ගෙවීමේ අයකිරීමේ සීමාව රුපියල් 150000 සිට තවත් ඉහළ දමා මධ්‍යම පාන්තික සේවකයින්ටසහනයක් ලබාදීමට අයවැයෙන් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙන අන්දමට උපයන විට ගෙවීමේ බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි කෙරෙනු ඇති.
මේ අතර විවිධ භාණ්ඩ හා සේවාවලින් දැනට අයකරන 'වැට්'බද්ද සමහර භාණ්ඩ වෙනුවෙන් අඩු කිරීමට යන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
අයවැය ගැන රජය පැත්තෙන් මොනවා කීවත් සාමාන්‍ය ජනතාව අයවැය පිළිබඳව උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැහැ. මෙයට දශක ගණනාවකට පෙර අයවැය ඉදිරිපත් කරන තෙක් මුළු රටම බලා සිටිය කාලයක් තිබුණා. අයවැයෙන් බඩු මිල, වැටුප් වැඩිවීම්, බදු අඩුවීම් ආදිය සිදුවේදැ යි එකල ජනයා විමසිල්ලෙන් බලා සිටියා. පුවත්පත් සති ගණනාවක සිට අයවැය ගැන විවිධ ලිපි හා වාර්තා එකල පළ කළා.
එහෙත් මේ සතියේ ඉරිදා පුවත්පත්වල අයවැය ගැන අකුරක්වත් පළ කොට නැහැ.එයින් පෙනෙන්නේ මාධ්‍යය ද මේ පිළිබඳව ගණන් නොගන්නා බව යැයි දේශපලන විචාරකයින් පවසනවා.
මෙරටට අගමැතිවරුන් තිදෙනකු හා ජනාධිපති වරුන් දෙදෙනකු බිහිකළ වසර 75 ක දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලිපාපදිංචි චේශපාලන පක්ෂයක් වශයෙන් පිළිනොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සිකුරාදා එම පක්ෂයේ නායකයින් වෙත දැනුම් දුන්නා.
ශ්රීනිපය පිළිගන්න බෑ - මැකෝ කියලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ලේකම් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් කැඳවා මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරය පුරප්පාඩුව පවත්නා බවට කොමිෂන් සභාව තීරණය කොට තිබෙන අතර එම පක්ෂයේක්රියාකාරිත්වය පිළිනොගන්නා බව ද කොමිසමේ සභාපතිවරයා ඔවුන්ට ප්‍රකාශ කළා.
නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙයට වසර දෙකකට පමණ පෙර විශේෂ සමුළුවක් පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගනු ලැබුවා.
එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ සභාපති ලෙසත් මහ ලේකම් වශයෙන් දුමින්ද දිසානායක මහතාත් උප සභාපති වරයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ හා මහින්ද අමරවීර යන මහත්වරුන් ද භාණ්ඩාගාරික ලෙස ලසන්ත අලගියවන්න මහතාත් පත්වී තිබුණා.
එහෙත් දයාසිරි ජයසේකර මහතා තමා පක්ෂයේ මහ ලේකම් බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එය තවමත් විභාග වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම දෙපාර්ශ්වය අතර වසර දෙකක පමණ කාලයක් තිස්සේ පවත්නා අර්බුදයට දෙපාර්ශ්වයෙන් පොදු එකඟතාවක් ලැබෙන තෙක් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් හෝ එම පක්ෂයට මැතිවරණවලට ඉදිරිපත්වීමේ හැකියාවක් නොමැති බව ද මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක මහතා පවසනවා.
මේ තත්වය යටතේ ඉදිරි මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 'අත' ලකුණෙන් ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ.
දයාසිරී ජයසේකර මහතා පසුගිය මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ සමගි ජන බලවේගයෙන් බැවින් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතිවාසිකම් කීමට අයිතියක් නැතැ යි නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
කෙසේ වුවද දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ මේ තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි කිසිදා 'අත' ලකුණින් තරග කිරමේ අවස්ථාව බොහෝ ඈත බවයි.
⋆⋆⋆ ⋆⋆⋆⋆ ⋆⋆⋆
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී ආණ්ඩු විරෝධී නව සන්ධානයක් ඇතිකර ගැනීම ගැන එම පක්ෂ දෙකේ දෙවැනි පෙළ නායකයින් හා ආසන සංවිධායකයින් කටයුතු කළේ දැනට වසර දෙකක පමණ කාලයක සිටයි.
මෙම සාකච්ඡා කොළඹ හෝටලයක දී කිහිප වතාවක් ම පැවති අතර එයට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකොරළ මහත්මිය ඇතුළු පිරිසක් ද සහභාගි වූ බව මාධ්‍ය වාර්තා කොට තිබුණා.
එහෙත් සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ගැන දැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. පක්ෂ දෙකේ එකතුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන ලෙසද ඔහු තරයේ පක්ෂයේ සෙසු නායකයින්ට දැනුම් දී තිබුණා.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජබ හා එජප එකතුවට කැමැත්ත දැක්වූ නමුත් ඔහු පැවසුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ මෙම සන්ධානයට එකතු කර ගත යුතු බවයි. ඒ අනුව පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගත යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වී තිබුණේ.
රනිල් ගේ අලුත් දේශපාලන උපක්‍රමය Gen Z සහ Millennial දෙපරපුර ගොනු කර ගැනීම යි
එහෙත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ හොරුන්, දූෂිතයින් සිටින පක්ෂ සමඟ එක්වීමට තම පක්ෂය කැමති නැති බවයි.
මේ අතර පසුගිය සතියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකින් පක්ෂ දෙකේ සමගිය අපේක්ෂාවෙන් සිටි පාර්ශ්ව දෙකේ ම ආධාරකරුවන් වික්ෂිප්ත වී තිබුණා.
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් අතර සන්ධානයක් ඇති කර ගැනීමෙන් පමණක් ඉදිරි මැතිවරණ ජයගැනීමට නම් Gen Z සහ Millenuial ලෙස හැඳින්වෙන මිලියන අටක් වන තරුණ පරපුරේ ඡන්දදායකයින් දිනාගත යුතු බව ද කියා සිටියා. 1981 – 1996 අතර උපන් පිරිස මිලේනියල් පරපුර ලෙසත් Gen Z පරපුර ලෙස 1997 – 2017 අතර උපන් පිරිසත් හැඳින්වෙනවා.
වික්‍රමසිංහ මහතා ගේ මෙම ප්‍රකාශයෙන් සන්ධානයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඔහු පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මෙම පරපුරවල් දෙක සමඟ දැනටමත් දේශපාලන කටයුතු අරඹා ඇති බවයි.
මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගැසීමට ඉදිරිපත් නොවන බව දේශපාලන විචාරකයින් පවසනවා.
දෙමළ කතාකරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ තීරණයකින් සජිත් කලබල වෙලා


