උණුසුම් පුවත්දේශපාලන

අනුර ජනපති ධූරයට පත්වී අදට හවුරුද්දයි

ජනතා විමුක්ති පෙරමුණේ සිහිනය සැබෑ කර ලූ මාලිමාවේ නායකයා

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරීපත් වී අදට වසරක් සපිරෙයි.

ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයේ දී  ඡන්ද 56 ලක්ෂ 34,915 ක් ලබා ගැනීමට දිසානායක මහතා ජනතා ප්‍රසාදය දිනා සිටියේ ය.  

අති මහත්නා ජනතා මනාපයකින් ජනපති ධූරයට පත් අනුර කුමාර දිසානායක මහතා  නමවැනි ජනාධිපතිවරයා සේ  දිවුරුම් දුන්නේ සැප්තැම්බර් 23 වනදා යි.

2021 වසරේ දෙසැම්බර් 20 වනදා ජාතික ජන බලවේගයේ නායකත්වය හිමිකර ගන්නා අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ  නායකයා සේ පත්වන්නේ සෝමවංශ අමරසිංහ මහතා ගේ ඉවත්වීමෙන් අනතුරුව යි.  ඔහු ජනපති පුටුවට තරග කරන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ය.