උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

අනුර හෙරේෂස් ගේ නවතම කෘතිය “මොනර කුටුම්බය” පෙබරවාරි 03 දා එළි දකී

මරදානේ ගොඩගේ පොත් මැඳුරට එන්න ඔබත්

මොනර කුටුම්බය නවකතාව,  බියකරු පාතාල ලෝකයේ කෙරුම් ගැන, ගවේෂණාත්මකව ලියන ලද, ආන්දෝලනාත්මක කතා පෙළකින් සම්මානයට පාත්‍ර වූ 'ගිනි කෙළි සහ ගිනි අවි' සිනමා කෘතියට පාදක කෘතිය රචිත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී අනුර හොරෝෂස් ගේ නවතම නිර්මාණ කාර්ය යි.

ශ්‍රී ලංකාව නම් කොදෙව්වේ වසර හතළිහක තරම් කාලයක් පුරා කුණු වී ගඳ ගහනමින් පවතින සමාජයේ ඉතා අමිහිරි අත්දැකීම් සමුදායක් පාදක කොට අනුර අමුතු ම තාලයකට පෙළ ගස්වා ඇති  මොනර කුටුම්බය හැම වැඩි හිටියකු ම, මා පියකු ම මෙන් ම වත්මන් තරුණ පරපුර ද අනිවාර්යයෙන් ම කියවිය යුතු නවකතාවක් බව ඉතා ඔ්නෑකමින් සටහන් කරමි.

පවතින පාදඩ සමාජයේ කුරිරු කම් මේ යයි කියාපාන්නා වූ මේ කතාව ඇරඹෙන්නේ ආමර්වීදය හන්දියෙනි. එතැනින්  පටන් ගන්නා මේ කතාව පිටු 235 ක් පුරා කියවන ඔබ ඉතා බරපතල ගුටලුවකට ප්‍රශ්නයකට මුහුණ දෙන පවුලක් අවසානයේ එය ජයගන්නා අයුරු කාන්තාවකගේ  බුද්ධි මහිමයේ තරම පෙන්වා දෙමින් නිමාවක් දැකීම කතාව කියවන අතර වාරයේ නම් ඔබට කිසි විටෙකත් නොසිතෙනු ඇති.

"මොනර කුටුම්බය" පෙබරවාරි 03 වන දා පෙරවරු 10. 00 ට මරදානේ ගොඩගේ පොත් මැඳුරේ දී එළි දකී.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හි ජීවත්වන අනුර හොරේෂස් මේ කෘතිය පාඨකයන් අත පත් කිරීම උදෙසා ම මව්බිමට පැමිණෙන බව මතක් කරමි. අඩ මසක තරම් කාලයක් ලංකාවේ රැඳී සිටින ඔහු හමුවට පාඨක පිරිස් කැමැත්තක් ඇතැ යි මට සිතේ.

මේ දිනවල අනුර ගේ ගිනි කෙළි සහ ගිනි අවි කෘති පෙළේ දෙවැනි කොටස සම්මානනීය සිනමා කරු උදයකාන්ත වර්ණසූරිය විසින් රූගත කරමින් සිටින බව ලාංකේය සිනමා රසිකයන්ට සුබ ආරංචියක් බව ද කීමට කැමැත්තෙමි.

මොනර කුටුම්බය ගැන කියන්න බෝ කරුණු ඇතත් එය පාඨක ඔබ අත පත්වූ පසු මගේ අඅදහස් හැඟීම් දැනීම් කියනු කැමැත්තෙමි. අනුර කෙරෙහි අනුර ගේ නිර්මාණ කෙරහි කැමැත්තක් දක්වන්නෝ නම් 3 වැනි දා ගොඩගේ පොත් සාප්පුවේ දී හමුවෙමු.

- සුගතපාල මැන්දිස් -