චම්මිගෙ හිතිවිලි
(සේයාරුව අන්තර්ජාලයෙනි)
සතුටක් කියා දෙයක් ලොවේ ඇතැයි සිතන්නට සමහරු කැමති නෑ.
ඇයි ඒ ..........?
ඔවුන්ගේ මතය මොනව කළත් ඒකට හෙනහුරෙක් වැටෙනවා කියලා.
සමහරු කියන්නේ කොච්චර කළත් වැඩක් නෑ. එක වචනයකින් හරි ක්‍රියාවකින් හෝ කළ දේ විනාශ වෙනව කියලා.
තවත් බහුතරයක් කියන්නේ කොච්චරහම්බ කළත් ඉතුරුවක් නෑ කියලා.
සමස්ත ගොවීන් කියන්නේ යන්තම් අස්වැන්න සරු වුණොත් එක්කෝ ගංවතුර එනව නැත්නම් ආණ්ඩුව හාල් ගෙනල්ල වී මිල පහත යනව. අල ලූණු එළවලුවලට කියලත් වෙනසක් නැහැ.
බලන් යද්දි අවසානෙට පේන්නේ බලාපොරොත්තු කඩවුණු බහුතරයක් ඉන්නා බවයි.
අද ඒකට එකතු වෙන අලුත්ම අදහස තමයි මදැයි පෙරුම් පුරල වමේ ආණ්ඩුවක් ගෙනාව. ඒක අපේ පරම්පරා හීනය. ඒත් ඒකත් ගහන්නෙම පරණ බයිලාවමයි කියා.
අපි ආණ්ඩු ගෙනාවට වැඩක් නෑ ඔවුන් රාජ්‍යය හදා නොගන්නාතාක් කාටත් යන්න වෙන්නේ පරණ පාරෙමයි.
ඒත් අපි කරන්නේ ආණ්ඩු පත් කරල බලන් ඉඳළ කෑ ගහන එකයි. කිසිකෙනෙක් නිසි මගක ගිහිල්ලා ආණ්ඩු යහපත් රාජ්‍යයක් බවට පත් කරගන්න අවශ්‍ය මනෝ මූල හෝ ක්‍රියා මූල සන්ධානයකට නෑ එන්නේ.
'උන් නැත්නම් මුන් ' යන න්‍යායෙන් 76 වසරක් ගිය අපි මොවුන් පත් කරගත්තේ ඒ සංස්කෘතියෙන් මිදෙන්න.
ඒත් දැන් කියන්නේ අරුනුත් එකයි එවුනුත් එකයි දැන්නම් මුනුත් එකයි කියලයි. මට හිතෙන්නේ මේකට ලොකුම හේතුව ආණ්ඩු ඕනෑවට වඩා හිතන්න ගියාමත් ,
මහජනතාව ඕනෑවට වඩා ආණ්ඩුවලින් යැපෙන්න ගියාමත් වෙන්නේ මේකයි කියා.
දේශපාලන පක්ෂ අද ආණ්ඩු බලය අල්ලන්නේ පැවැත්මකට වගේම සමහරු ව්‍යාපාරයක් වශයෙන්.
ඒක බලන් ගියාම තවම කවුරුත් වෙනස් කර නැහැ.
බලයට පත් වෙන අයට මහජනය තමන්ට වගවිය යුතුයැයි යන හැඟීම මත ඔවුන්ට ජොබ් එක කරන්න දීලා , මහජනතාව තමන්ගේ පැවත්ම උදෙසා කටයුතු
නිසිලෙස කළානම් මේ දේ වෙන්නේ නැහැ.
එසේම ජනතාව ලෙස අපි බලයට පැමිණීමට තරග කරන සියලු පක්ෂවලට දැන්විය යුත්තේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මහජනතාවගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් වගවීමේ නීත්‍යානූකූල පොරොන්දුව යි. එසේ නොකරන කුමන අවස්ථාවකදී වුවද පාලකයාට එරෙහිව නීතිය හමුවට යාමේ වරම තබගත යුතුය.
රාජ්‍යකට තමන්ගේ ජනතාවට සර්ව සුබ සාධනවාදි නඩත්තුවක් කරන්න බැහැ.
එහෙත් මහජනතාවට යැපිය හැකි ශ්‍රම වෙළෙඳපොළක් සේම නිෂ්පාදනයට හොඳ මිලක් සකස් කර දීමෙන් පමණක්ම ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ සැළසුම් හා ඉලක්ක කරා නිදහසේ යා හැකිය.
එහෙත් අපිට තවමත් එවන් කොන්දක් ඇති රාජ්‍යයක් දැකීමේ වාසනාව හිමිව නැත. අපේ රටේ පාලනයට
එරෙහිව කෑ ගසන හැම හඬේම යථාර්ථය ගැබ්ව නැත.
එසේම කෑ ගසන හැම හඬම පොදුජනයාගේ ඒක මිතික හඬ නොවේ.
ඒ අනුව හැමදාමත් ආණ්ඩු රැවටී ඇත්තේ සිව්වන ප්‍රාන්තයටයි.
ඒ කියන්නේ අළෙවියට මෙන්ම වෙළෙඳපොළ සිය ස්ථානයට එක දෙක හතර කරන මාධ්‍යටයි. මාධ්‍ය ජන අවශ්‍යතා මතද පෙනී සිටියත් එයද සිදුකරන්නේ ඉන් හඳුනාගත් ලාභය බේරා ගෙන ය.
මේ නිසා අපි කළ යුත්තේ මඳිකම හෝ භිඟය ගැන කාලය වැය නොකට අපි අපේ යුතුකම් හැකි ලෙස සිදුකොට බලයේ කෙවිට තමා අත තබාගෙන ස්වාධීන පුරවැසියෙකු ලෙස තම යුතුකම නිසි ලෙස ඉටු කිරීමයි.
එහෙත්
එවැන්නක් සිදු නොවේ නම් එයද අපේම වරද බව සිතා එය වෙනස් කර ගමු.

