උණුසුම් පුවත්

අපි ඉන්නේ ආණ්ඩුවේ මතයේ නෙවෙයි – මහින්ද රාජපක්ෂ

''රටවෙනුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වෙන්න ඕනෑම වෙලාවක සූදානම්"

‍‍ "අද විශේෂ සාකච්ඡාවක් නෙමේ තිබුණේ. අපි ශක්තිමත්ව ඉදිරියට යනවා" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති සාකච්ඡාවකින් පු මාධ්‍යවේදීන් කරන ලද විමසුම්වල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේ ය..

''මහමැතිවරණයට සූදානම් අපි, ඕනෑම වෙලාවක ජනාධිපතිවරණයටත් සූදානම්. කිසිම ප්‍රශ්නයක් නැහැ දෙකටම අපේ පක්ෂය සූදානම්".

''මහමැතිවරණයක් අපි ඉල්ලන්නෙ කොටස් වෙළෙදපොළ වාසි ගන්න කියල ජනාධිපති කියන කතා බොරු.පිස්සුද අනේ එහෙම එකක් නැහැ".

''අපේ පක්ෂය ආණ්ඩුවේ ජාතික සම්පත් විකුණන වැඩ පිළිවෙලට සහය දෙන් නැහැ. අපි ආණ්ඩුවේ මතයෙ නෙමේ ඉන්නේ. අපේ ස්වාධින මතය හැමවිට ප්‍රකාශ කරනවා".

''ඕනෑම වෙලාවක රටවෙනුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වෙන්න වුණත් සූදානම්"

''ජනපති අපේක්ෂකයා ගැන කියන්න තව ඉවසන්න. හිතේ ගොඩක් අය ඉන්නවා. පස්සේ, පස්සේ  ගැන කියන්නම්." යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.