පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024
මේ රටේ දේශපාලනය යහපත් දේශපාලනයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ඒ මන්ත්‍රී බලය උපයෝගී කරගෙන ධනය උපයනවා. ඉඩකඩම්, කොළඹින් ගෙවල් හතරක් පහක්, මිලදී ගන්නවා. දේශපාලනය එයාලට මුදල් ඉපයීමේ මාර්ගයක්. ජාතික ජන බලවේගයට දේශපාලනය යනු මහජන සේවයක්. බිස්නස් එකක් වී තිබෙන දේශපාලනය අපි මහජන සේවයක් බවට පරිවර්තනය කරනවා. එයාලගේ දේශපාලනයේදී යම් යම් ව්‍යාපෘති තෝරා ගන්නේ රටට කොතරම් වැදගත්ද යන්න සොයා බලා නොවෙයි, තමන්ට කොතරම් කොමිස් මුදලක් ලැබෙනවාද යන එකඟතාවය මත තමයි ව්‍යාපෘති තොරාගන්නේ. මේ නිසාම අපේ රටට පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ. අපි මේවා වෙනස් කරනවා. " ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසි ය. ඒ කළුතර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ ප්රචාරක ජන රැළියක් අමතමිනි.
දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්න සෞඛ්‍ය ඇමති ආදායම් උපයන්න බෙහෙත්වලින් සොරකම් කරනවා. ධීවර ඇමති චීනෙන්, ජපානෙන් අල්ලන මාළු ලංකාවට ගොඩදාන්න අවසර දෙනවා. ගාණකුත් ගන්නවා. තමන්ට ලැබෙන මුදලේ වාසිය බලාගෙන බාල පොහොර ගෙන්වනවා. ඉන්ධන සාධාරණ මිලට ගන්නවා වෙනුවට වැඩි මිලට ගන්නවා. හොඳ විදුලි බලාගාර ගලවාගෙන යනවා. අලුතින් හදන්නේ නැහැ. අහිතකර ගිවිසුම්වලට අත්සන් කරනවා. දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්නා විට රටේ සියලුම ජනතාව විවිධ ක්ෂේත්රයකින්ම පීඩාවට පත්වෙනවා. මේ තත්වය අවසන් කරන්න නම්, මේ දේශපාලන බිස්නස් එක මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය අපි මුල පුරා තිබෙන්නේ ඒකට. මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද අඩු වෙන්න ඕනෑ. ඔවුන් දරන වැය බර අඩු කරන්න ඕනෑ. ජනාධිපතිවරයා වෙනුවෙන් දරන වැය බර අඩුකරන්න ඕනෑ. හිටපු ජනාධිපතිවරු වෙනුවෙන් දරන වැය බර මුළුමනින්ම අඩුකරන්න ඕනෑ. සමහර වරප්‍රසාද චක්‍ර ලේඛනවලින්ද, සමහර වරප්‍රසාද පනත්වලින්ද, සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්යාවස්ථාවෙන්ද ලබාදී තිබෙනවා. ඒ සියල්ල ඉවත් කිරීම සඳහා කළ යුතු වෙනස් කිරීම් කරන්නේ කොහොමද කියලා සොයා බලන්න අපි කමිටුවක් පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සියල්ල නතර කරනවා. ඒවා විශාල වියදම්. වාහන එකසිය හැට ගානක්, ගෙදර අයටත් වැඩියෙන් කෝකියන් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ ගොල්ලන් දේශපාලනය කළා, ජනාධිපති වුණා, ඒ නිසා විශ්‍රාම ගියාටත් පස්සේ එයා බලාගන්න එක ජනතාවගේ වැඩක් කියලා එයාලා හිතනවා. ඒක ජනතාවගේ වැඩක් නොවෙයි.
ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනෑ. දැන් රු.5000 දීමනාව ගන්න, හාල් කිලෝ 5ක් ගන්න, ජනතාව පැය ගණන් පෝලිමේ ඉන්න ඕනෑ. උප්පැන්න සහතිකයක් ගන්න, අවස්ථා ගණනාවක් යන්න වෙනවා. අපේ රටේ තවමත් තිබෙන්නේ පැරණි රාජ්‍ය යාන්ත්‍රණයක්. ලෝකයේ රටවල් තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තිබෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල් කරන ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ගොඩක් දේවල් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් විදිහට පහසුකම් සපයා දෙනවා. ආණ්ඩුවෙන් දෙන ඕනෑම දීමනාවක් තමන්ගේ ගිණුමකට එවන්න සලස්වනවා. ෆෝන් එකෙන් ගනුදෙනු කරන්න හැකි කාර්යක්ෂමතාවයක් හදන්න ඕනෑ. අපි කෙටි කාලයක් තුළ පුරවැසියන්ට කරදර නොවෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ආරම්භ කරනවා. ඒ ක්ෂේත්රයේ ඉන්න ප්‍රධානම විද්වතා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ලංකාවට ළඟදීම එනවා.
ඔබ දීපු ඡන්දය පුදුම ඡන්දයක්. එක ඡන්දයෙන් වැඩ ගොඩක් සිදු වුණා. - ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා
අපි මේ රටේ පොදු ජනතාවගේ පාලනයක් ගැන දශක ගණනාවක සිට හීන දකිමින් සිටියා. එය සැබෑ කර ගැනීමට අපි ධෛර්ය සම්පන්නව දිගටම වැඩකළා. පසුගිය සැප්තැම්බර් 21වැනිදා අපේම කියලා ජනාධිපතිවරයෙක් අපේම කියලා ආණ්ඩුවක් හදන්න පළමු පියවර තබන්න අපිට පුළුවන් වුණා. ඒක ගැන ඔබට අපිට විශාල සතුටක් තිබෙනවා. ඒ සතුට වගේම අපිට වගකීමක් තිබෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන්න. අපිට අවශ්‍ය ශක්තිය ගන්න තව කඩඉමක් පසුර යා යුතුව තිබෙනවා. ඒ තමයි නොවැම්බර් 14දින මහ මැතිවරණය. ඒ මැතිවරණයේදී රට විනාශ කරපු සතුරු බලවේගවලට යළි කිසිදා මේ රට බාර නොදීමට අවශ්‍ය දැඩි තීන්දුවක් ගත යුතුව තිබෙනවා.
පසුගිය මාසෙ ඔබ දීපු ඡන්දය පුදුම ඡන්දයක්. එක ඡන්දයෙන් වැඩ ගොඩක් සිදු වුණා. ඒක මල්ටි පර්පරස් ඡන්දයක්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි රට මෙතෙක් පාලනය කරපු සම්ප්‍රදායික දේශපාලන පැළැන්තිය මුළුමනින්ම දේශපාලන බිමෙන් ඉවත්වී ගියේ. ඒක මේ රටේ ජනතාවගේ ලොකුම ජයග්‍රහණයක්. අනෙක් ප්‍රතිඵලය තමයි අතිගරු උතුමාණෙනි කෑලි නැති, දණ ගහලා දෙකට තුනට නැමිලා වඳින්න ඕන නැති, අපේම ජනාධිපති සහෝදරයෙක් අපිට පත්කර ගන්න ලැබුණා. අනෙක් පැත්තෙන් පැරණි පාලනයේ නටඹුන් බවට පත්වූ මහා දැවැන්තයින් කියලා හිතාගෙන සිටි දේශපාලුවන් රොත්තක්ම පසුගිය ජනාධිපතිවරණයේදී හෝදාගෙන ගියා. 1936 න් පසුව අද රාජපක්ෂලා මහා මැතිවරණයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කරන්නේ නැති ත්වයට ඇද වැටිලා. කොහොමද, ඔබේ කතිරයේ බලවත්කම.
තිබුණු පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යා යුතු එකක් නොවෙයි කියලා පසුගිය 21 වැනිදා අපේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. එදා අනුර සහෝදරයා රටේ ජනාධිපතිවරයා කරලා අලුත් ජනවරමකට අඩිතාලම දමන්න ඔබ තීරණය කළා. ඒ ජනවරමට පරණ පාර්ලිමේන්තු කණ්ඩායමත් සමග ඉදිරියට යන්න බැහැ. ඒ පාර්ලිමේන්තුව ඒ තිබුණු ජනවරමත් උල්ලංඝනය කරලා තිබුණේ. එදා ජනතාව ඡන්දය දුන්නේ රනිල්ව පරාජය කරන්න. ඒ ජනතාව දුන් ජනවරමට පිටුපාලා ඒ පාර්ලිමේන්තුව රනිල්ව ජනාධිපති කළා. ඒ පාර්ලිමේන්තුවේ හිටියේ මහජන නියෝජිතයෝ නෙවෙයි. ලෝක අපරාධකාරයෝ ටිකක්. ඒ පාර්ලිමේන්තුවට ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. පසුගිය අරගලයේදී පුපුරා ගියේ ඒ විරෝධය. දැන් තිබෙන ජන වරමට වගවන, වගකියන අලුත් පාර්ලිමේන්තුවක් අපි හදාගත යුතුව තිබෙනවා. අන්න ඒ සඳහා දැන් මහ මැතිවරණයක් ඇවිත් තිබෙනවා. ඒ නිසා ඔබට අපිට වගකීමක් තිබෙනවා, අපි පටන් ගත්තු ගමන ජයග්රහණයෙන් කෙළවර කරන්න. ඒ අනුව මෙම නොවැම්බර් 14 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම අපි හැමෝගෙම වගකීමක්.
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
අවුරුදු විසි ගණනකට පසුව බේරුවල ආසනය නියෝජනය කරමින් මුස්ලිම් සහෝදරයෙක් ආණ්ඩුව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපි බේරුවල මුස්ලිම් ජනතාවට ප්‍රකාශ කරන්නේ ඒ අවස්ථාව ඔබ මගහැර ගන්න එපා කියලා. බස්නාහිර පළාතට අයිති අපේ දිස්ත්‍රික්කය තිබෙන්නේ සංවර්ධනය අතින් අඩු මට්ටමක. රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 35%ක් 38%ක් එකතු කරන පළාතේ දිස්ත්‍රික්කයක් වුණත් අපි ඉන්නේ ග්‍රාමීය දුප්පත්භාවයේ ගිලිලා. අධ්‍යාපනය සෑම තැනකම විහිදිලා නැහැ. සෞඛ්‍ය පහසුකම් නැහැ. මාර්ග පද්ධති ඉදිවෙලා නැහැ. ඉතිහාසයේ ප්‍රබල කැබිනට් ඇමතිවරු රාශියක් පත්වුණු දිස්ත්‍රික්කයක්, කළුතර දිස්ත්‍රික්කය. ජනතාවට ප්රතිලාභ අත්පත් කර දෙනවා නම්, ඕනතරම් අවස්ථා ඒ අමාත්‍යවරුන්ට තිබුණා. රාජිත හදපු බිල්ඩින් එක, අනූපා, පාර කඩා හැදුව උමං මාර්ගය, මහින්ද සමරසිංහ, අගලවත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් හැදුව ගොඩනැගිල්ල, මේ සෑම ඉදිකිරීමක්ම අවිධිමත් ලෙස කරපුවා. රටට හෝ ජනතාවට වැඩක් නොවුණත් එයාලටත්, එයාලා වටේ සිටි කට්ටියටත් පමණක් වැඩක් සිදුවුණා.
ඉදිකිරීම් අතරමග නවතා තිබෙන සංචාරක හෝටල් කිහිපය, ආයෝජනය සඳහා පරිසරය සකස් කොට සංචාරක ව්‍යාපාරයට යළි බද්ධ කර ගන්නවා. සංචාරක ව්‍යාපාරයට උනන්දුවක් දක්වන අයට එම ව්‍යාපාරයට අවශ්‍ය කරන කළමනාකරුවන්ගේ සිට පුහුණුව, සංචාරක හෝටල් පාසල්වලින් ලබාදී, ඔබට රැකියා උත්පාදනය කර දෙන්න අපේ ආණ්ඩුව කටයුතු කරනවා. මැණික් හා ස්වර්ණාභර කර්මාන්තයට හොඳ අවස්ථාවක් උදාකර දෙන්න, ධීවර අමාත්‍යාංශය හරහා ධීවර ජනතාවට සහන ලබාදෙමින් ඔබේ අවශ්‍යතා සම්පූර්ණ කර දෙන්න, අපේ ආණ්ඩුව හරහා කටයුතු කරනවා. මේ රටේ නිෂ්පාදනයට දායක කර ගත හැකි සම්පත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. ඒවා උපයෝගී කරගෙන කර්මාන්ත අවස්ථා ඇති කරමින්, ආර්ථිකය දියුණු කරමින් එහි ප්රතිලාභ ඔබට ලබාදීමට කටයුතු කරනවා. ඔබට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමටත්, ජනතාවට උසස් ආර්ථික අවස්ථා ලබා දීමටත් අපි කටයුතු කරනවා. මේ වගකීම් උරමත දරාගත් කණ්ඩායමක් තමයි මේ ඔබ හමුවේ ඉන්නේ. මේ කණ්ඩායමෙන් අටකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඔබට පුළුවන්. මේ දින කිහිපයේදි තව තවත් ඡන්ද වැඩි කරමින් දූෂිත පිරිසක් පාර්ලිමේන්තුවෙන් ගෙදර යවන්න ඔබගේ කතිරය පාවිච්චි කරන්න. ඔබට ඒ සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය විජයග්‍රාහී ලෙස සටහන් කරමු.