ජාතික නිදහස් පෙරමුණේ රටපුරා පවතින ආසන විශාල සංඛ්‍යාවකින් යම්කිසි ප්‍රමාණයක ආසන සංවිධායක වගකීම භාරගන්නේ ඉතා විශේෂිත අවස්ථාවක. සාමාන්‍යයෙන් ඕනම රටක තියෙනවා ඒ රටේ නිස්කලකව ඉතිහාසය ගත වෙන කාල පරිච්ඡේද. එතරම් බැරෑරුම් අභියෝගවලින් තොරව, බැරෑරුම් සිදුවීම්වලින් තොරව, අපි කියනවා එතරම් රලු පරළු අත්දැකීම්වලට මුහුණ නොදී නිදහසේ ඉතිහාසය ගලා යන කාල පරිච්ඡේදයන් අපට මුණගැහෙනවා.
ඒ වගේම අපට මුණගැහෙනවා මිනිස් ඉතිහාසය තුළ අපිට ඒක පෙන්නලා දීලා තියෙනවා. ඉතාම රලු, ඉතාම තීරණාත්මක අභියෝග මැද ඉතිහාසය ගලාගෙන යන්න සිද්ධ වෙන ඒක මිනිස් ඉතිහාසයේ දිහා බැලුවම. සමාජ පරිණාමය වෙන්න කලින් මිනිසාගේ ඉතිහාසයේ දිහා බැලුවමත්, මානව පරිණාමයට අදාල මිනිසාගේ ඉතිහාසයේ දිහා බැලුවමත් ඒ දුෂ්කර අභියෝගාත්මක කාල පරිච්ඡේදය අපට පේනවා. සමාජ පරිණාමය ගත්තත් එහෙමයි වුණේ. ඒක මුරුදු සුන්දර ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නෙවෙයි. ඉතාම රලු අභියෝගාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.
ඔබ දන්නවා අපිට පාසලේදී උගන්නනවා සමාජ ක්‍රමවල ඉතිහාසය උගන්නද්දී ප්‍රාථමික යුගය, වහල් යුගය, වැඩවසම් යුගය, ධනවාදී යුගය හා සමාජවාදී යුගය කියලා යුග ගණනාවක්. මේ යුගවලින් අපි දන්නවා අපේ රටේ වහල් යුගයක් පිළිබඳ ඉතිහාසයක් සඳහන් වෙන්නේ නෑ. බටහිර අර්ථයේ වැඩවසම් යුගයක් පිළිබඳ ඉතිහාසයකුත් අන්තර්ගත වෙන්නේ නැහැ. යම්කිසි වැඩවසම් ලක්ෂණ සහිත සමාජ ක්‍රමයක් ඓතිහාසිකව පැවතුනත් ඒක බටහිර පන්නයේ එකක් හැටියට නෙවෙයි අපට තේරුම් ගැනීම වෙන්නේ. විශේෂයෙන්ම වහල් යුගයක් අපට තිබුණේ නැහැ.
වහල් යුගයක් අපට නොතිබුණේ ඇයි? අපි අහලා තියෙනවද අපේ ඉතිහාසයේ? අපි දන්නවා දුටුගැමුණු මහරජ්ජුරුවෝ රුවන්වැලි සෑය අහදක් තිබෙන්න පුළුවන්. ඒ හැම ශ්‍රමිකයෙකුටම වැටුප් ගෙවලා තියෙනවා. ඒ හැම ශ්‍රමිකයෙකුටම කවර ආකාරයකින් හෝ වැටුප් ගෙවලා තියෙනවා. වහල් සේවයක් අපේ රටේ ඉතිහාසයේ තිබුණේ නෑ. ඇතැම් පුරාවෘත්තවල කියනවා ඉන්දියානුවන් ගෙනල්ලා වහලුන් හැටියට වැඩගත්තා කියලා. ඒවා තරම් ගැඹුරු සාක්ෂි අන්තර්ගත කරුණු නෙවෙයි. නමුත් මේ ස්වදේශික සමාජය ඇතුළේ ස්වදේශික මිනිසුන් ඇතුළේ එබඳු වහල් ක්‍රමයක් අපේ තිබුණේ නැහැ.
ඒකට හේතුව මොකක්ද? ඔය කියන ධනවාදී යුගය එන්න කලින් පෙර ඉතිහාසයේ දිහා බැලුවම එහෙම අපිට තිබුණේ නෑ. අපි දන්නවා යුරෝපයේ අපවිත්‍ර වෙලා තියෙන්නේ වහලන්ගේ, වහලුන් සතුන් වගේ මිනිස් වහලුන් සතුන් හැටියට පාවිච්චි කරලා ඔවුන්ගේ භෞතික ලෝකය දියුණු කර ගැනීම පිළිබඳ ඉතිහාස කතාවකින්. අපේ නොතිබුණේ අපි පෙරටම අපට අනන්‍ය වෙච්ච සමාජාර්ථික ක්‍රමයක් ගොඩනැගාගෙන තිබුණා. ඒකට අපි කියනවා “ආසියාතික නිෂ්පාදන ක්‍රමය” කියලා. අපේ රජුට ඉඩම් අයිතිය තිබුනට ඉඩම් පරිභෝජනය කරන්න සෑම මිනිසෙකුටම අවස්ථාව දීලා තිබුණා. හැම මිනිහෙකුටම තමන්ගේ කර්මාන්තයක් කරගන්න ඉඩකඩ හදලා දීලා තිබුණා. ජීවනෝපාය මාර්ග නිර්මාණය කරගන්න අවස්ථාව හදලා දීලා තිබුණා.
ඒ වගේම දෙවන මහා දෙවන පෑතිස් රජ දවසෙන් පස්සේ දේවානම්පියතිස්ස රජ දවසෙන් පස්සේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයත් එක්ක තේරවාදී බුදු දහමත් එක්ක බැඳුණු සභ්‍යත්වයක්, ශිෂ්ඨාචාරයක් අපිට උරුම වුණා. ඒක ඉතාම කාරුණිකව හැමදෙනෙක්ම දිහා බලන, සියලු මිනිසුන්ට පමණක් නෙවෙයි සියලු සත්වයන්ට කරුණාව සහ මෛත්‍රිය පතුරුන ධර්මයක් අපිට ලැබුණා. මෙහෙන් අපේ ආකල්ප යුරෝපයේ ආකල්පවලට වඩා වෙනස් වුණා. අපේ වටිනාකම් යුරෝපියානු වටිනාකම්වලට වඩා වෙනස් වුණා. අපිව පොළඹුණු ලැබුවේ සතුරාට පවා මෛත්‍රී කරන්න. අපිට පොළඹුණු ලැබුවේ.
ඒ නිසා තමයි දුටුගැමුණු මහරජ්ජුරුවෝ එළිර රජු කියන දකුණු ඉන්දිය ආක්‍රමණිකයා පරාජයට පත් කරාට පස්සේ ඔහුගේ සොහොන ඉදි කරලා ඒ ඉදිරිපිටින් යනකොට තමන්ගේ පාවහන් ගලවලා ඊට ගරුසරු ඇතුව යන්නේ කියලා රට වැසියට නියම කළේ. ඒ ධර්මයෙන් බෞද්ධ ධර්මයෙන් ශික්ෂණය කරපු මනස පන්න පන්න පළිගැනීමේ චේතනාවක් ඒ මනස තුළ නිර්මාණය වෙච්ච නැති නිසා. අන්‍ය ආගමිකයන්ටත් මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණේ. අන්‍ය ජාතිකයන්ටත් මේ සමාජයේ සතුටින් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණේ. අන්න ඒ තේරවාදී ධර්මයත් එක්ක ගොඩනැගිච්ච සභ්‍යත්වය නිසා.
ඒක තමයි අපට තියෙන මහා බලය. අද අපි කවුරුත් මනුෂ්‍යයෝ හැටියට කල්පනා කරනවා නම් වෙන කෙනෙක්ට වෙන විපතකදී හදවත උණු වෙනවා නම්, පාරේ කෙනෙක් හැප්පුණාම වාහන දඩබඩ ගාලා තමන්ගේ වැඩ පැත්තකට දාලා ගිහිල්ලා ඒ මනුස්සයාව උස්සගෙන ගිහිල්ලා හොස්පිටල් එකට දානවා නම්, වෙන සියලු රාජකාරී පැත්තකට දාලා. ඒක දිහා ඔහේ බලන් ඉන්නෙක් බවට පත් වෙන්නේ නැත්නම්, අර මේ මෑතකදී ප්‍රපාතයෙන් බදුල්ල පැත්තේ ප්‍රපාතයෙන් පහළට වැටිච්ච බස් එකෙන් වැටිච්ච මිනිස්සු ගොඩගන්න ගිහිල්ලා ජීවිත පරිත්‍යාග කරන අත්දැකීම් අපිට තියෙනවා.
තමන්ට වෙන අවධානම පවා නොතකා නූල් කැබැල්ලක එල්ලිලා පහළට ගිහිල්ලා ඒ අනතුරට පත් වෙච්ච මිනිස්සු ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ ගුණය කොහෙන්ද ආවේ? ඒක හැම සමාජක මේ ගුණය නෑහැ. අනුන් වෙනුවෙන් පිහිටවීමේ ගුණය, මෙතරම් දන්සල් ජාතියක් ලෝකය කොහෙවත් නැහැ. අනුන් වෙනුවෙන් පිහිට වෙන ගුණය මෙතරම් වඩවාලූ සමාජයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක එහෙම වුනේ ඇයි? ඒක එහෙම වුණේ මේ තේරවාදී බුදු දහමත් එක්ක ගොඩනැගිච්ච “මහා සංස්කෘතිකය හා සභ්‍යත්වය” නිසා. යුරෝපා ආක්‍රමණිකයන් අවුරුදු 500ක් අපිව යටත් කරගෙන හිටියා. ඒ 500 ඇතුළේ ඔවුන් උත්සාහ කලා අපේ භාෂාව වෙනස් කරන්න. අපේ ආගම වෙනස් කරන්න. ආගම වෙනස් කරන්න බැලුවේ වෙන මොකටවත් නෙවෙයි. සභ්‍යත්වය වෙනස් කරන්න. හිතන පතන විදිය වෙනස් කරන්න වටිනාකම් වෙනස් කරන්න. ආකල්ප වෙනස් කරන්න. ඒකට තමයි ආගම වෙනස් කරන්න තීරණය කළේ.
අද භාෂාව වෙනස් කරන්න තීරණය කළෙත් ඒකයි. ඕනම ජාතියක පැවැත්මේ ප්‍රධාන සාධකය තමයි සංස්කෘතිය. සංස්කෘතියේ ප්‍රධාන ප්‍රවාහයක් තමයි භාෂාව. ඒ වගේම ඒ ආගමික දහමත් එක්ක නිර්මාණය වෙච්ච පොහොසත් සභ්‍යත්වය. ඒක තමයි සාරවත් පස. ඒ පස මත තමයි මේ ඕනම ජාතියක් ශක්තිමත්ව මුල් බැසගත්තු ජාතියක් හැටියට ගොඩනැගෙන්නේ. ඒ ජාතිය නැමැති මහා සද්ධන්ත ගස කඩලා ඉවත් කරන්න නම්, වනසන්න නම්, අර පස නිසරු කරන්න ඕනා. අර පස වනසන්න ඕනා. ඒ පසට විස පොවන්න ඕනා. ඒ පසේ තියෙන සාරය නැත්තටම නැති කරන්න ඕනා. එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ ඒ “ජාතිය නැමැති ශාඛය” ගලවලා ඇදදමන්න. යුරෝපා ආක්‍රමණිකයා ඕක උත්සාහ කළා.
අද ලෝක භාෂා දිනය ලෝක භාෂා දිනය. අද “ස්වභාෂා දිනය.” මව් භාෂාව අගයන දිනය. අපේ රටේ කොතනද රාජ්‍ය මට්ටමේ කොහෙද ඒ පිළිබඳ උත්සවයක් තියෙන්නේ? මම නම් දන්නේ නෑහැ. මොන එන්. ජී. ඕ. එකද ඒ ගැන අද උත්සවයක් තියෙන්නේ? ඇයි?මව් භාෂාව ගැන කතා කරන්න ගියොත් මේ පොළොවේ උපන් භාෂාවක් හැටියට තියෙන්නේ ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව. මේ රටේ ඊට අමතරව දෙමළ භාෂාව කතා කරන ජනතාව ඉන්නවා. ඒක ඒ ජනතාවගේ මව් භාෂාව. දෙමළ භාෂාවේ උත්පත්තිය තියෙන්නේ මේ පොළොවෙ නොවෙයි, අසල් වැසී ඉන්දියානු භූමියේ. එතකොට එතනින් බිහිවෙච්ච ඒ දෙමළ භාෂාව තමන්ගේ මව් භාෂාව හැටියට සලකන ජන කොටස් අපේ සමාජයේ ජීවත් වෙනවා. ඒක තවත් මව් භාෂාවක්.
හැබැයි මේ පොළොවේම නිර්මාණය වෙච්ච, මේ බිම උපත ලබපු, මේම බිම ව්‍යවාහරයට ගත්තු භාෂාව සිංහල භාෂාව. ලෝකේ කිසිම රටක නෑහැ. වෙන සිංහල භාෂාව තමන්ගේ මව් භාෂාව හැටියට කතා කරනවා. ඒ කියන්නේ ඒ රාජ්‍යයේ ප්‍රධාන භාෂාවක් හෝ ද්විතීය භාෂාවක් බවට සැලකෙන තත්ත්වයක් ඊට නෑහ. අපේ මව් භාෂාව තමයි සාමාන්‍යයෙන් ශබ්දානුගත භාෂාවක් කියලා කියන්නේ. ශබ්දානුගත කියලා කියන්නේ අපිට ශබ්දය නගන්න තියෙන හැම එකකටම අක්ෂරයක් මේකේ තියෙනවා. කිසිම භාෂාවක ඇ ඈ කියන ශබ්දයට අක්ෂර නැහැ. සිංහල භාෂාවේ පමණයි.
ලෝකේ භාෂා 7000 ක් විතර තියෙනවා. එයින් අපි ඉන්නේ එකසිය ගානට පැවැත්ම අතින්. ලෝකේ පැරණිම ඔය චීන සංස්කෘත ආදී පැරණිම භාෂා අතර අපේ භාෂාවත් තියෙනවා. ගූගල් සමාගම පිළිගත්තු භාෂා ගානකින් එකක් අපේ භාෂාව සිංහල භාෂාව. එතකොට මේ භාෂාව අනිත් භාෂා සියල්ලටම වඩා යමක් ප්‍රකාශන මාධ්‍යයක් හැටියට වරදගත් වෙනවා. ඉතා ඈත අතීතයේ සීගිරියේ කුරුටු ගීවේ කවි ලිව්වේ සිංහලෙන්. කවි ලියන්න බෑහැ හැම භාෂාවකින්ම. කවි කියන්නේ ඉතාම වචන හුමාරුවෙදී ඉතාම ලයාන්ත දෙයක්. ඒ හැකියාව තිබිච්ච භාෂාවක්.
ඒ වගේම පරිණාමයට ලක් වුණා විවිධ තත්ත්වයන් යටතේ විවිධ වෙනස්කම් භාජනය කරගත්තා. අනිත් භාෂාවලින් උරාගන්න තියෙන ශක්තියන් උරාගත්තා. එහෙම භාෂාවක් තිබිච්ච හින්දා තමයි.... අනික අක්ෂර මාලාව දැන් ඔය ගොඩාක් යුරෝපා භාෂාවන්වල, ජර්මන් වෙන්න පුළුවන් ඉතාලි වෙන්න පුළුවන්, ප්‍රන්ස වෙන්න පුළුවන් ඇමෙරිකාවේ වෙන්න පුළුවන්. ඒ ඒ භාෂාව ඉංග්‍රීසි ඇමෙරිකන් ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රන්ස, ඉතාලි කිව්වට අක්ෂර මාලාව ඒගොල්ලෝගේ නෙමෙයි. මේක අක්ෂර මාලාවත් සිංහල. භාෂාවත් සිංහල. එහෙම භාෂා තියන්නේ ලෝකේ බොහොම ටිකයි. අනුන්ගේ අක්ෂර මාලාවකින් තමන්ගේ භාෂාව නිර්මාණය කරගෙන තියෙනවා ගොඩක් භාෂා. නමුත් මේක තමයි තමන්ගේම අක්ෂර මාලාවකින් තමන්ගේම භාෂාවක් නිර්මාණය කරගෙන තියෙන්නේ.
එතකොට අද එහෙම රටක ඒ භාෂාවේ අගය ගැන කතා කරන රාජ්‍ය මට්ටමේ උත්සවයක් නෑහැ. මම දන්නේ නැහැ පාසල් මට්ටමේ මොනවාහරි වෙනවද කියලා. අධ්‍යාපන ඇමතිතුමිය තමන්ගේ මව් භාෂාවේ හැටියට සිංහල බස සලකනවා නම්. කෙසේ පැත්තත් මම හිතන්නේ නෑහැ මේ වෙලාවේ කොහෙවත් එහෙම දෙයක් සාකච්ඡාවේ කියලා.
මේ භාෂාවයි දහමයි හින්දා තමයි අවුරුදු 500 ක් ඉඳලා යුරෝප ආක්‍රමණිකයන්ට අපි අනන්‍යතාවයෙන් මුදුන් මුල් උගුලන්න බැරි වුණේ. 1800 ගණන් වලත් ගණන් හදලා බැලුවම ඉංග්‍රීසි තේරෙන්නේ 10% කට විතර. ඒත් බැරි වුණා සම්පූර්ණයෙන් ඒ අන්‍යාගමිකකරණය කරන්න. මොකද හේතුව? අනන්‍ය ආගමක් අනන්‍ය භාෂාවක් තිබ්බා. වෙන රටවල භාෂා ගොඩයි, ආගම් ගොඩයි. මේකේ අනන්‍ය එක භාෂාවයි අනන්‍ය එක ධර්මයයි. ඒ මත ගොඩනැගිච්ච එක සංස්කෘතියයි. ඒ නිසා ගහලා වට්ටන්න අමාරුයි. ඒ නිසා තමයි ආක්‍රමණිකයාට විරුද්ධව ලෝකේ කොහෙවත් නොලැබිච්ච විදියේ රණකාමී ඓතිහාසික අත්දැකීම් මේ පොළොවේ නිර්මාණය වුණේ. මුල් එලියාව සටන කියන්නේ එහෙම එකක්. දන්තුරේ සටන කියන්නේ එහෙම එකක්. උඩරට යුද්ධෙන් අල්ලගන්න බැරි වුණේ ඒකයි. පාවාදීම් නොකළා නම් උඩරට ප්‍රභූ පැලැන්තිය ඒ මේ රාජසිංහ රජ්ජුරුවරුවොත් එක්ක තිබිච්ච ඔරොප්පුව සුද්දගෙන් සපුරගන්න පුළුවන් කියලා හිතුවේ නැත්නම්, එහෙම ගොඩ අදත් කෙරෙනවනේ. කෙරිලා තියෙනවනේ.
ඒ විදිහට නොවුනම් යුද්ධමය වශයෙන් අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට මේකෙන් පේනවා අපි අපේ ශක්තියේ ප්‍රධාන පදනම තමයි ජාතියක් හැටියට අපේ භාෂාව අපේ දහම. ඒ දහම අන්‍යාගමිකයාව බැහැර කරන්නේ නෑහැ. ඒ දහම අන්‍ය ජාතිකයාව හෙලා දකින්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ නෑහැ. එයාවත් තමන්ගේ සහෝදරයෙක් විදියට එකතු කරගන්නවා. එයාව තමන්ගේ ආගමට ගන්න හදන්නේ නෑහැ. එයාගේ සංස්කෘතියට ගරහන්න යන්නේ නෑහැ. එයාටයි අපටයි ඔක්කොටම එකට ඉන්න ජීවත් වෙන්න පුලුවන්. කාදිනල්තුමා ඔය කාරණාව කියලා තියෙනවා. ඒ දහම තුළ ඒ හැමෝටම ඉන්න පුළුවන් ගුණය නිර්මාණය කරලා තියෙනවා. මේක තමයි අපට තියෙන ශක්තිය. මේක තමයි අපට තියෙන ශක්තිය. දැන් මොකද අද වෙමින් පවතින්නේ? අද යුරෝපා ආක්‍රමණිකයන්ට අවුරුදු 500ක් ගහලා ගහලා වට්ටගන්න බැරිවෙච්ච මෙන්න මේ සාරවත් “පසට” අද පහරපිට පහර ගහමින් තිබෙනවා. ඒ පහරපිට පහර ගහමින් තියෙන්නේ නිකන් නෙවෙයි. තමුන්නාන්සේලා දැක්කා මේ රටේ මහා සංඝරත්නයට....
ඒ මහා සංඝරත්නය දේශපාලන වශයෙන් අතීතයේ සිට තමන්ට අනන්‍ය වෙච්ච භූමිකාවක හිටියා. රජකාලෙත් රජුට පක්ෂපාතී මහ සඟරුවනේ හිටියා රජුගේ භූමිකාවට එරෙහි වෙච්ච මහා සංඝරත්නය හිටියා. ඒ විතරක් නෙවෙයි. නිදහසෙන් පස්සෙත්, චන්ද ක්‍රමය ආවට පස්සෙත් මේ රටේ මහා සංඝරත්නය තමන් දේශපාලන වශයෙන් නිවැරදියි කියලා හිතන ස්ථාවර ගත්තා. ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඒක මේ අදියේ වෙච්ච දෙයක් නෙවෙයි. අලුත් කතාවක් නෙවෙයි. ඓතිහාසිකව මහා සංඝරත්නය තමයි රාජ්‍යයේ රාජ්‍ය නායකත්වයේ යම්කිසි වියවුලක් වෙච්ච හැම වෙලාවෙම ඒක නැවත යථා තත්ත්වයට ගන්න ස්ථාපනය කරන්න පුරෝගාමී වැඩ කොටස කළේ. තිරෙන් පිටිපස ඉඳලා. තිරෙන් පිටිපස ඉඳලා.
සමහර වෙලාවට යටත් විජිත ආක්‍රමණ තියෙන වෙලාවේ යුරෝපා හෝ දකුණු ඉන්දිය ආක්‍රමණ හෝ තියෙන වෙලාවේ ඊට එරෙහි සටන් වැදීමේ නායකයාව තෝරලා ඒ නායකයාව ඒකට උනන්දු කරවලා ඒ නායකයාගේ පිටිපස්සෙන් ඉඳගෙන උපායමාර්ගික විශේෂඥයාගේ වැඩ කොටස කලෙත් මහා සංඝරත්නය මේ අපේ රටේ මහා සංඝරත්නය නිවන් සුව පමණක් ප්‍රාර්ථනා කළේ නෑහැ. මොකද බුදුන් වහන්සේ මේ පූජනීය භූමිය ධර්ම වසර 5000 කට වඩා රකින්න භාර දීපු භූමියක්.
ඒ නිසා මහා සංඝරත්නයට බෑහැ මේ නිවන් සුව විතරක් හිතාගෙන පතපතා ඉන්න. බුදුන් වහන්සේට වෙච්ච ඓතිහාසික පොරොන්දුවක් තියෙනවා. භාරගත්තු උරුමයක් තියෙනවා. ඒක රකින්න නම් අන්න අර රාජ්‍යත්වය වෙන වියවුලත් විසඳන්න ඕනා. ඒක ඔහේ ඕන දෙයක් වෙච්ච ආවේ අපි යනවා නිවන් දකින්න කියලා ඉන්න බැහැ. ඒ නිසා තමයි මහා සංඝරත්නයට මේ රටේ උරුම වුණේ. මේ බුදුන් වහන්සේ භාර දීපු වසර 5000 කල් මේ තේරවාදී දහම ආරක්ෂා කරන්න බාර දීපු පොළොවේ අපිට ඒ වගකීමක් තියෙනවා ධර්මානුකූලව නිවන් මග යනවා වගේම මේ වගකීමත් අපිට තියෙනවා. ඒකත් නිවනට හේතු වෙනවා. ඒ නිසා තමයි අතීත කාලවල භික්ෂූන් වහන්සේ සිවුර ඉවත් කරලා යුද්ධයට ගිහිල්ලා මහා රණකාමීව සතුරා පරද්දලා නැවත සිවුර දාගෙන මේ රටේ ශාසන ජීවිතයට කටයුතු කළේ.
හමුදාවෙත් ඉන්නවා. අපි ඕන තරම් දැකලා තියෙනවා අහලා තියෙනවා. කමාන්ඩෝ බලකායේ ඉන්නවා. යුද්ධට ගියා. සටන කරා. යුද්ධ ඉවර වුනාට පස්සේ ඉවත් වුණා. ශාසනයට ආවා. දැන් පැවිදිව ඉතාම අධ්‍යාත්මික ජීවිතය ප්‍රගුණ කරමින් කටයුතු කරනවා. ඒ ඒක තමයි. සතුරක් එක්ක සටන් කරන්න ගියත් උගෙන් පන්න පන්න පලිගන්න නෙමෙයි. ඊට පස්සේ ඌ ගැනම හිතේ තියාගන්න නෙමෙයි. තමන්ගේ ධර්මානුකූල අධ්‍යාත්මික ජීවිතය ඒකට බාධාවක්. ඒක තමයි අපේ උරුමය මේ පොළොවේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ උරුමය. ගිහියන්ගේ උරුමය.
දැන් විශේෂයෙන්ම අපේ රට බෙදන්න සටන්විරාම ගිවිසුමක් නෝර්වේකාරයා අරන් ආව කාලෙම තමයි සුඩානය බෙදන්නත් සාමක්‍රියාදාමයක් එහේ පටන් ගත්තේ. ඒත් නෝර්වේ. ඒකටත් ගියා සෝල්හයිම්. මෙහෙත් යන ගමන් එහෙත් ගියා. එකම කාලසටහන්, කාල රාමුව ඇතුලේ වැඩේ කරන්න තිබ්බේ ලංකාව බෙදන එකයි සුදානය බෙදන එකයි. සුදානය බෙදුවේ කොහොමද? දකුණු සුදානය උතුරු සුදානය කොටසක් කතෝලික සුදානය. අනිත් කොටස ඉස්ලාම් සුඩානය. මේහේ ආගමක් පෙන්නුවේ නැහැ. හැබැයි යටින් මේකේ ඇත්තටම එහෙම කතාවකුත් තියෙනවා.
මෙහේ දෙමළ ඊළම. සිංහල ලංකාව. මෙහෙ බෙදන්න ගියේ එහෙමයි. ජාතිකත්වය අනන්‍යතාවය අනුව අතන ආගමික අනන්‍යතාවය අනුව දෙකටම වැඩේ දෙන්න ගියේ එකම වෙලාවේ එකම කාල සටහනක් එකම කාල රාමුව. එතැන වැඩේ කළා, මෙතන බැරි වුණා. මෙතන 99.9% ට ගිහිල්ලා අනිත් පැත්ත හැරණා. හැරෙව්වා. ඒ හරවන්න අපි ඉතා පුරෝගාමී වැඩ කොටසක් කළා. ඒ ගැන අපි ඉතාම සතුටු වෙනවා. එදා අපි හිටපු පක්ෂෙත් අපිව ඒ සඳහා යෙදවූවා. අද කෙසේ වෙතත්.
දැන් ඒ බැරි වුණේ ඇයි? සුඩානයේ බෙදුවනේ. බෙදලා තාමත් බෙදිලා රටවල් දෙකක් ඒත් මරාගන්නවනේ. ඒකේ තෙල් සම්පත් ඔක්කොම ගෙනියනවනේ බටහිර රටවල් කොල්ලකාගෙන. කණිජ සම්පත් ඔක්කොම අරං යනවනේ. දකුණු සුඩානය කියලා වෙනම රටකුයි උතුරු සුදානය කියලා වෙනම රටකුයි හැදුනනේ. මෙතන බැරි වුණානේ. බැරි වුණේ ඇයි? බැරි වුණේ ඇයි? ඒගොල්ලෝ හෙව්වා ඇයි බැරි වුණේ කියලා. සාධක හොයාගත්තා. එක සාධකයක් තමයි මහා සංඝරත්නය. ඒක බෙදලා දුර්වල කරන්න බැරිවීම.
“සාමයේ ඉත්තෝ” කියලා ඔවුන් විශාල දිග වාර්තාවක් හැදුවා. ඔස්ලෝ නුවරින් දුන්නා මුදල් ලෝකයේ මහාචාර්යවරු 10 ක පමණ කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සාමක්‍රියාව අසාර්ථක වුණේ ඇයි කියලා අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න. “සාමයේ ඉත්තෝ” සිංහලෙන් කියන්නේ ඒකට එහෙමයි. ඒකේ තියෙනවා කොහෙද අපිට වැරදුනේ කියලා. ඒගොල්ලන්ට වැරදුනේ කොහෙද කියලා. දහයක් විතර තියෙනවා වැරදිච්ච හේතු. උඩම තියෙන එකක් තමයි “මහා සංඝරත්නය දිනා ගැනීමට හෝ දුර්වල කිරීමට නොහැකිවීම”. ඒකට වැඩ පිළිවෙලක් නොතිබීම. තව තියෙනවා. ජවිපෙ දිනා ගැනීමට වැඩ පිළිවෙලක් නොතිබීම. දැන් ඒ අඩුපාඩුව හදාගෙන තියෙනවා ඒගොල්ලෝ.
ජාතික හෙළ උරුමය කියලා ඒ කාලේ එකක් තිබ්බා. ඒක දිනාගෙන දැන් ඒක නැත්තටම නැති වෙලා තියෙනවා. ඔන්න ඔහොම තියෙනවා ඒකේ හොයාගත්තු කාරණා 10ක් 12ක් තියෙනවා. එකක් උඩම තියෙන එකක් මහා සංඝරත්නය දිනා ගැනීමට හෝ දුර්වල කිරීමට නොහැකිවීම. අන්න දැන් ඒ අඩුපාඩු හදාගනිමින් යනවා.
නිදහස ලැබුවයින් පස්සේ කිසිම රජයක මහ සඟරත්නය නැති වුණේ නැහැ. හැම පක්ෂයකම, කොමියුනිස්ට් පක්ෂයෙත් හිටියා මහා සංඝරත්නය. මේමේ ඉහළම මට්ටමෙන් හිටියා. ඉතින් කොමියුනිස්ට් පක්ෂය කියන්නේ වඩා භෞතිකවාදී පක්ෂයක් කියලනේ ලේබල් කරන්නේ. ඒකෙත් හිටියා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයෙත් හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් හිටියා. පක්ෂවලට කිසිම බැඳීමක් නැති ස්වාමීන් වහන්සේලාත් හිටියා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලාත් තීරණාත්මක වෙලාවක කිසියම් පක්ෂයක් අරගෙන රටට මග පෙන්වීමක් ලබා දීපු අවස්ථා තිබුණා.
ඒ වෙලාවලවල අනිත් පැත්තේ හිටපු අයද සංඝයා වහන්සේට ගැරහුවේ නැහැ. කශ්සප කියලා නමින් කතා කළේ නැහැ. වනාචාරියා කිව්වේ නෑහැ. ඒක තමයි බෞද්ධ ශික්ෂණය. තමන්ට විරුද්ධ වෙන මතයක් දැරුවෙයි කියලා භික්ෂුවට ගරහන්න ගියේ නැහැ. එහෙම එහෙම අත්දැකීමක් අපේ රටේ තිබුණේ නෑහ. දැන් මොකක්ද වෙන්නේ?
දැන් අන්න නෝර්වේ අර “සාමයේ ඉත්තෝ” කියන වාර්තාවේ තිබිච්ච ප්‍රධාන කාරණය, භික්ෂු සංස්ථාව, ආගමික සංස්ථාව බිදවට්ටන්න, භික්ෂුවගේ ප්‍රතිරූපය නැත්තටම නැති කරලා මේ රටේ තීරණාත්මක විදියට බිඳදැමීම. ආන්න ඒ තව මෙහෙයුම් ගොඩක් අතරේ ඒ “මෙහෙයුම” කරගෙන යනවා. මේ මෙහෙයුම යන්නේ ආණ්ඩුවේ සම්පූර්ණ අනුග්‍රහයෙන්. දැන් මේක වෙනවා කියලා මිනිස්සුන්ට තේරෙනකොට එකපාරට පටන් ගන්නවා.... මොකක්ද... සාමනේර භික්ෂූන් වහන්සේලාගේ ගෙවල් වල, මොනවද මේ.... ගෙවල් නැත්නම් හදලා දෙන්න. එකපාරට පුදුම දුකක් පහළ වුණා ශාසනය ගැන. අපි ඕක පටන් ගත්තේ මම නිවාස ඇමති ඉන්න කාලේ “සසුනට සෙවනක්” කියන ව්‍යාපෘතියෙන්.
මතකයි ඒ හිටපු කෙටි කාලේ ඇතුළ මම ගෙවල් දෙදහසකට වඩා රටේ වටේම මේ සාමනේර භික්ෂූන් වහන්සේලා හිටියා නිවාස නැති. ඒ අයගේ පවුල්වලට හදලා දුන්නා. ඒක කොපි කරලා තමයි ඔය මොකක්ද “අලුත් නමක් දාගෙන” කරන්නේ. අඩු ගානේ තමන්ගේම වැඩ පිළිවෙලක්වත් නැහැ. ඉතින් එතකොට දැන් අපි ඒ කරේ හිතේ තියෙන ගිල්ටිකමක් නැති කරගන්න නෙවෙයිනේ. අපිට චෝදනාවක් නැහැනේ කොහෙවත් ශාසනයට විරුද්ධ වෙනවා භික්ෂු ප්‍රතිරූපයට ගරහනවා කියලා. ඒක අපි බොහොම ආදරෙන් මේ භක්තියෙන් ලැදියාවෙන් කරේ.
මේක එහෙම නෙවෙයි. මේක කරන කුප්ප වැඩේ කැත වහගන්න මෙන්න ධාතූන් වහන්සේ පෙන්නනවා වගේ, භික්ෂූන් වහන්සේලාගේ මුල් ගෙවල්වලට ගෙවල් හදලා දෙනවයි කියලා කියනවා. ඔය කිව්වට හදන ගෙයකුත් නැහැ. ඔය 10 ක් 15 ක් හදයි, ඊට වඩා හැදෙන්නේ නැහැ. කවුරුත් ඕක අහන්නේ නැහැනේ දැන් කීයක් හැදුවද කියලා. මේ මේ දැන් එනවා නිකන් ඒගොල්ලන්ට පේනවා මහා සංඝරත්නය සම්පූර්ණයෙන් ඒගොල්ලොත් එක්ක විරුද්ධව ඉන්නේ කියලා, ආන් එතකොට ඒක ටිකක් නිවාගන්න උපක්‍රමයක් හැටියට එහෙම එකක් ගේනවා. එතකොට දැන් මෙහෙම මේ රටේ මහා සංඝරත්නයට... ස්වභාෂාවටත් එහෙමනේ.
දැන් ප්‍රවර්ධනය කරන්නේ... දැන් අද ලෝකයේ ජර්මනිය, ප්‍රන්සය, ඉතාලිය යනාදී යුරෝපයේ මේ කෙරුමක්කාර රටවල් බොහොමයක්... ඇමෙරිකාවෙත් ඇතැම් ප්‍රාන්ත ස්මාට් දුරකථන වලින් අවුරුදු 16 ඉඳන් සමහර රටවල් වල. එක්කෝ 14. ඊට වඩා යටින්... මේවයේ සමාජ මාධ්‍යවලට යන එක තහනම් කරනවා. සමහර රටවල් නීති ගෙනල්ලා සමහර රටවල් නීති ගෙනෙන්න ලෑස්ති වෙනවා. ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත පියවර ගනිමින් ඉන්නවා.
ඇමෙරිකාවේ එක්තරා විද්‍යාඥයෙක් කියනවා. ජෙන් සී පරම්පරාවට කලින් හිටපු පරම්පරාවට වඩා “ජෙන් සී” පරම්පරාව බුද්ධි මට්ටමෙන් හීනයි කියලා. ලෝකේ පරම්පරාව වෙනස් වෙනකොට හැමටම වෙලා තියෙන්නේ කලින් පරම්පරාවට වඩා ඊළඟ පරම්පරාව බුද්ධි මට්ටමෙන් ප්‍රබලයි. එතකොට ඒ ඒ ගමනේ පළවෙනි වතාවට අපි ඔය කියන්නේ ජෙන් සී කියලා. ජෙන් සී කියන පරම්පරාව ගැන ඒ ඇමරිකානු විද්‍යාඥයා කියනවා ඒගොල්ලන්ට කලින් පරම්පරාවට වඩා ඒගොල්ලෝ බුද්ධි මට්ටමෙන් හීනයි කියලා. හේතුව මොකක්ද?
හේතුව කියලා කියනවා මේ තාක්ෂණික මෙවලම්වලට වහල් වීම, ජීවිතයේ වැඩි කාලයක් ඒවා එක්ක ගත කිරීම. ඇලේ දොලේ පැනලා නාන දරුවා අඩුයි. කැලේ කොලේ ගිහිල්ලා ක්‍රීඩා කරන දරුවෝ අඩුයි. යාළුවෝ ඉන්නේ දැන් අන්තර්ජාලය ඇතුළේ. යාළුවෝ ඉන්නේ සමාජ මාධ්‍ය ඇතුළේ. යාළුවෝ මේ අල්ලපු ගෙදරත් නෑහැ. මේ හවසට පිට්ටනියේ සෙල්ලම් කරාපු යාලුවොත් නෑහැ. ඉතාම මේ තාක්ෂණික මෙවලම් විසින් කෘතිම දරුවෙක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ දරුවට ගැඹුරුවට හිතීමේ ශක්තියකුත් නැහැ. ඒ විද්‍යාඥයා කියනවා ගණිතයේ හැකියාවත් අඩුයි. ඔය යම්කිසි බුද්ධිමය හැකියාව මනින එකක් තමයි ගණිතය. එතකොට එහෙම තියෙද්දි දැන් ඒ රටවල් ඒවා හොයාගෙන දැන් ඒවයෙන් වෙනස් වෙන්න හදනවා.
මේ අපේ ස්මාට් පන්තිකාමර ගැන.... දැන් ඔය පින්ලන්තේ වගේ රටවල් දැන් ස්මාට් පන්ති කාමර අයින් කරලා. ආය මේ අර නෝට්බුක් එක අරගෙන ලියන වැඩේට දරුවා දානවා. ඇයි කියනකොට මොලේ හැකියාව දියුණු වෙනවා. මෙහෙම මෙහෙම කරනවා වගේ නෙවෙයි. මේක මෙහෙම කරනකොට ඒකෙන් මොලේ වර්ධනය වෙනවා. දැන් අපි අර යුරෝපයේ කට්ටිය අත්හදා බලලා එපා වෙලා වැඩේ ඇනගෙන අතහරින්න හදන එක දැන් අපේ හරිනි නෝනලා කරේ තියාගෙන ඉන්න හදනවා.
ඒ විතරක් නෙවෙයි අපේ හයේ පන්තියට දානවා කුණුහරුප වෙබ් අඩ වියට යන පාරත්. අහම්බයක් නෙවෙයිනේ. සංචාරක අධිකාරිය කියනවා LGBTQ ප්‍රවර්ධනය කරන්න එන්න කියලා ලියුමක් ගහනවා. ඊට පස්සේ කියනවා ඒ ලියුම අයින් කරගන්නවා කියලා. ඒවා අහම්බ නෙවෙයිනේ වැරදිලා නෙවෙයිනේ. මේ අර ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා LGBTQ කිව්ව අයගේ සුළුතර ලිංගික ප්‍රජාවගේ සියලු අයිතිවාසිකම් පිළිගන්නවයි කියලා. වැරදිලා නෙවෙන්නේ. ඒ ප්‍රතිපත්තියට අනුකූලව සංචාරක අධිකාරියෝ කියනවා එන්න. එන්න LGBTQ කට්ටිය එන්න... අපි ඔගොල්ලන්ට පහසුකම් දෙනවා කියලා. වැරදිලා නෙමෙයිනේ. ඒ අතරේ හය පන්තියේ පොතටත් ඒ ප්‍රතිපත්තිය අනුව අර වෙබ් අඩවි යනවා. වැඩේ පත්තු වුනාම “බයි මිස්ටේක්” කියනවා. දැන් කවුරුහරි නිලධාරියෙක්ගේ පිටින් ඕක යනවා.
ගියපු වෙලාවට ඒ නිලධාරියෝ දෙන්න කියයි... අපෙන් නෙවෙයි මේක වුනේ... මෙන්න මේගොල්ලන්ගෙන් කියලා. ඒ හින්දා දැන් බයෙත් දඬුවමක් නොදී ඉන්නවා. එතකොට බලන්න... මේ ගහන්නේ අපේ සංස්කෘතියට. අම්මට වඳින ගාථාව නෑහැ දැන්. අපේ බුද්ධාගම පෙළපොත. තාත්තට වඳින ගාථාව නෑහැ. දැන් මේගොල්ලෝ කියන්නේ වඳින්න එපා කියලනේ. වැඩිහිටියන්ට වඳින්න එපා. මංගලනේ ඕක මුලින්ම කිව්වේ. දැන් මේගොල්ලෝ මංගලගේ පැටව්ණේ. ඔය මේ ඉන්නේ මේ රෝහණ විජයවීරගේ පැටව් නෙමෙයි. මේ නියම මංගලගේ පැටව්. රනිල්ගේ පැටව්. ඔය රනිල්ව හිරේ දානවා වගේ කිව්වට මේ ඒගොල්ලන්ගේ පැටව්. නවලිබරල්වාදයේ පැටව්. වාම වෙස් ගත් නවලිබරල්වාදී පැටව්. ඒකනේ අර IMF නෝනා ආවම හරිනි ඒ නෝනාව බඳාගන්නේ ගැලවෙන්න බැරි විදිහටම. ඒක පුදුම බඳාගැනීමක්. දැන් කියන්න පුළුවන් බලන්නකෝ ලෝකේ තියෙන පිළිගැනීම එහෙමනේ ඒ පුංචි කට්ටිය සතුටු වෙන්නේ.
ෆිදෙල් කැස්ත්‍රෝ කිව්වේ මේ IMF එකෙන් ආධාර බලාපොරොත්තු වීම මේ “යක්ෂයාගෙන් හාදු බලාපොරොත්තු වීම” වගේ කියලා. ෆිදෙල් කැස්ත්‍රෝ කිව්වේ මම නෙවෙයි. IMF එකෙන් ආධාර පිහිටක් බලාපොරොත්තු වීම යක්ෂයාගෙන් හාදු බලාපොරොත්තු වීම වගේ කියලා. දැන් කොහොමද යක්ෂණිය ඇවිල්ලා හාදු දෙනවා .ඉඹගෙන ඉඹගෙන යනවා. හරි සතුටෙන් හාදු ගන්නවා. ඉතින් මේවා දැක්කම.. මේවා තේරෙන අපිට කොහෙන්ද හිනා වෙන්නේ කියලා හිතාගන්න බැරිව අපි කල්පනා කර කර ඉන්නවා.
දැන් එතකොට මේ ගහනවා සසුනට. මේ රටේ සංස්කෘතික මූලයන්ට පදනමට. දැන් බලන්න ඊයේ අර මහා සංඝරත්නය සඟ සමුළුවක් තිබුණා. බුදුඅම්මේ මේ ජෙපි බලකාය සමාජ මාධ්‍යවල කාලා බීලා හොඳට සූදානම් වෙලා මහා සංඝරත්නයට අපහාස කරන්න ගරහන්න ගහන ගැහිල්ල.
ඒගොල්ලෝ ෆොටෝත් ගහලා දානවා අර කවුද මේ කොහෙද අර අනුරාධපුර රාජාංගනයේ හාමුදුරුවොද කවුද එක්ක. හාමුදුරුවෝ එක්ක. හාමුදුරුවෝ කිව්වට මම දන්න තරමෙන් නිකායනුත් අයින් කරා. මම දන්නේ නෑහැ ඒක. ඒත් බුද්ධ චීවරයක් දරාගෙන ඉන්න නිසා මම කියනවා හාමුදුරුවෝ කියලා. ඉතින් ඒ හාමුදුරුවෝ බොහොම සබ්ය හාමුදුරු කෙනෙක්නේ නේද? උන්වහන්සේ ත්‍රිපිටකයේ ධර්මය ඇරෙන්න වෙන කිසිවක් දෙසා වදාරන්නේ නෑහැ. උන්වහන්සේ අර ජවිපෙ කට්ටිය අනිත් හාමුදුරුවන්ට කියන අර ධර්මයේ මගම යනවා. ඒ හින්දා ඒගොල්ලෝ ෆොටෝත් ගහනවා එකට ඉඳගෙන. ඒකට අපි සාදු සාදු සාදු සාදු සාදු කියන්න ඕනේ. දැන් ඒකට කිසිවෙක් ගරහන්න යන්නේ නැහැ. හැබැයි අර සඟ සමුළුවට, එතන හිටපු ස්වාමීන් වහන්සේලාට බුදු අම්මේ.... සුද්දගේ කාලෙවත් එහෙම ගැරහුවේ නෑහැ. සුද්දගේ කාලෙවත් එහෙම ගැරහුවේ නැහැ.
උතුරේ කොටියා ඒගොල්ලන්ගේ සමරු දින තියෙනවා. ඒගොල්ලෝ එතකොට දන්නේ නැහැ. ඒවා දැක්කේ නැහැ. ඒවා ගැන මුකුත් නැහැ. හැබැයි මහ සඟරුවන මෙතනට ඇවිල්ලා තමන්ගේ ශාසනයට වෙන අගතිය ගැන කියනකොට... අන්න සම්පූර්ණ ජෙපි බලකාය උන්වහන්සේලාට විරුද්ධව පහරදෙනවා. බුද්ධ චීවරයට ගරහලා, ශාසනයට ගරහලා මේ රටේ අන්න අර මුදුන් මුලට, මහා ශක්තියට පහර පිට පහර වෙනවා.
එතකොට තමයි අර පුරාවිද්‍යා ස්ථාන.... දැන් අහනවා මේ ශාසනයට මොකද වෙලා තියෙන්නේ හානියක් නැහැනේ කියලා. අපි මේ මොකක්ද ගෙවල් හදලා දෙනවයි කියලා. අන්න යන්න වවුණියාවට. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවල සියලු ඒ ඓතිහාසික ඉඳිකිරීම් ගලවලා ඒකේ හිටවනවා ශිවලිංගේ හරි මොනවාහරි හින්දු ආගමික සංකේත. මහ දවල්. පොලීසියක් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් නෑ. ජේවීපී එකේ පොලීසිය ඒවා දිහා බලන්න එපා කියලා තියෙන්නේ. පුරාවිද්‍යාඑකට ඒවා දිහා නොබලා ඉන්න කියලා කියෙන්නේ. ඓතිහාසික ස්ථානවලට බෞද්ධ ස්ථානවලට යන පුවරු ටික ගලවනවා ප්‍රාදේශීය සභාවේ. නඩු නෑ. ඒ ඔක්කොම වෙන්න ඉඩ හැරලා තියෙනවා. ඒ සහජීවනය වෙනුවෙන්. සංහිඳියාව වෙනුවෙන්.
මෙතන ඒකට විරුද්ධව කතා කළොත් අන්න කියනවා ජාතිවාදය කියලා. මහා සංඝරත්නයට පහර ගහලා අපිට පහර දෙනවා. ගරහමින් ගරහමින් යනවා. මේ රටේ අර අලුත් පරම්පරාවට උගන්නනවා භික්ෂූත්වය කියන එක ගණන් ගන්න ඕනේ නෑහ ඕකට දෙන්න ඕනේ. ඇයි ඒකනේ කියන්නේ? අපිට ගහන්න ආවොත් සිවුර දාගෙන හරි. කෝට්එක ඇඳගෙන හරි. ඔව් ඇඳුම මොකක් වුනත් අපිට ගහන්න ආවොත් අපි ගහනවා. දැන් ඒක තමයි උගන්නන්නේ පැටවුන්ට ඒගොල්ලන්ගේ හිච්චිය එකාලට උගන්නන්නේ ඒ ක්‍රමය. දැන් මේ ක්‍රමයට මේ රටේ යන්න ඉඩ දෙන්න පුළුවන්ද? මේකද? මේ රටට ඕන ක්‍රමය? මහත් සඟරුවන නෙවෙයිද චිරාත් කාලයක් මේ රටේ අද මේ මට්ටමේ සභ්‍යත්වයක් පවතින ප්‍රමාණයට හරි රැකගත්තේ.
ඔය මහා ලොකු ලිංගික අධ්‍යාපනය දීලා හොඳට හැදියාව හදලයි කියලා කියන ඇමෙරිකා එක්සත් ජනපදය අර “එප්ස්ටයින්” කියලා මිනිහෙක්ගේ දූපතේ කරපු සෙල්ලම් ටික දැන් ඔක්කොම ඇවිල්ලා තියෙනවානේ. අවුරුදු 11 හේ 12 හේ ගෑණු දරුවන් අරන් ගිහිල්ලා බිල් ක්ලින්ටන්ට දීලා ට්‍රම්ප් මහත්තයත් ඒ දූපතේ නෙවෙයි වෙන කොයි දූපතක හරි හම්බුනයි කියලා කියනවා. ඊළඟට ලෝකයේ ඉන්න මේ මේ “බිල් ගේට්ස්ලා” ලෝකයේ ඉන්න ඔක්කොම පකීර්ලා දූපතට ගෙනල්ලා මේ අවුරුදු 10 11 12 දැරවියෝ ලිංගික භාණ්ඩ හැටියට පාවිච්චි කරන්න ඉඩ දීලා. ඒ දරුවන් ඊට පස්සේ මරලා. ඒ දරුවන්ගේ මස් ලේ අමුවෙන් බීලා. ඒ මලසිරුර පුච්චලා ඒ අලුවලින්.... මොනවද අපි කියන්නේ මේ මේ බෙල්ට් මේ බේස්ලට් හදාගෙන, මගේ අතේ තියෙන්නේ පිරිත්නූල විතරක් හින්දා මට ඕක මතක නැහැ. බේස්ලට් හදාගෙන. එතකොට අන්න එතන සභ්‍යත්වය. අන්න එතන ගුණය. කොහොමද ඒක....
අඩුගානේ මෙහෙ නරකම එකෙක්ගෙන්වත් එහෙම දෙයක් අපිට අහන්න තියෙනවද? නරකම එකෙක්ගෙන්වත්.... අන්න එතන ඒක ..... එතනින් තමයි ලෝකේ පාලනය කරන්නේ ඒ කට්ටිය තමයි. එතන තමයි කවුද විද්‍යාඥයෝ ඉන්නවා ඉහළ පෙළේ. බිල් ගේට්ස්ලා ඉන්නවා. තාම 1% යි හෙළිදරව් වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඉතුරු ටික එළිදරව් නොකර ඉන්න හදනවා. රෙද්ද ගැලවෙන හින්දා. එතකොට බලන්න එහෙව් ලෝකෙක එහෙව් හැංගිච්ච ජීවිත. එහෙව් ලෝකයක් තමයි මේගොල්ලෝ කියන්නේ ශිෂ්ඨ සම්පන්න ලෝකය කියලා. එතන තමයි වැලිව්ස් තියෙන්නේ. එතන තමයි වටිනාකම් තියෙන්නේ. දැන් හදන්නේ අපිවත් ඒ මජර ලෝකෙට අරගෙන යන්න. මජර ලෝකෙට අරගෙන යන්න. ඒ නිසා තමයි බුදු දහමට තියෙන තැන අඩුකරමින් කරන්නේ.
ඒ නිසා තමයි ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන මකලා දාන්න ඉඩ දීලා ඉන්නේ. ඒ නිසා තමයි අම්මට තාත්තට වඳින ගාථා අයින් කරන්නේ. අම්මට තාත්තට වඳින්නේ නැති, අම්මට තාත්තට සලකන්නේ නැති, අම්මට තාත්තට වටිනාකමක් දෙන්නේ නැති. අර බටහිර සමාජ එහෙමනේ. අවුරුදු 19න් කොල්ල කෙල්ල එළියට යනවා. ඊට පස්සේ අම්මා මැරුණොත් මල්බොකේ එකක් එවනවා. එක්කෝ ඇවිල්ලා දවසක්, අන්තිම දවසේ කටයුතු කරන දවසේ පොඩ්ඩක් ඇවිල්ලා ඉඳලා බායි කියලා යනවා. කනත්තට යන්නෙත් නැහැ.
ඒ ඒක තමයි මේ දෙන්න හදන්නේ පරමාදර්ශී ජීවන රටාව හැටියට. මේ නවලිබරල්වාදී වම්මු. නියම නවලිබරල්වාදී ඊනියා වම්මු. මේවද දෙන්නේ.... හැම පැත්තෙම දේශපාලන වශයෙන් අයි එම් එෆ්.... ඒක තමයි නවලිබරල්වාදයේ දිසාව. ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් අපේ සභ්‍යත්වයට ශිෂ්ඨාචාරයට ගරහලා ඒක වට්ටන එක ඒ තමයි සංස්කෘතික නවලිබරල්වාදී ප්‍රහාරය. ලිංගිකත්වය පැත්තෙන් එල්ජීබීටීකියු ප්‍රවර්ධනය කරලා, අපේ ඉන්න හොඳට ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඒ විසකුරු ජීවිතයට ගොදුරු කරගන්න එක. ඒක තමයි ඒ පැත්තෙන් ප්‍රහාරය. හැම පැත්තෙන්ම. ශාසනයට ගහන එකත් මේකේ ප්‍රධාන ව්‍යාපෘතියක්. වෙනද ඕව කරේ පිටින් ඇවිල්ලා.
දැන් 76 වසරක් අප්සට් කියලානේ මේක ගත්තේ. වෙනද ඕක කරේ පිටින් ඇවිල්ලා. දැන් කොහොමද? කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? අනුරාධපුරේ තඹුත්තේගමින්. වෙන දා අඩුම ගානේ ලන්ඩන්වලින් නිව්යෝක්වලින් ඔහොම ඇවිල්ලා වැඩේ දෙන්නේ. එක්කෝ මේ කරුදුවත්තෙන්. දැන් බලන්නකෝ තඹුත්තේගමින් ඇවිල්ලා කුරුදුවත්තෙන් දෙන්න ඕන වැඩේ දෙන්නේ. තඹුත්තේගමින් ඇවිල්ලා කරගෙන යනවා. එතකොට කොහොමද.... මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එතකොට තේරුම්ගත්තට ආපහු හරවන්න තියෙන අවස්ථාව නැති වෙනවා.
මේගොල්ලෝ ඉතින් හොරකම් කරන්නේ නෑ කියලනේ ආවේ. ඒකනේ මේගොල්ලන්ගේ හොඳම වස්ත්‍රය. හොරු ඇල්ලීම සහ හොරකම් නොකරන පාලනයක් පිහිටුවීම. දැන් මේගොල්ලෝ කිව්වේ ආර්ථික අර්බුදය හැදුනේ හොරකම හින්දා. හොරු හොරකම් කරපු සල්ලි ටික අපි ගේනවා. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. හොරකම අපි නොකර ඉන්නවා. එතකොට කොහොමත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඕකනේ කිව්වේ සරල සූත්‍රය ඕක. එහෙම නැතුව නිෂ්පාදන ආර්ථිකයක් ගේනවා. කර්මාන්ත හදනවා. විදේශ විනිමය ඉපයීම වැඩි කරනවා. ඒවා කිව්වේ නෑ.... දැන් “MAS” එක වහලා යන්න හදනවා. ඇඟලුම් කර්මාන්තශාලාව. ලංකාවේ තියෙන, අපිට සාමාන්‍යයෙන් ඇඟලුම්වලින් හම්බවෙන්නේ අවුරුදකට බිලියන් පහයි. ඕකෙන් බිලියන් දෙකක් විතර මාස් “MAS” කියන කම්පැනි ඒකෙන්. දැන් ඒකේ දැන් තුල්හිරිය ෆැක්ටරික් ගැලව්වා 1400 ක් විතර වැඩ කරන මිනිස්සු ඉන්න. දැන් ඒගොල්ලෝ... 38 ක් තියෙනවා ෆැක්ටරි. ඒවා ක්‍රම ක්‍රමයෙන් ගලවලා ඉන්දියාවට යන්න හදනවා. ඇයි? ට්‍රම්ප් මහත්තයාගේ බදු නිසා. බදු අපිට 20% යි ඉන්දියාවට 18% යි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දීලා ඒ ට්‍රම්ප් මහත්තයා ගහපු බදු වැරදියි කියලා. ඒකට කේන්ති ගිහිල්ලා ට්‍රම්ප්කාරයා අද අලුත් බද්දක් ගහලා. හැම රටටම අලුතෙන් තව 10% ක් ගහලා. එ් යකාට කේන්ති යන පාරට බදු ගහනවා. කවුරු හරි යවලා මිනිහව සතුටෙන් තියාගන්න ඕනා. දැන් කොහොමහරි අපිට වඩා අඩුයි ඉන්දියාවට තියෙන බදු. කලින් අපිට වඩා වැඩියි. දැන් අපිට වඩා අඩුයි. ඉන්දියාවේ බලශක්ති පිරිවැය අපිට වඩා අඩුයි. ශ්‍රමය මිල අපිට වඩා අඩුයි. දැන් මොකක්ද එතකොට මෙහෙ ඉන්න ෆැක්ටරිකාරයෝ බලන්නේ. ඉන්දියාවට යන්න. මෙහෙ එක ගලවනවා වහනවා ඉන්දියාවට යනවා. එතකොට අපේ තිබ්බ ශ්‍රමිකයාගේ අර ස්මාට් කමනේ තිබ්බේ. නූල් හරියට මැෂින් එකේ මහනවා එහෙම මෙහෙම පනින් නෑ. අර ඩැමේජ් වෙන ඒවා හරි අඩුයි අපේ අයගේ. ඉන්දියාවේ ශ්‍රමිකයා එහෙම ස්මාට් නැහැ. හැබැයි දැන් මේගොල්ලෝ මොකද කරන්නේ... “ඒ අයි” වලින් ඒ ප්‍රශ්නේ විසඳගන්නවා.
දැන් දෙයියනේ “ඒ අයි ලා” සින්දු කියන කාලේ. ඒ අයි වලින් එනවුස් කරන කාලේ. ඒ අයි වලින් කතා පවත්වන කාලේ. ඒ අයි වලින් නිදියා ගන්න කාලේ. ඉතින් මොනවද කරන්න බැරි? මොනවද කරන්න බැරි? ඉතින් ඒ නිසා දැන් ඒගොල්ලෝ ඒ ස්මාට් ලේබර්ස් කියලා එකක් දැන් ඕන වෙන්නේ නැහැ. ඒ අයි වලින් ඒක කරගන්නවා. ලාභ ශ්‍රමය එතන තියෙනවා. ලාභ බල ශක්තිය එතන තියෙනවා. ලාභ බදු අඩු බදු එතන තියෙනවා. පිට රටට යද්දිත් එතනින් යනකොට බදු අඩුයි. එතනට යනවා “MAS”ලා. මෙතන නැති වෙනවා. දැන් විදේශ විනිමය මේ තියෙන ටිකත් නැති වෙනවා. කෝ වැඩ පිළිවෙලක්. කෝ මාර්ගයක්.
තව 13% දශම ගානක් ඉදුලි බිල වැඩි කරන්න හදනවා. නොරොච්චෝලට හොර බාල ගල්අඟුරු ගෙනල්ලා. බාල ගල් අඟුරු ගෙනල්ලා. නැව් අටක් ගෙනල්ලා. නැව් අටම බාලයි. බාල ගල්අඟුරු දානවා දැන් කොයි වෙලේ හරි අරකේ බොයිලේරුව පිපිරෙනවා. එහෙම වුනොත් මාස හයක් යනවා අඩුම හදන්න. ටෙන්ඩර් එක දැම්මේ කාලේ අඩු කරලා. කලින් තිබුනේ දින 42 ක් දෙනවා ටෙන්ඩර් එකට එන්න. මේ පාර දින 21 ක් කළා.
ඇයි තමන්ගේ ඕනි එකාව අනිත් අයට කලින් ඕන එකාව ගෙන්න ගන්න. ටෙන්ඩරේ පිරිවිතර කොන්දේසි මේකට ගෙන්න ගන්න ඕන කෙනාට අනුව වෙනස් කළා. මෙහෙමනේ..... දුන්නු කප්පම ලොකු වුනාට ගත්තු එකාට, හොඳ ගල් අඟුරු දෙන්න බැහැ. හොඳ ගල් අඟුරු දුන්නොත් අර විදියේ කප්පමක් දෙන්න බැහැ. කප්පම දුන්නම ගෙන්න වෙන්නේ බාල එක. කෝ. කප්පමක් දීලා හොඳ එක දෙන්න පුළුවන්ද? එහෙම නෑ. එතකොට අඩු අඩු වටිනාකමක් තියෙන බාලගල්අඟුරු තමයි ගෙන්නේ. ඉතින් මේ කප්පම ගත්තා.. කප්පම දුන්නම ගෙන්න වෙන්නේ කොලිටි අඩු එක. ඉතින් බාල එක ගෙනාවා හරිනං ගිවිසුමට අනුව නැව් දෙකක් කොලිටි ෆේල් වුනොත් ගිවිසුම අවලංගුයි. දැන් ඒක කරන්න පුළුවන්ද කප්පම ගත්ත මිනිහට? බැහැ. ඇයි අරු කියනවානේ අපේන් මෙච්චර ගානක් අරගෙන මේක බාලයි කියලා දැන් මොකක්ද ඔය කරන්නේ? රෙද්ද ගැලවෙනවනේ. දැන් ඉතින් අර මොනවද කෑව එකා වගේ... දැන් නැව් අටක් එනවා බාල ඒවා. ඒත් ගන්නවා. නොරොච්චෝල දුවනවා. මෙහෙම පට්ට හොරකමක් මෑත ඉතිහාසයේ ලංකාවේ වෙලා නැහැ. මේකෙන් වෙන්නේ විදුලි පාරිභෝගිකයාට 13% නෙවෙයි. ඊළඟට ඩීසල්වලින් විදුලිය උපදවන්න වුනොත් නොරොච්චෝලෙත් කැඩිලා. ඒ ඔක්කොම බර ජනතාවට දරන්න වෙනවා. එතකොට කර්මාන්ත කියන එක නැත්තටම නැති වෙනවා.
මේ යන්නේ 2028 එන ණය ගෙවීමේ අභියෝගය ජය ගන්න පාරේ නෙවෙයි. වැළලෙන පාරේ. ඒ නිසා තමයි ක්‍රිස්ටිනා නෝනා ඇවිල්ලා හාදු දීලා ඉඹලා මිරිකගෙන ඉඳලා හරිනිලට කියන්නේ.... ඔය පාරෙන්ම යන්න. ඔගොල්ලෝ හරි ෂෝක්. අපි කියනවටත් වඩා හොඳින් ඔගොල්ලෝ අපේ පාරේ යනවා කියලා. යන්න... ප්‍රපාතය ළගයි... නියමයි වල තියෙනවා කපලා වැළලෙන්න කියලා. ඒගොල්ලෝ විතරක් නෙමෙයි වැළලෙන්නේ ජාතියත් එක්ක වැළලෙන්නේ.
ඉතින් ඒ නිසා අපිට තියෙනවා ලොකු වගකීමක්. අපි මේ භාර ගත්තේ ආසන සංවිධායකකම් නෙවෙයි.... තමුන්නාන්සේලා අපි භාර ගත්තේ මෙන්න මේ ඉරණමින් මේ රට බේරගන්න වගකීම. අද විරුද්ධ පක්ෂ දේශපාලන පක්ෂ තිබ්බට කාටවත් මේ පිළිබඳ ගැඹුරු කියවීමක් නෑ. එක එක එක්කෙනා තමන්ගේ බලය වෙනුවෙන් විතරක් දේශපාලනය කරනවා. ඒගොල්ලෝ බලනවා මේ මේකට හද්දා අමාරුවේ වැටිලා ජාතියත් නැත්තටම නැති වෙලා ඔක්කොම වෙලා අන්තිමට බිංදුවට වැටෙන වෙලාවේ හරි ඔටුන්න තමන්ගේ ඔලුවට ආවොත් ඇති කියලා.
එහෙම නරුම චින්තනයකින් මේ රට දිහා බලලා කවදාක්වත් මේක ගොඩගන්න බැහැ. බල ලෝබයෙන් විතරක් බෑහ. මෙතනට ඕනේ මේ වෙන විපත තේරුම් අරන් ඒකට ප්‍රතිපක්ෂව අභියෝගාත්මකව ඒකට රැහැණිව යන ගමනක් පිළිබඳ විශ්වාසනීය වැඩ පිළිවෙලකුත් එක්කයි මෙතනට නායකත්වය ඕනේ. එහෙම නැතුව ඔය සිද්ධ වෙච්ච විදියේ බල පෙරලියකින් මේ රට මේ තියෙන ඉරණමෙන් ගොඩගන්න බෑ. ඔගොල්ලෝ දන්නවා අපිට ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා. අද මේ ආසන සංවිධායකයන්ට අපේ කොඩිය අරගෙන අපේ මතය අරගෙන අපේ අදහස අරගෙන අපේ ස්ථාවරය අරගෙන තමන්ගේ ආසනවලට ගිහිල්ලා මේ අලුත් දේශපාලන මාවත, ඒක වඩ වඩා ශක්තිමත්ව දිගේලි කරන්න. ඒ කොඩිය මේ රටේ දහස් සංඛ්‍යාත මිනිස්සු අතරට රැගෙන යන්න ඒ වෙනුවෙන් සුවිශාල කැපවීමකින් කටයුතු කරන්න ඔබ මේ වගකීමෙන් භාරගන්නේ.
අපි හිතනවා මේ රට වෙනුවෙන් මේ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ ශාසන හානීකර විනාශකාරී ගමන පරාජයට පත් කරලා යහපත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඒ වගකීමෙන් කටයුතු කරාවි කියන විශ්වාසය අපිට තියෙනවා.
කලිල් ජිබ්බ්‍රාන් කියන කවියා ඔබ දන්නවා. අහලා තියෙනවා. එතුමා මෙන්න මෙහෙම කවියක් කියනවා මම මේකේ සිංහල පරිවර්තනය ඔබට ඉදිරිපත් කරනවා.
ඔහු කියනවා...
“ඉන්ද්‍රජාල මායාවෙන් කුසල් ධර්ම වසා තබන ජාතිය,
අහෝ ඔබ තුච්චයි.
තම විලි වසන්නට අනුන් වියු රෙදි අඳින,
තම කුස පුරවන්නට අනුන් වපුළ බත බුදින ජාතිය අහෝ ඔබ තුච්චයි.
රණබිරුවාගේ දජයෙන් මැරයන්ට පාවඩ එළන
ආක්‍රමණිකයාගේ ඉඳුල් රස මසවුළු කර වළඳන
රෑ නින්දෙන් එකහෙලා බැහැර කළ දේ
උදෑසන අවදියෙන් සිත් සතුටින් බාරගන්න ජාතිය
අහෝ ඔබ තුච්චයි.
අවමගුල් පෙරහැරේ හඬ ගා කියවන්නට
අතීත ශ්‍රී විභූතිය ගැන දොඩමළු වෙන්නට පමණක්
වචන රැකගෙන හිස ඔබා නිහඬව සිටින
ගහලයාගේ අසිපත තුඩ පහළට එද්දීද සටන් නොකරන ජාතිය
අහෝ ඔබ තුච්චයි.
සිඟාලයකු රජපුටුවේ අසුන්දරා නන් දොඩවන්නන් වියතුන් ලෙස පසසා
කෑලි මූට්ටු කරන්නන් අනුකාරකයන් කලාකරුවන් කරගත් ජාතිය
අහෝ ඔබ තුච්චයි.
බැස යන හිරුට පසුපස හරවා නැග එන හිරුට නමස්කාර කරන
වැඳ පිළිගත් හිරුටද නැවත පසුපස හරවන
උගතුන් මුව නොහරින යෝදයන් තවමත් තොටිල්ලේ නැළවෙන ජාතිය
අහෝ ඔබ තුච්චයි.
ජාතිය කැබලිකොට එම කැබලිවලින් වෙනවෙනම රටවල් තනන ජාතිය
අහෝ ඔබ තුච්චයි.
ඒ කවියේ තව එක පෙළක් නැවතත් මම කියනවා.
“අවමගුල් පෙරහැරේ හඬ කියවන්නට අතීත ශ්‍රී විභූතිය ගැන දොඩමළු වෙන්නට පමණක් වචන රැකගෙන හිස ඔබා නිහඬව සිටින, ගහලයාගේ අසිපත පහළට එද්දී සටන් නොකරන ජාතිය... අහෝ ඔබ තුච්චයි.”
අපට තියෙන්නේ ඉරණම් දෙකයි. ඒ තුච්ච ජාතියක් ලෙස වැනසෙනවද? වීර අභිමානවත් ජාතියක් ලෙස මේ අගතියට එරෙහිව සටන් කොට ජය ලබනවද. ඒ ජය ලැබීමේ මාවත තෝරාගත්තු ඔබට ඒ සටන ජයග්‍රහණය කෙළවර කිරීම දක්වා බලවත්ව බලසම්පන්නව ඉදිරියට කරගෙන යන්න ශක්තිය හා ධෛර්ය ලැබේවා කියා පතමින් ඔබ සියලු දෙනාටම සුභ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ජය වේවා ජාතික නිදහස් පෙරමුණට ජය වේවා මාතෘභූමියට ජය වේවා ඔබ සැමට ජයන් ජයම වේවා!