අපරාධකරුවන් හඳුනාගෙන ඇතැයි අම්බලන්තොට පොලිසිය කියයි
දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී කපා කෙටීමෙන් ලද බරපතල තුවාල හේතුවෙන් තිදෙනා ම මියගොස් ඇත. අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තුවාලකරුවන් මියගොස් ඇතැ යි පොලිස් ආරංචි මාර්ග කියයි. මේ මිනිස් ඝාතන තුන සිදුවී ඇත්තේ අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ ප්රදේශයේ යි. ඔවුන් අම්බල්තොට, ඇලේගොඩ, මාමඩල ප්රදේශයේ පුද්ගලයින් ය.
ඝාතනයට ලක්වූවන් වයස හවුරුදු 29, 35 හා 45 ක පුද්ගලයන් ය.
නීතිවිරෝධී මත්පැන් ජවාරමක් මේ ආරවුලට පාදක වී ඇති බව පොලිසියට ලැබී ඇති තොරතුරු ය.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරමින් සිටී. .