උණුසුම් පුවත්දේශපාලන

අයවැයෙන් පස්සෙ ඡන්දෙ තියන්න

මැතිවරණ කොමිසමෙන් විපක්ෂ නායක ඉල්ලයි

වසර ගණනින් පළාත් පාලන මැතිවරණය කල් දමන විට සමගි ජන බලවේගය අධිකරණයට ගොස් මැතිවරණය පැවැත්විය යුතු බවට අධීකරණ ක්‍රියාදායමය ඉටු කරමින් ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළ බවත් පැරණි නාමයෝජනා මත තිබූ ගැටලුකාරි තත්ත්වය මත ඒවා අවලංගු කර නව නාමයෝජනා වැඩපිළිවෙළකට ප්‍රවේශවිය යුතු ය යන්නට සියලු දෙනා කෙන්දේසි විරහිතව සහයෝගය දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66 ක්  සහ පක්ෂ රාශියක් ඇති බවත් අයවැය ක්‍රියාදාමය තුළ විශාල කාර්යභාරයක් ඇති බවත් මේ වන විට දෙවැනිවර විවාදය පවත්වා 25 වැනි දා ඡන්දය විමසන බවත් ඉන්පසු කමිටු හා කාරක සබා අවස්ථා ක්‍රියාත්මක බවත් ඒ කාලයේ ව්‍යවස්ථාදායකයේ කාර්ය ඉටු කරන්න මන්ත්‍රීවරුන් සියලු දෙනා බැදී සිටින බවත් සභාවේ පමණක් නොව විවිධ කමිටු ඇති බවත් මේ අයවැය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාදායකය තුළ ඉටු කළ යුතු වගකීම ඉටු කර කරන්න අවස්ථාව ලබා දී මාර්තු 21න් පසුව මැතිවරණ වැඩසටහනට යොමුවන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුවය.

විවිධ කණ්ඩායම් මැතිවරණ කල් දමන්න අහනවා ඉල්ලනවා කියා කතා කියන බවත් මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අතිශය සංකීර්ණ දෙයක් බවත් අලුතින් පාර්ලිමේන්තුවට ආව අයට මේවා මහලොකු දේවල් ලෙස නොපෙනුනත් ඒවා ගැන ඔවුන් දන්නේ නැත්නම් පොත්පත් කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම නිසා අයවැයෙන් පසු මේ මැතිවරණ කටයුතු කරන්න කියා ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට සම්බන්ධ පාර්ශ්ව මැතිවරණ කොමිසම රූකඩයක් ලෙස සලකන්න රජයේ නායකයන් කටයුතු කරන බවත් ආණ්ඩුවට මැතිවරණ පවත්වන දින නාමයෝජනා ලබා දෙන දින ආදිය තීරණය කළ නොහැකි බවත් ආණ්ඩුවේ අය මේවා පටලවාගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.