උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

අරගලයේ අතුරු කතාවක් එළිදකී

මුල් පිටපත ඇමති නලින්දට

නිහාල් පී ජයතුංග ගේ නවතම නිර්මාණ කෘතිය අරගලයේ අතුරු කතාවක් අද (30) නිකුත් විය. අරගලයේ අතුරු කතාවක් නවකතාව හේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගැන්විණි.
සම්මානනීය ගත්කරුවකු වන නිහාල් පී ජයතුංගයන් විසින් මේ වන විට ලියා පළ කරැති නවකතා, කෙටිකතා, පද්‍ය, ළමා කතා, 37 කි.

නිහාල් පී ජයතුංග පස් හවුරුද්දකුත් අඩ වසක් වැලිකඩ ද යාපනයේ ද කොග්ගල පුනරුත්ථාපන කඳවුරේ ද සිරදඬුවම් විඳිමින් ගෙවූ දිවිය ගැන ඔහු කතා කරනවා නම්.....? ඒත් ඒ ගැන ඔහු තවමත් පන්හිඳ පත් අතරේ නුදුවවීම මහත් මැ අපරාධයකි.

ඔහු සිය කුළුඳෞල් නිර්මාණ කෘතිය පළ කරන්නේ 1977 දී ය ඒ ලොව සරසන මල් නමිනි. බැංකු ණයක් ලබාගෙන ඔහු ටම් කෘතියත් එම හවුරුද්දේ ම 'යුග පෙරළිය' ත් ජනගත කෙළේ ය.

1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වීම නිසා හවුරුදු පහමාරක් සිරගෙවල ගත කරද්දී පෑනට පෙම් බැන්ද නිහාල් පී ජයතුංග අඳුරු සිර කුටිය තුළ දී කුරුටු ගගා ලියන ලද නිර්මාණ කෘති ගණන 04 කි. එයින් දෙකකට ම ඔහු ඇගැයීමට ලක්වෙන්නේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙනි.

සිපිරිගෙය සරසවියක් කරගත් නිහාල් පී ජයතුංග එදා මෙදා තුර ලියන ලද නිර්මාණ කෘති අතරින් දෙකක් සිනමා තිරකතා ය.

ගිම්හානය උදා නොවන්නයි, සදාතන සෙනෙහසක්, උතුරට ගිය සෙබළකුගේ කතාවක්, භීෂණයේ අතුරු කතාවක්, කළු බළල්ලු, මාංචු හා සෙනෙහස, මල්ලිකාවෝ සහ නූතන අංගුලිමාල, සිත්තරකුගේ කතාවක්, රුහිරු පූජා, ඇතුළු නවකතා, කෙටිකතා, ළමා කතා, හා මාතර වංශය 1 හා 2  සුගත් වටගෙදර හා හවුල්ව කරනා ලද සංස්කරණ කෘති දෙකකි.