විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රකාශයක්
2022 වසරේ ක්‍රියාත්මක වූ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, රටේ තාරුණ්‍යයට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළ ලබා දිය හැකි දායකත්වය ප්‍රවර්ධනය කිරීමට, පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට රටේ තරුණයන්ට එක්වීමට, අවස්ථාව ලබා දී 400 කට ආසන්න තරුණ තරුණියන්, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල, සාමාජිකයන් ලෙස එක් කර ගෙන, ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා තාරුණ්‍යයේ මතය සහ අදහස්, ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ බවත්, වත්මන් රජය බලයට පත් වූ පසු, ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර, තරුණ සහභාගිත්වය ඉවත් කර ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, අද විපක්ෂ නායක කාර්යාලයේ දී අධීක්ෂණ කාරක සභා අහිමි වූ, තරුණයන් මුණ ගැසුණු අවස්ථාවේ දී ය.
අරගලය ඉල්ලා සිටි යෝජනාව ක්‍රියාත්මක වී, වසර දෙකක් තුළ නව රජය පත්වී, මේ තරුණයන්ට තිබූ අවස්ථාව ඉවත් කර ඇති බවත්, ඒ අවස්ථාවේ තරුණයන් මේ අධීක්ෂණ කාරක සභාවලින්, ඉවත් කිරීමට විරුද්ධව, සමගි ජන බලවේගය අදහස් ඉදිරිපත් කළත්, රජය ඊට ඇහුම්කන් නොදී ඇති බවත්, රජය තරුණ අරගලයේ පොරොන්දු කඩකර ඇති බවත් ටප්‍ර්මදාස මහතා සදහන් කළේ ය.
එබැවින් මේ යොවුන් නියෝජනත්වය, නැවත වරක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැ යි ද, 25% ක් වන යොවුන් පරපුරට, මේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවස්ථාව ලබා දීම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ වගකීමක් යැයි ද, තරුණයන්ගේ හඩ ප්‍රතික්ෂේප කර, රටකට ඉදිරියට යා නොහැකි යැයි ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
