උණුසුම් පුවත්දේශපාලන

අරගලෙන් දේපොළ හානි වූ මැති ඇමතිලා කෝටි122,41,34, 707 වන්දි අරන්

බෙදපු හැන්දක තරම

එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත් සිය තිස් හතක මුදලක් හිටපු මැති ඇමතිවරුන් 43 කු විසින් දේපොළ වන්දි සේ ලබාගෙන ඇතැ යි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේ ය.

ඒ ඉකුත් අරගල සමයේ ඊට සම්බන්ධ පිරිස් විසින් එකී මැති ඇමතිවරුන් ගේ ගේ දොර දේපොළ ගිනිබත් කොට විනාශ කිරීමෙන් සිදු වූ හානියට වන්දි ලෙස යි. මෙයින් වැඩි ම මුදලක් ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව ද ඇමතිවරයා සඳහන් කළේ ය. සමහර උදවිය වන්දි ලබාගැනීම සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කරැති බව ද ජයතිස්ස මහතා කීවේ ය.

සාමාන්‍ය ජනයාට වගා හානියකට ගංවතුර හානියකිාන් කැඩුණු නිවසකට වන්දියක් ලබා ගන්නට කොතරම් වෙහෙසක් දරන්නට සිදුවී ඇද්දි යි ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා මේ දේශපාලන සංස්කෘතීය වෙනස් කරන්නට ජාතික ජන බලවේගය බලයට ආවේ ඒ සඳහා යැ යි ද කීය.

ඇමති ජයතිස්ස මහතා වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන් 43 ගේ නම් හා ඔවුන් ලබා ගෙනැති රුපියල් ලක්ෂ ගණන් මුදල් කොපමණ දැයි පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.