ආරක්ෂකඋණුසුම් පුවත්

අරගල ඇතිකර රටවල් ගණනාවක රාජ්‍ය පාලනය පලවා හැරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇතැ යි ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කියයි

ශ්‍රී ලංකාවේ අරගලයක් දියත් කෙරුණේ ජෝජ් සෝරෝස් ගේ (USAid) අරමුදලින් බව ට්‍රම්ප් හෙළිකරයි

මේ සඳහා ජෝජ් සෝරෝස් වෙත යූඑස් ඒඩ් (USAID) ආයතනයෙන් ඩොලර් මිලියන 260 ක මුදලක් ලබාදී ඇති බවත් ඩොනල්ඩ්ට්‍ඩ්රම්ප් ජනාධිපතිවරයා පවසයි. ඒ ඔහු ගේ X ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. ඇමරිකානු නව ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ ආරක්ෂක නිෂ්කාශන අයිතීන් අවලංගු කරන බවට ද එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා (07) නිවේදනය කළේ ය.

ධුරයෙන් ඉවත් වීමෙන් පසු ද එක්සත් ජනපද ජනාධිපතිවරුන්ට බුද්ධි තොරතුරු උකහා ගැනීම උදෙසා ඇති අයිතිය ආරක්ෂක නිෂ්කාශනය යනුවෙන් සඳහන් ය

එක්සත් ජනපද ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව පවා සාම්ප්‍රදායිකව දිනපතා බුද්ධි තොරතුරු ලබා ගැනීමේ අයිතිය එමගින් හිමිව පැවතුණි.

"ජෝ බයිඩන්ට රහසිගත තොරතුරු ලබාගැනීමේ ප්‍රවේශය දිගටම අවශ්‍යතාවයක් නැහැ" ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවන්හි ආරක්ෂක නිෂ්කාශනය අවලංගු කිරීම නිවේදනය කරමින්,  සටහන් තබා ඇත.

මෙය බයිඩන්ගේ ක්‍රියාවලටට්‍ රම්ප්  එකට එක කිරීමක් සේ සැළකේ.

2021 වසරේ බයිඩන් ජනාධිපති ධුරයට පත් වූ පසු ඔහුගේ පුර්වගාමියා වූ ට්‍රම්ප්ගේ ආරක්ෂක නිෂ්කාෂනය අවසන් කිරීමට මේ ආකාරයෙන් පියවර ගෙන තිබුි

 කැපිටල් කෝලාහල ඇති කිරීමට මුල්වීම පිළිබඳ සිය කණස්සල්ල පළ කරමින්  බයිඩන් එම පියවර ගත්තේ ට්‍රම්ප්ගේ හැසිරීම හුවා දක්වමිනි.