උණුසුම් පුවත්විශේෂාංගසංස්කෘතික

අස්ගිරි පාර්ශ්වීය අනුනායක ධූරන්ධර අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නා හිමිපාණෝ අපවත් වී වදාළහ

හෙළදිව සාතිශය සංවේගයෙන් දන්වා සිටිම්හ

මහා විහාර වාංශික ශාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වීය අනුනායක ධූරන්ධර අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නා හිමිපාණෝ අපවත් වී වදාළ බව අස්ගිරි පාර්ශ්වය විසින් නිවේදනය කරැගි වග හෙළදිව සාතිශය සංවේගයෙන් යුක්තව සකල රටවැසි ලෝ වැසි ජනතාව වෙත මෙසේ දැනුම් දෙනු ලබම්හ.

මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වුහ. ඒ හදිසි හෘදයාබාධයක් වැලඳීමෙන් රෝගාතුරවීමෙනි.
අපවත්වන විට ධම්මදස්සි නාහිමිපාණෝ  67 වැනි වියේ පසුවූහ.
අපවත් වී වදාළ නාහිමිපාණන්ගේ ආදාහ  පූජෝත්සවය ඉන්අනිද්දා  (24)  බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිත ය. ඒ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය.
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වීය අනුනායක නාහිමිපාණන් වහන්සේට නිවන් සුව!