ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනසංස්කෘතික

අසුබ රුව සුබ දසුනක් කළ දිනය

ලොව කාන්තාවන් විමුක්තිය ලද දිනය අද!

ශාස්ත්‍රපති පුජ්‍ය මහගම සීලානන්ද හිමි

බුද්ධ කාලීන  භාරතීය  කාන්තාවගේ  ඉරණම  තීන්දු  වන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම්  මතයි

ක්‍රි පූ 6  වන සියවසේ වනිතාව මුළුතැන්ගෙට පමණක් සීමාවූ සමාජ අසාධාරණයට ලක්වූ ඉතා අවාසනාවන්ත චරිතයකි

ආගමික  සාමාජික  අධ්‍යාපනික සියලුම  වරප්‍රසාද  පිරිමියාට  පමණක් සීමා විය

ඇය හැදිමිටේ නුවණැති දැකීම ත් ඉතා අසුබ දසුනක් ලෙස සමාජයෙන් කොන් කොට තිබුණි කුඩා කාලයේ පියා යටතේත් යෞවන  වියේ ස්වාමියා යටතේත් මහලු වියේ පිරිමි දරුවන් යටතේත්  කල් යවන්නට සිදුවීම මහත් අභාග්‍යයකි
ඇතැම්විට  ස්වාමියා මියගිය වැන්දඹුවට සති පූජාවට මුහුණ දීමට සිදු විය එනම් ස්වාමියා දැවෙන ගිනි මැලයට පැන දිවිනසා ගැනීමයි
එය නොකරන්නේ නම් සියලු අබරණ හැර හිස මුඩු කොට සුදුවත් හැද පතිනියක ලෙස මුළු දිවියම ගෙවිය යුතු විය
දියණිය  ඉපදීම මුළු ගෙදර ටම අසුබ වූවක් ලෙස සලකන ලදී  මේ අදුරට ආලෝක ය ගෙනා කාන්තා විමුක්ති යේ පුරෝගාමී යා බුදුන්වහන්සේ ය
බිනර පෝදිනෙක  මහා ප්‍රජාපතිගෝතමී ඇතුළු 500  කතුන් ට කහසිවුරු පොරවා භික්ෂුනීන් වහන්සේ ලා ලෙස  නිවන් මඟ සොයා යෑමට ඉඩකඩ ලබාදුනි

ඒ අනුව ගැහැණිය තෙරණියක් වී පිළිවෙත් පුරමින් මඟ පල ලබාගත්හ

ඛේමා උප්පලවණ්ණා සෝමා නන්දා මල්ලිකා වැනි චරිත ප්‍රකටය

එපමණක්  නොව භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අතර කාන්තාව උපාසිකාව ක් ලෙස බුහුමනට  ලක් විය  විශාඛා  අග්‍ර දායිකාව වූවය

ගෘහිණිය ක් ලෙස ලිපමුල්ලේ අසරණවූ කත මවක් ලෙස ගෞරවය ට පාත්‍ර විය

අම්මා ගෙදර  බුදුන් ලෙස ඇගැයීමකට  ලක්වූහ

 මෙසේ බුදුසමයෙන් කාන්තා නිදහස සුරක්ෂිත  විය  

පසු කාලයේදී ශ්‍රී  ලාංකීය මෙහෙණි සස්න සංඝමිත්තාවන්ගේ  ආගමනයෙන් සිදුවිය
වර්තමානයේ ලොව ජනාධිපති වරු අගමැතිවරු රැජිණිය න් පවා  කාන්තාවන් අතුරෙන්  ලොව බිහිවීම බමුණු  ආකල්ප දෙදරා යාමකි