උණුසුම් පුවත්කාලීනදේශපාලන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් හරි

ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා පත් කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්  එකඟ වී ඇත.

මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා රංජිත් ආරියරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් සේ අනුමත වී ඇති තිදෙනා යි.

 ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් ලෙස ක්‍රියා කළ වෛද්‍ය අනූජා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමානුජම් සහ මහාචාර්ය දියන්ෂා සමරරත්න මහත්ම මහත්මීන්ගේ නිල කාලය පසුගිය දා අවසන් වූයෙන් උක්ත නම් යෝජනා සම්බන්ධයෙන් ඔවුනතර  සාකච්ඡා පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සිවිල් සමාජ සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව මත කථානායකවරයා විසින් පත් කළ යුතුවේ.
මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ, රාජ්‍ය නීතිය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය ලෙස සේවය කරන්නී ය.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයකු ලෙස ද  රාජ්‍ය සේවයේ උසස් තනතුරු රැසක් ද දරන ලද අත්දැකීම් සහිත කීර්තිමත් නිලධාරියෙකු සේ ප්‍රචලිත ය.
 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස රංජිත් ආරියරත්න මහතා ද අත්දැකීම්වලින් පිරිපුන් චරිතයකි.