මම තඹුත්තේගම ගොවි පුතෙක්. කිසිම ආහාරයකට මම බද්දක් ගහන්නේ නෑ කියලා. හාල් සේරුවකට 65 ක් ගහනවා.

එක්සත් ජනරජ පෙරමුණ විසින් කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ මහ නගර සභාව වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පවත්වනු ලැබූ පළමු ජන හමුව රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය අසල දී කෝට්ටේ මහ නගර සභා අපේක්ෂක දුතාංග සෙනවිරත්න මහතාගේ සංවිධානයෙන්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදීමෙහිදී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුව පොරොන්දු කඩකර ඇති බවත්, ජනතාව නොමඟ යවා ඇති බවත්ය. විශේෂයෙන්ම, සහල් සහ ආහාර බදු පිළිබඳ ජනාධිපතිවරයාගේ පොරොන්දුව කඩකර ඇති බවත්, විදුලි බිල අඩු කිරීමේ පොරොන්දුව ඉටු නොකළ බවත් ඔහු චෝදනා කළේය.
"හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නෑ මම ගොවි පුතෙක් තඹුත්තේගම. කඩවෙලා ඉවරයි. දෙවෙනි එක කිසිම ආහාරයකට මම බද්දක් ගහන්නේ නෑ කියලා. හාල් සේරුවකට 65 ක් ගහනවා. හාල්මැස්සෝ 100 ක් ගහනවා. ඒ වගේම පාන්පිටි කිලෝවකට 44 ක් ගහනවා. කිරිපිටි කිලෝවට 150 ක් ගහනවා. සීනි වලට රුපියල් 49 ක් ගහනවා."
විදුලිය තුනෙන් එකකින් අඩු කරන බවට අනුර දිසානායක විසින් දෙන ලද පොරොන්දුව ඉටු නොකළ බවත්, සූර්ය බලශක්තිය කපා දමා ඩීසල් සහ ගල් අඟුරු භාවිතා කිරීම නිසා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
වත්මන් ආණ්ඩුව හොරු අල්ලන බවට ප්‍රකාශ කළ ද, සැබෑ හොරුන් අල්ලා ගැනීමට අපොහොසත් වී ඇති බවත්, දේශපාලන පළිගැනීම් සිදුකරන බවත් ඔහු පෙන්වා දුන්නේ ය. බටලන්ද වධකාගාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා රනිල් වික්‍රමසිංහ මහතාට නඩු පවරන ලෙස ද, ඔහු අනුර දිසානායක මහතාට අභියෝග කළේය.එමෙන්ම, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණට ඡන්දය ලබාදෙන ලෙසත්, කෝට්ටේ නගර සභාවේ ගැටලු විසඳීමට තම පක්ෂයට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.
"අපිට දෙන්න කෝට්ටේ නගර සභාව. යාචක ප්‍රශ්නේ, සුනඛ ප්‍රශ්න, ඒ වගේම පිරිසිදුකමේ ප්‍රශ්න, කසළ ප්‍රශ්න ප්‍රායෝගිකව විසඳන මං පෙතක් අපි ඉදිරිපත් කරනවා. අලුත් ආදායම් උපදවන හැටි ගැන කියනවා. ඒ සඳහා වැදගත් පිරිසක් අපි මේ සභාවට යවමු." යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් පැවසීය.
අප්‍රේල් 24 වනදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවත්, 2018 පැවති මැතිවරණ ක්රමයම ක්‍රියාත්මක වන බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළ අතර, මැතිවරණය මුලින්ම 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද, එවකට පැවැති ආණ්ඩුව මුදල් නොමැති බව පවසා එය කල් දැමූ බවත්, නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව මැතිවරණය පැවැත්වීමට සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේ ය. 2019 සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු ජාතිය සහ ආගම බේරා ගැනීමට වීරයෙකු අවශ්‍ය බව පවසා ජනතාව නොමග ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බවත් ප්‍රකාශ කල රණවක මහතා; 2022 දී ජනතාව පාරට බැස ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කල බව ද සිහිපත් කළේ ය.
ශ්‍රී ලංකාව තවමත් බංකොලොත් භාවයෙන් මිදී නොමැති බවත්, ණය ගෙවීමේ කාලය 2042 දක්වා කල් දමා ඇති බවත්, 2028 සිට නැවත ණය ගෙවීමට සිදුවන බවත් රණවක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. ජනතාව පැරණි දේශපාලඥයන්ට එපා යැයි පවසා නන්නාඳුනන පුද්ගලයන් 150 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට යැවූ බවත්, නමුත් ඔවුන් බොරුකාරයන් බව දැන් ජනතාවට වැටහී ඇති බවත් ඔහු පැවසීය.
මෙම අවස්ථාවට එක් වූ එක්සත් ජනරජ පෙරමුණේ කෝට්ටේ සංවිධායක, මධ්‍යම කාරක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා, ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්; එක්සත් ජනරජ පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් තෝරා ගැනීමේ දී "ගමට ආදරය කරන, වංචාව, දූෂණය, හොරකම, නාස්තිය සහ අපිට අපේ පක්ෂයේ නියෝජිතයෙක් කියලා අත දිග ඇරලා පෙන්නන්න පුළුවන් මිනිස්සු තමයි ගන්න ඕනේ" යනුවෙන් චම්පික රණවක මහතා උපදෙස් දුන් බව ප්‍රකාශ කළේය. "අපි බොහොම සීමිත පිරිසක් මැණික් හෝදලා හොඳම මැණිකක් ගන්නවා වගේ තමයි තෝරලා තෝරලා මේ කොට්ඨාශයට මේ අයියව අපි නම් කරගත්තේ" (දූතාංග සෙනෙවිරත්න මහතා)
"වෘත්තිකයෙක් විදිහටත්, අපි මේ ගමේ ආශ්‍රය කරන මිනිස්සු විදිහටත් ගිහිල්ලා යාලුවෙක්ට කියන්න පුළුවන්ද මගේ හිතවතෙක්ට කියන්න පුළුවන් ද, නායකයා මෙයයි කියලා. මට අත දික් කරලා පෙන්නලා කියන්න පුළුවන් පුද්ගලයෙක් මට හිටියේ නෑ" එහෙත් "අවුරුදු ගණන් ඇමතිකම් කළා, මහා විශාල ඇමතිකම් කළා, මෙතුමාට එක දූෂණ චෝදනාවක් නෑ. බොරු චෝදනා හොයලා හොයලා දාලා තියෙනවා ඒවත්, මහ උසාවියෙන්, ඒවා නවත්තලා විසිකරලා දාලා තියෙනවා" චම්පික රණවක මහතා දූෂණ චෝදනා නොමැති නායකයෙකු බැවින් "බය නැතුවම, මුළු අතම දික් කරලා කියන්න පුළුවන් අපේ නායකයා මෙහෙමයි කියලා" යනුවෙන් රජික කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය.
"අපි එක්සත් ජනරජ පෙරමුණ කියලා අපි පක්ෂයක් පිහිටුවේ, මෙතුමාගේ නායකත්වය යටතේ. ඒ පක්ෂය පිහිටෙව්වට, අපි ඒ පක්ෂයක් විදියට තරඟ වදින පළවෙනි මැතිවරණය මේක. ඒ තරඟ වදින්නේ ඉතාම යහපත්, ඉතාම හොඳ මිනිස්සු කණ්ඩායමක් එක්ක. ඒ කියන්නේ අර පිළුම් වෙච්ච එවුන් නෑ. දුතා අයියා ක්‍රිකට් පුහුණුකරුවෙක්. ඒ වගේම ආයතනවල වැඩ කරලා තියෙනවා. එතුමාට ඒ ඒ සමාජය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නිදහස එන්නේ එතුමාට කිසිඳු ප්‍රශ්නයක් නැතුව තමන්ගේ පවුල තමන්ගේ ජීවිතය ගෙනියන්න පුළුවන් ආර්ථික තත්වයක් තියෙන නිසා" යනුවෙන් ද, ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික, කෝට්ටේ ආසනයේ සංවිධායක නීතිඥ රජික කොඩිතුවක්කු, කෝට්ටේ මහා නගර සභා අපේක්ෂක දුතාංග සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
කෝට්ටේ මහා නගර සභා මන්ත්රීධූරාපේක්ෂක දුතාංග සෙනෙවිරත්න මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.