උණුසුම් පුවත්ක්‍රීඩාවිනෝදාස්වාද

ආදරවන්තයින්ගේ 121 වැනි හටන ජය පැරදුමෙන් තොරව නිමා වූ වගයි!

තරගටය් වීරයා මහින්දෙ මානිත රාජපක්ෂ - අවියානා කුසලානය ඔහුට

ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද විදුහල් අතර 121 වැනි වරට පැවැති ආදරවන්තයින්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ජය පරාජය තොරව අවසන් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති ආදරවන්තයින්ගේ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් රිච්මන්ඩ් පිල, පළමු ඉනිමට ලකුණු 315ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි මහින්දීය පිතිකරුවෝ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු නමයක් දැවී ලකුණු 333 ක් රැස් කොට ඉනිම අත්හිට වූහ.

 දෙවැනි ඉනිම තරග කළ රිච්මන්ඩ් පිල කඩුල්ලක් දැවී ලකුණු 83 ක් රැස්කර තිබිය දී තරගය නිමා කෙරුණි.

දිනෙත් පැහැසර මහින්ද විදුහල වෙනුවෙන් පන්දු 201 කට මුහුණ දී ලකුණු 124 ක් රැස් කළේ හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සිය ගිණුමට බැරකර ගනිමිනි. ඔහු තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මානයට පාත්‍ර විය.

මහින්ද පිල වෙනුවෙන් කඩුලු 5 ක් බිඳ දවා ගනිමින් ලකුණු 58 ක් රැස් කරමින් දස්කම් දැක්වූ මානිත රාජපක්ෂ තරඟයේ වීරයා සේ සම්මානයට හිමිකම් පෑවේ ය.

රිච්මන්ඩ් පිලේ මිනඟ ආරියදාස දක්ෂතම පන්දු යවන්නා ලෙසත් පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්තේ ය.

මෙම තරඟයේදී තරඟයේ වීරයා වූ මහින්ද විද්‍යාලයේ මානිත රාජපක්ෂට අවියානා  කුසලානය දායාද කර ගත්තේ ය. ආදරවන්තයින්ගේ හටනට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දුන් ශ්‍රී ලංකාවේ පළමු තරු 07 හෝටලය වන අවියානා සිලෝන් (Aviyana Ceylon) සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා කුසලානය පිරිනමන ලද්දේ ය. තිසර හේවාවසම් මහතා රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි