ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට එල්බී ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ50 ක පරිත්‍යාගයක්

ඉදිරියේ දී තව දුරටත් සහාය දෙන බව සමාගම කියයි

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එල්බී ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.

ඊට අදාළ චෙක්පත එල්බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා විසින් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත්  සහාය ලබා දීමට බලාපොරොත්තු වන බවද එල්බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා මෙහිදී ජනාධිපති ලේකම්වරයාට සහතික විය.