වට වංගු ගහල වැඩක් නෑ කළයුතු නිවැරදි දේ ජාතික ආපදා කළමනාකරණ සභාව, සක්‍රිය ආයතනයක් බවට පත් කිරීම යි.

මේ ලියුම්කරු අම්පාර, රත්නපුර හා කොළඹ දිස්ත්‍රික්ක තුනෙහි ම මහ දිසාපතිවරයකු සේ සේවය කළ කාර්යශූරව රාජ්‍ය නිලධාරියෙකි. මීට ටික කලකට පෙර රජයේ සේවයෙන් ඉසුඹු ලද සුනිල් කන්නන්ගරයෝ විවිධ අවස්ථාවන් හි තමන් ලද අත්දැකීම් සම්භාරයෙන් ලියන ලද මේ ලියවිල්ල කෙරෙහි වගකිවයුතු තැන්වල නෙත් සිත් යොමුවුවහොත් එය ජාතියේ මහා වාසනාවක් ය යන්න හෙළදිව විශ්වාසය යි.

රටේ ආපදා කළමනාකරණය, පිළිබඳ ඉතිහාසය, ආපදා පිළිබඳ ඉතිහාසයෙන් ඉතා සුලු කොටසකි. ආපදාවන් නිසා සිදුවූ හානී පිළිබඳ වාර්තා දිගු කලක් තිස්සේ අප ජාතිය සතුය. වැඩිදෙනා නොදනිතත් බ්‍රිතාන්‍ය පාලන සමයේ 1883දී ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යාමෙන් ඉන්දුනීසියාවේ ඇතිවූ ආපදාවෙන් ඇති වූ උදම් තරංග නිසා (සුනාමිය ) මේ රටේ අරුගම්බේ කලපුවේදී පස්දෙනෙකු රළ පහරට හසුව තුවාල ලද බවත් ඉන් එක් අයෙකු මිය ගිය බවත් වාර්තා වී ඇති අතර එවක අරුගම් වරායේ නවතා තිබූ නාවික යාත්‍රා රාශියකට අලාබ හානි සිදුවුණු බවත් වැඩිදුරටත් වාර්තා කර ඇත. 1907 ඇති වූ දැවැන්ත සුළි කුණාටුවකින් මඩකළපුව දිස්ත්‍රික්කයේ මරණ 64 ක් වාර්තාවී ඇති අතර නිවාස ඇතුළු පොදු ගොඩනැගිලි 1842 ක් විනාශවී ඇත. පොල්ගස් 371053 ඉදිරී වැටී ඇති බවත් ගවයින් 1436 මියගොස් තවත් බොහෝ දේ සමග සිදුවූ සමස්ත අලාබය රුපියල් 3872072.00 ලෙසට ගණන් බැලීම් ද කර ඇත. මින්පසු 1913, 1939, 1947, 1957, ආදී වර්ෂවල දැවැන්ත ගංවතුරු වලින්ද ශ්‍රී ලංකාවට හානි සිදුවූ බවට වාර්තා පවතී. අපගේ මතක කාලයේ 1978 දී දරුණු සුළිකුණාටුවකින් නැගෙනහිර පළාතට බලවත් හානියක් සිදු විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටම ගංවතුර නිසා නිවාස හානි සිදුවූ අඩු ආදායම්ලාභීන්ට නිවසයක් තනා ගැනීම සඳහා රුපියල් 100 ක සහනාධාරයක් රජය මගින් ලබාදුන් බවට 1947, ජෙනිංස් වාර්තාවේ සඳහන්ව ඇත. 2000 වසරෙන් පසු 2003 දැවැන්ත ගංවතුර හා 2004 වසර අවසානයේ සිදුවූ බිහිසුණු සුනාමි ඛේදවාචකය ශ්‍රී ලංකා ආපදා පිළිබඳ සන්ධිස්ථානයක් සටහන් කළේ ය. 2004 සුනාමි ආපදාව දක්වාම විස්තීර්ණ ආපදාවක දී රජය මැදිහත් වුණේ ආපදා සහන සේවා පැවැත්වීම හා පශ්චාත් ආපදා කළමණාකරණය පිළිබඳව ය. ස්වාභාවික ආපදා විෂයෙහි රාජ්‍ය මැදිහත්වීම මත ආපදා පූර්ව සූදානම සම්බන්ධයෙන් පැහැදිලි වැඩ පිළිවෙලක් නොවීය. ආපදා සහන සේවාව, සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පැවති විස්තීර්ණ ආපදා අංශයේ සම්බන්ධිකරණයෙන්, ඒ, ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් මගින් සිදු කරන ලදී. පූර්ව සූදානම ලෙස ගංවතුර වාර්ෂිකව බලාපොරොත්තු වන ප්‍රදේශවල ජීවත්වන්නන් ඔරු අඟුල් අලුත්වැඩියා කර ගැනීම, නිවාස තැනීමේදී සොල්දරයක් හෝ උඩ තට්ටුවක්, ඇති ලෙස සැකසීම, ආදී පුද්ගලික සූදානමක සිටියා මිස සංවිධානාත්මක සූදනමක් නොවී ය. රත්නපුරයේ ජනතාව විශ්වාස කළ දින හතළිස් පහේ ගංවතුර (සිංහල අවුරුදෙන් පසු එළඹෙන හතළිස් පස්වන දිනය)පාලින්දනුවර ප්‍රදේශයේ, ගැමි විශ්වාසයේ වූ කුණුපිදුරු ගංවතුර (යල් කන්නයේ අස්වනු ගෙටගත් පසු ප්‍රදේශය පිරිසිදු කිරීමට අගොස්තු අග හෝ, සැප්තැම්බර් මුල කාලයේ, ගංවතුරක් එන බවට වන විශ්වාසය) වැනි විශ්වාස මත පදනම්ව වියළි ආහාර එක් රැස් කර ගැනීම, නිවාසවල ගංවතුරෙන් හානිවිය හැකි ද්‍රව්‍ය හා උපකරණ, සොල්දොරය උඩ හෝ ඉහළ මහලේ තැන්පත් කිරීම වැනි, සූදනම් වීම් කරන ලදහ. ගංවතුරෙන් පසු නිවාස හානි සිදුවූයේ නම් රජයෙන් සහන සැලසිණි
2004 සුනාමි ඛේදවාචකයට පෙර සිට ම එනම් 2003 ගංවතුර ආපදාවත් සමග ආපදා කළමනාකරණයෙ රාජ්‍ය මැදිහත්වීම වඩාත් සංවිධිත කිරීමේ අවශ්‍යතාව මතුවිය. ඒ උදෙසා රජයේ අවධානය යොමුව පවතිද්දී 2004 දෙසැම්බර් 26, සිදුවූ සුනාමි ඛේදවාචකය නිසා ඒ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව මතුවිය. ඒඅනුව ආපදා කළමනාරණයට අදාළ නව නීතියක්, පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරුණි. එය 2005 අංක 13 දරණ ව්‍යසන කළමනාකරණ පණත යන නමින් හැදින්විය.
මෙම පනත මගින් මූලිකව ම ආපදා කළමනාකරණය යන වචනය නීතිගත කෙරුණා පමණක් නොව, එතෙක් රාජ්‍ය මැදිහත්වීම ලෙස පැවති, සහන සේවාවට අතිරේකව ආපදා කළමනාකරණය සඳහා වන, රාජ්‍ය මැදිහත්වීමට ද ඉඩකඩ සලසා තිබිණි. මේ නීතිය යටතේ ජාතික මට්ටමේ දී ආපදා කළමනාකරණය, වෙනුවෙන් කැපවුණු ආයතනය ලෙස, ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන්, 'ආපදා කළමනාකරණ ජාතික සභාව' නම් වූ ආයතනය ස්ථාපිත කරනු ලැබී ය. මේ ආයතනයේ සාමාජිකයින් ලෙස අගමැති, එක් එක් , විෂය භාර කැබිනට් අමාත්‍යවරු 20 ක්, විපක්ෂ නායකවරයා, විපක්ෂ මන්ත්‍රින් පස්දෙනෙකු, පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු හෝ, ආණ්ඩුකාරවරුන්, නීතියෙන් ම පත්කර ඇත. සංස්ථා ගත ආයතනයක් ලෙස වෙනම කාර්‍ය මණ්ලයක් සහිතව, පවත්වාගෙන යායුතු හා, වාර්ෂිකව විගණකාධිපතිවරයා විසින්, විගණනය සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු යැ යි පනතේ සඳහන් මේ ආයතනයට, නීතියෙන් ම නියම කර ඇති කාර්‍යන් රැසක් පවතී.
පූර්ව ආපදා සැලසුම්, පෙර සූදානම් වීම්, අවදනම් අවම කිරීම, අවදානම් කළමනාකරණය සහ ආපදා කළමනාකරණ හා අවදානම අඩුකිරීමේ ක්‍රම පිළිබඳව, ආපදා ප්‍රදේශවල ජීවත් වන්නන්ගේ ධාරිතා සංවර්ධනය, ආපදාවකදී ජීවිත ආරක්ෂා කර ගැනීමට දැනුවත් භාවය වැඩිකිරීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලියට මනා සම්පත් භාවිතය සහ ආපදාවක දී ජන ජීවිත ආරක්ෂා කිරීම සිදුවන අන්දමින් ආපදා බලපැමට ලක්වූ ප්‍රදේශ සංවර්ධනය හා නඩත්තුව, ආදි ය සම්පූර්ණ කිරීමට, ජාතික ආපදා කළමණාකරණ ප්‍රතිපත්තිය හා වැඩ සටහන් සම්පාදනය මේ ආයතනයට පවරා ඇති මුල්ම කාර්‍යය වේ. මෙම ජාතික ප්‍රතිපත්තියට අනුව ආපදා හෝ වෙනත් ඕනෑම හදිසි අවස්ථා සඳහා සූදානම් වීම, අවදානම අඩු කිරීම, හා ආපදාවන්ගෙන් ආරක්ෂා වීම හා හානිය අවම කිරීම තහවුරු කිරීම සඳහා, ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම හා හදිසි මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම, මේ ආයතනයට පැවරී ඇති, දෙවනි කාර්‍ය වේ. මෙම ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හා හදිසි මෙහෙයුම් සැලැස්ම අමාත්‍ය මංඩලයේ අනුමැතියට, ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය ද මේ ආයතනයට පවරා ඇත. මෙම ජාතික අපදා කළමනකරණ සැලැස්ම හෝ සභාව හෝ අදහස් කරන වෙනත් ඕනෑම අදාළ, ක්‍රමවේද ආපදාවකදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යැයි සභාව සලකන පියවරක් ගැනීමේ බලය ද, මේ ආයතනයට පවරා ඇත. මෙකී ආපදා කළමනාකරණ සැලැස්ම හා හදිසි මෙහෙයුම් සැලැස්ම පිළිබඳ, ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදෙන බවට තහවුරු කිරීමත්, මෙම ආයතනයට ඉහත නීතියෙන් පවරා ඇති කාර්‍යකි. මෙම පනතින් නියම කර අති සියලු රාජ්‍ය ආයතන විසින් සකස් කළ යුතු ආපදා කළමනාකරණ ආයතනික සැලසුම් සැකසීම සඳහා, මාර්ගෝපදේශ සකස් කිරීම ද, මෙම ආයතනයට පවරා ඇත. මේ ජාතික ආපදා කළමනාකරණ සභාවට පවරා ඇති කාර්‍යන් අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්තානයක් පිහිටුවා, එහි අධ්‍යක්ෂ ජනරාල් හා අනෙකුත් අධ්‍යක්ෂවරුන්, ඇමතිවරයාගේ එකඟත්වය ඇතිව. පත්කර ඊට පැවරිය යුතුයැයි පනතින් නියම කර ඇති කාර්‍යන්, ඊට පවරා ඒවා ක්‍රියාත්මක වීම අධික්ෂණය කිරීමද වැදගත් එකකි. ආපදාවකදි ක්‍රියාකාරී වියයුතු අදාළ සංවිධාන ලෙස, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ආපදා කඝමනාකරණ මධ්‍යස්තානය, නම් කර ප්‍රකාශයට පත්කි රීමට ද, ජාතික ආපදා කළමනාකරණ සභාවට බලය ඇත. එමෙන් ම අවශ්‍ය ය යි හැඟෙන රාජ්‍ය නොවන සංවිධාන ද, අදාළ සංවිධාන ගණයට ඇතුළු කිරීමේ බලයත්, මේ ආයතනයට පවතී. මේ හැර මෙම ජාතික ආපදා කළමනකරණ සභාවට වෙන ම, අරමුදලක් පිහිටුවා ගැනීමටත්, මෙම ආයතනයට පැවරී ඇති කාර්‍ය ඉටුකිරීම සඳහා, අවශ්‍ය ගෙවීම් එම අරමුදලෙන් කිරීමටත්, බලය නීතියෙන් ම ලබදී ඇත. මේ නීතිය යටතේ ජනාධිපතිවරයාට, ප්‍රකාශනයක් මගින් රටේ ආපදා තත්වයක්, ප්‍රකාශයට පත්කිරීමටත් බලය දී තිබීම ද විශේෂය. මේ බලය යටතේ ජනාධිපතිවරයා, ආපදා තත්වයක් ප්‍රකාශ්‍යට පත් කළ පසු ආපදාවක දී ක්‍රියා කළ යුතු යැයි නියමිත රාජ්‍ය හා, රාජ්‍ය නොවන සංවිධාන වලට මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට, ඇතුළු වියයුතු වන ඕනැම ස්ථානයකට, ඇතුළු වීමටත්, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමටත්, විපතට පත්වූ හෝ පත්වීමට ඉඩ ඇති හෝ පුද්ගලයින්, සතුන්, දේපළ, ඉවත් කිරීමටත් ආපදා ප්‍රතිචාර සඳහා යෙදෙන පොලිස් හා යුධ හමුදා පැමිණෙන තෙක්, ඕනෑම මාර්ගයක් වැසීමටත්, බාධක ඉවත් කිරීමටත් අවශ්‍ය යැයි සිතන ක්‍රියාමාර්ග ගැනීමටත් බලය ලැබේ. එබඳු අවස්ථාවක ආපදා වැළැක්වීම සඳහා අදාළ කවර සංවිධානයක, කවරෙකුටවත් එරෙහිව, ඒ සඳහා කරන ක්‍රියාවන්ට එරෙහිව, නඩු පැවරීම ද කළ නොහැකි බව මේ නීතියේ සඳහන් ය
මේ අන්දමේ ආපදා කළමනාකරණයේ දී, පූර්ව සැලසුම් හා, අවදානම් කළමනාකරණයක් පිළිබඳව ඉමහත් අවධානය ඇතිව, සැකසූ ජාතික මට්ටමේ රාජ්‍ය ව්‍යුහය තුළින්, අපේක්ෂා කළේ, එතෙක් පශ්චාත් ආපදා සහන සැපයීමේ ක්‍රියාවලියේ නිරත වූ රාජ්‍ය ව්‍යුහය වූ දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරින් විසින්, ක්‍රියාත්මක කළ, හුදු සහන සැපයීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස්, ආපදා අවදානම් කලාප හඳුනා ගැනීම, අවදනම් තක්සේරුව හා, කළමනාකරණය ආපදා බලපෑම අවම කිරීම, මිනිස් ජීවිත හා දේපළ වලට විය හැකි, හානිය අවම කිරීම යන පූර්ව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටයි. මේ සඳහා ස්ථාපිත ජාතික මට්ටමේ, ප්‍රමුඛ ආයතනය වන, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇති, 'ජාතික ආපදා කළමනාකරණ සභාව' ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට, 2005 සිට දැන් වසර විස්සක් තිස්සේ, පවතින කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. ඒ වෙනුවට අවාරෙට වැහි වැටෙන්නාක් මෙන්, ඉඳ හිට ආපදා කළමනාකරණ සභාව රැස්වී, යම් යම් දේ කතාබහ කර ව්සිර යනවාට වැඩි දෙයක් ඒ ව්‍යුහයේ කෙරුණේ නැත. ආපදා කළමනා කරණ පනත අනුව, මාස තුනකට වරක්වත්, මේ සභව රැස්විය යුතුය. ඒඅනුව නියමිත පරිදි රැස්වුණා නම් රැස්වීම් වාර 80 ක් වත්, මේ වනවිට රැස්වී තිබිය යුතු ය. එහෙත් මේ ඊයේ පෙරේදා පැවැත් වූයේ 16 වන රැස්වීම ය. ඒ ආයතනයට නීතියෙන් පැවරී ඇති කාර්‍යන් ඉටුකිරීම, සඳහා පිහිටුවා ඇති ආයතනයට, මේ දක්වා කිසිම නිලධාරියෙකු බඳවා ගෙන නැත. නීතියෙන් නියමිත අරමුදල, ස්ථාපිත කර නැත. මෙයි න් කියවෙන්නේ කුමක්ද ? මේ ආයතනයේ සාමාජිකයින් වන විධායකයට අයත්, පිරිසත් ව්‍යවස්ථාදායකයේ, විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මංත්‍රීන්, පස්දෙනෙකුත් ව්‍යවස්ථාදායකයෙන් සම්මත කෙරුණු, නීතිය ක්‍රියත්මක තත්වයට පත් කිරීම, නොසලකා හැර ඇති බව නොවේ ද?
එසේ නම් 2005 ට පසු රටේ ආපදා කළමනාකරණය සිදු කළේ කෙසේද?
2005 න් පසු ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යංශයක්, ස්ථාපිත කිරීමට, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරු ක්‍රියා කළෝ ය.
මේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය ආපදා පිළිබඳව, නිරන්තර අවධානයෙන් ක්‍රියා කළ නිසා 2019 අවසන් වනතුරු ආපදා කළමනාකරණ ජාතික සභව, නොමැති වීම ගැන, අඩුවක් දැනුණේ නැත.
එම විෂයභාරව අමාත්‍යවරයා, නියෝජ්‍ය අමත්‍යවරු හෝ, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරු, ආපදා පිළිබඳ වගකීම දරමින්, ජාතික මට්ටමින් ක්‍රියා කළහ.
2019 අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ආපදා කළමනා කරණ අමාත්‍යංශය අහෝසිකර, එම විෂය ආරක්ෂක අමාත්‍යංශයට, එක් කළේ ය. එමෙන්ම දිස්ත්‍රික් ප්‍රාදේශීය හා ග්‍රාම පාලනයත්, ආරක්ෂක අමාත්‍යංශයේ විෂයක් කර, ස්වදේශ කටයුතු අමාත්‍යංශය ද, අහෝසි කර දැම්මේ ය. ඔහුට 'කොවිඩ්' ආපදාවට මුහුණ දෙන්නට වුවත්, ඔහු ඒ සඳහා කාර්‍යසාධන බලකායක්, සකස්කර ඒ හරහා එම කාර්ය, ඉටුකර ගත් නිසා එවරද ආපදා කළමනාකරණ සභාව, නැතිවීමේ අඩුව දැනුණේ නැත.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට, ජාතික සභාවේ රැස්වීමක දී, තීරණය කර තිබුණු නිසා, ඒ ආයතනය සක්‍රිය කරන ලදී. පැරණි සමාජ සේවා දෙපාර්හමේන්තුවේ, විස්තීරණ ආපදා අංශය, නව ආපදා කළමනාකරණ අමාත්‍යංශය, යටතට පත්කරන ලද අතර, ජාතික ආපද සහන සේවා මධ්‍යස්තානය, ලෙස එය හඳුන්වන ලදී. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ, විදේශීය ආධර ලබාගෙන, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන පද්ධතියක්, වෙරළ තීරය වටා ස්ථාපිත කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, දිස්ත්‍රික් කාර්‍යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කර ඇත. ඊට අතිරේකව ආපදා සහන සේවා නිලධාරින්, සෑම දිස්ත්‍රික් හා ප්‍රාලේ කාර්ය මණ්ඩල, ආපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ, අනුයුක්තව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික්කවල පුහුණු වැඩ සටහන් පැවැත්වීම, ආපදා අවදානම, අඩුකරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ආපදා අවස්ථාවක දී, බේරාගැනීමේ මෙහෙයුම්, ක්‍රියාත්මක කිරීම ට සහයවීම කරති. ආපදා සහන සේවා නිලධාරින් ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ, ග්‍රාම නිලධාරින් විසින් ආරම්භ කර, පවත්වාගෙන යන ආරක්ෂිත මධ්‍යස්තාන වල, රැඳවියන් සඳහා ජාතික සහනසේවා, මධ්‍යස්ථානය විසින් සපයන, ප්‍රතිපාදන හා ආධාර යොදා ගනිමින්, සේවා සැපයීම සම්බන්ධිකරණය කරති. මේ විපතට පත්වූවන් සඳහා, සපයන පිසූ ආහාර වල සිට වියළි ආහාර ද්‍රව්‍ය දක්වා, සියලු සුභ සාධක පහසුකම් පිළිබඳව, සහනසේවා නිලධාරින් අමාත්‍යංශයට එවන තොරතුරු, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්, සැපයූ සේවාවන් ලෙස, මාධ්‍යට ප්‍රකාශ කිරීමත් කරන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යි.
මේ හැර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය, ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය, නිල වශයෙන් එවන නිවේදනය, මාධ්‍යට ගෙඩි පිටින් ප්‍රකාශ කරන්නේ ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යි. මෙම මාධ්‍ය සංදර්ශනය නිසා, රටවාසීන් මෙන් ම, රජයේ බොහෝ අංශ සිතා සිටින්නේ, රටේ ජාතික මට්ටමේ ආපදා කළමනාකරණෙය් වගකීම ඇත්තේ, ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයට කියා ය. පෙනෙන හැටියට ජාතික ආපදා කළමනාකරණ සභාවේ සාමාජිකයින් ද, එසේ සිතා සිටින්නට ඇත. මේ පිළිබඳව මුහුණු පොතේ සටහනකට, මාදැ මූ නිරීක්ෂණයක දී, ඊට පිළිතුරක් දුන්, ආපදා කළමනාකරණයට සම්බන්ධ, නීති නිලධාරිනියක් ලෙස හඳුන්වා දුන්, කෙනෙක් ලියා තිබුණේ ආපදා කළමනාකරණ මධ්‍යස්තානය යනු, ආපදා කළමනාකරණ සභාවේ ක්‍රියාකාරි හස්තය බවයි. නීති නිලධාරිට එහෙම හිතෙන්නේ නම්, අන් අය ගැන කවර කතා ද?
පශ්චාත් ආපදා කළමනාකරණය, අනාදිමත් කාලයක සිට, නිරත වන්නේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලන ව්‍යුහය යි. ආපදාවක් සිදුවන විට ක්ෂණයකින්, එම කටයුතු ආරම්භ කිරීමට, ඔවුහු නිතරම සූදනම් ය. මෙවර ආපදාවේදී ද ඒ කටයුතු ඔවුහු මහා කැපවීමකින්, අතිමහත් දුෂ්කර තත්වයන් යටතේ වුව ද සිදු කළහ. මේ කටයුතුවල දී ග්‍රාම නිලධාරින්ට, ග්‍රාමිය මට්ටමේ සෙසු රාජ්‍ය නිලධාරින්, අගමික පූජ්‍ය ප්‍රසාදින්, ප්‍රජා සංවිධාන නායකයින්, ග්‍රාමීය මට්ටමේ මහජන නියෝජිතයෝ ද, සහය වෙති. ප්‍රාදේශිය මට්ටමේ දී ප්‍රදේශීය මට්ටමේ සෙසු නිලධාරින්, පොලිසිය පළාත් පාලන ආයතන, ස්වේච්ඡා සංවිධාන, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහය වෙති. දිස්ත්‍රික් මට්‍ටමේ දී දිස්ත්‍රික් ආයතන ප්‍රධානින්, පොලිස් නිලධාරින්, හමුදා කඳවුරු, ආගමික නායකයින්, මහජන නියෝජිතයින් ආදීහු දිසාපතිවරුන්ට සහය වෙති. මෙවර ආපදාවේදී ද, දිස්ත්‍රික් ප්‍රාදේශිය හා ග්‍රාම පාලනයේ, පශ්චාත් ආපදා සහන කටයුතු, උපරිම ශක්තියෙන් ක්‍රියාත්මක වනු දක්නට ලැබුණි.
මෙවර බරපතලම අඩුපාඩුව සිදුවුණේ, ජාතික මට්ටමේදී ය. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බලයට පත්වූ පසුවත්, ආපදා කළමනාකරණය ආරක්ෂක අමාත්‍යංශයේ, විෂයක් ලෙස ම තිබෙන්නට හැරියේ ය. ඊට ආනුශංසික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, එසේ ම ආරක්ෂක අමාත්‍යංශය භාරයේ ම තැබුණි.


මේ තාක්ෂණික ආයතනවලින්, වැසි තත්වය පිළිබඳව නිකුත් කරන නිවේදන, ආපදා සම්බන්ධ අත්දැකීම් සහිත ඒ ගැන අවබෝධ ඇති, වගකිවයුතු ආයතනයක සමාලෝචනයට, භාජනය කර, එහිදී ගතයුතු පූර්ව උපක්‍රම, පිළිබඳ නිශ්චය කළ යුතුය. උදාහරණ ලෙස මුහුදේ සුළං තත්වය හා කුණාටු පිළිබඳව, කාලගුණ නිවේදනය මත, ධීවරයින්ට මුහුදු නොයන ලෙසට අවවාද කරමින්, නිල නිවේදනය කරන්නේ, ධීවර දෙපාර්ත මේන්තුව යි. එපරිද්දෙන් වර්ෂාව සුළි කුණාටු හෝ පීඩන අවපාත ගැන, විද්‍යාත්මක නිල දත්ත ඇතුළත්, කාලගුණ නිවේදන අනුව ගංගාවල, ජලමට්ටම් තත්වය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, පුරෝකතනය කර නිවේදනය කරයි. එසේ වුව ද ගංගා ආශ්‍රිත මිනිසුන් ඉවත් කිරීම හෝ, ඉවත්වන ලෙස දැන්වීමට, තාක්ෂණික ආයතනවලට බලයක් නොමැත. ඔහුන් සිය නිවේදන හරහා ජනතාවාට, විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දීම පමණක් කරයි. ආපදා කළමනාකරණයේ පූර්ව සැලසුම් හා අවදානම්, තක්සේරුව හා අවදානම අවම කිරීම, හානි වැළැක්වීම, ජීවිත ආරක්ෂා කිරීමේ, ආදි වගකීම් දරණ ආයතන, මෙබඳු අවස්ථාවල කළ යුතු හොඳම ක්‍රියා මාර්ග, තෝරා ඒවා ක්‍රියාත්මක කළ යුතු ය. අප රටේ ඉහත විස්තර කළ පරිදි නීතියෙන් එම වගකීම පවරා ඇත්තේ, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවට ය. මේ සභාව සක්‍රිය නොකිරීමේ වගකීම, 2005 න් පසු මෙතෙක් ධුර දැරූ, සියලුම ජනාධිපතිවරුන් ප්‍රමුඛ එම සභාවේ, සියලුම සාමාජිකයින් දැරිය යුතු ය. වාසනාවට මෙවරට පෙර සිදුවූ, ආපදාවල දී ඒ වගකීම ගෙන, ක්‍රියාත්මක වීමට අමාත්‍යංශයක් ස්ථාපිත කර තිබුණු බැවින්, බරපතල යමක් සිදුවුණේ නැත. මෙවර මේ වගකීම දැරීමට කිසිවෙකු සිටියේ නැත. විෂය භර අමාත්‍යංශය ඒ ගැන කිසිදු පූර්ව පියවරක් ගෙන නැත. මේ නිසා තාක්ෂණික ආයතන, වරින් වර පෙන්වා දුන් කරුණුවලට අනුව, කිසිදු ආරක්ෂිත පියවරක් ගෙන නැත. ආරක්ෂිත පියවර ලෙස ජනතාව දැනුවත් කිරීම, බේරා ගැනීමේ කණ්ඩායම්, අවදානම් ප්‍රදේශ ආශ්‍රිතව ස්ථානගත නොකිරීම, විකල්ප සන්නිවේදන ක්‍රම සංවිධානය නොකිරීම, ජලාශ වල ජලය මුදා හැර නොතිබීම, පැහැදිලිව හෙළි වූ අඩුපාඩු ය. මේ ජාතික මට්ටමේ වගකිව යුතුව සිටි අය දැන් කරමින් සිටින්නේ, තාක්ෂණික නිලධාරින් හරියට විස්තර දුන්නේ නැතැ යි කියමින්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලනයේ, නිලධාරින් හා සෙසු පිරිස් විසින් අසීරුවෙන් සිදු කළ, මෙහෙවර පෙන්වමින් ඒවා තමන් කළ දේ බවට, අඟවමින් සහන සේවා කඩිනම් කරවා වගකීමෙන් ගැලවීමට දැඟලීම යි.
අවසාන වශයෙන් පෙන්වාදිය යුත්තේ රටේ ආපදා කළමාණාකරණයට අදාළව නීතියෙන් නියමිත, කාර්ය පටිපාටිය ඉටු නොකර, වෙනත් වෙනත් ක්‍රමවේද, ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, එම විෂයට අදාළ නෛතික ව්‍යුහය නොසලකා හැර ඇති බවත්, එහි වගකීම 2005 න් පසු රටපා ලනය කළ සියලු ආණ්ඩු භාර ගතයුතු බවත් ය. මෙවර ආපදාවේ දී ඒ කෙරෙහි සැලකිලිමත් නොවීමේ වරද, වත්මන් ආණ්ඩුවට නිරායාසයෙන් පැවරෙන බවත්, ඉන් මිදීමට වටවංගු නොගසා, නිහතමානීව කළයුතු නිවැරදි දේ වන ජාතික ආපදා කළමනා කරණ සභාව, සක්‍රිය ආයතනයක් බවට පත්කර, ඊට නෛතිකව පවරා ඇති, වගකීම් ඉටුකරවා ගැනීමට ක්‍රියා කර, වරද නිවැරදි කර ගන්නා ලෙසත් ය.
