උණුසුම් පුවත්කාලීනපරිසරය ආපදා රකුසා ජීවිත 159 කගේ දිවි උදුරන්. 2025-11-290 මේ වන විට 203 කු අතුරුදන් ? දින කිහිපයක් මුළුල්ලේ රට පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් හටගෙන තිබෙන ගංවතුර හා න්යායයෑම්වලට ගොදුරුවීමෙන් දිවි අහිමි වූ පිරිස 159 කු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ඊට අමතරව තවත් පුද්ගලයින් 203 කු අතුරුදන් බවට තොරතුරු ලැබී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි. අයහපත් කාලගුණයෙන් විපතට පත් පවුල් දෙලක්ෂ තිස් හතරදාස් පන්සිය තුන (234,503) කි . පුද්ගල සංඛ්‍යාව අට ලක්ෂ තිස්තුන් දාස් නමසිය අසූපස් දෙනෙකු (833,985) බවට වාර්තා වී ඇත. අද රාත්‍රී 8.00 ට නිකුත් කළ නිවේදනයකින් එම මධ්‍යස්ථානය මෙකී තොරතුරු දක්වයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අඳුරු දිනයන්ට ධෛර්යමත්ව මුහුණ දෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබ සැමට ඇති වග මට සහතිකයි Next Article ‘නොමිලේ කතා කාලය සහ දත්ත’ මොබිටෙල් වෙතින්