14 ක් අතුරුදන්
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මරණ 39 ක් සිදුවී පුද්ගලයින් 14 දෙනකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගත වූ දින දහය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක දාහතකට මෙම ආපදා තත්වය බලපා ඇති අතර තවත් දින කිහිපයක් අයහපත් කාලගුණය බලපාන බව කාලගුණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක පවුල් 1158 කට අයත් පුද්ගලයින් 4008 දෙනෙකු සුරක්ෂිත ස්ථානවල රඳවා තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඌව පළාතේන් පුද්ගල මරණ 23 මධ්‍යම පළාතෙන් මරණ 07 සබරගමුව පළාතෙන් මරණ 07 සහ දකුණ සබරගමු යන පළාත්වලින් මරණ එක බැගින්ද මේ වන විට වාර්තා වී තිබේ.
ආපදා හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇත.
