ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන ඇමති විජිත කැනේඩියානු මහකොමසාරිස්ට කියවයි 2025-05-140 පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම ගැන ඇමතිවරයා කැනඩාව ආණ්ඩුවට විරෝධය දක්වන ලද්දේ ය. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී හමු විය. ඒ අවස්ථාවේ දී, පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය. එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බව ද අමාත්‍යතුමා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මෙසිරිලක වෙසඟේ අසිරිය – 2025 Next Article ගැරඩිඇල්ල ගම්මානයේ දී වෑන්රියක් පෙරළේ