උණුසුම් පුවත්තාක්ෂණයපරිසරය ඇමරිකානු ඩොලර් කෝටි 100 ක මූලික වන්දි මුදල නොගෙවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රංශ පුවත් ෙස්වයට කියයි 2025-09-240 නැවේ කපිතාන්වරයා හා නැව් නියෝජිත සමාගමේ ප්‍රධානීන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් විඳීමට සිදුවන බව නීති විශාරද මතයයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනිබත් වීමෙන්සමුද්‍රීය පරිසර පද්ධතියට හා ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් එම නෞකාව අයත් 'එක්ස්ප්‍රස් ෆීඩර්ස්' සමාගමට වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් කෝටි 100 ක මූලික වන්දි මුදල නොගෙවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රංශ පුවත් සේවයට පවසන ලදි. මෙම වන්දි මුදලේ පළමු වාරිකය වන ඇමරිකානු ඩොලර් කෝටි 25 ක මුදල 'එක්ස්ප්‍රස් ෆියර්ස්' නැව් සමාගම පෙරේදා (23) ගෙවීමටයි නියමිතව තිබුණි. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය හෙට (25) රැස්වී එම නඩුකරය කැඳවීමට නියමිත ය. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඩොලර් කෝටි 100 ක වන්දි මුදල ගෙවීමෙන් ගෝලීය භාණ්ඩ ප්‍රවාහන නෞකා ක්ෂේත්‍රයට පුළුල් පරාසයක බලපෑම් වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එවැනි වන්දි මුදලක් ගෙවීමෙන් සිය සමාගම ද නරක පූර්වාදර්ශයක් සපයනු ඇතැ යි විශ්වාස කරන බවත්, 'එක්ස්ප්‍රස් ෆීඩර්ස්' සමාගමේ විධායක නිලධාරී සොස් කොවිට්ස් ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කොට තිබුණි. මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති වෛදය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කර ගෙන යන බව යි. මේ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේ දී ජනතාව දැනුවත් කරන බව ද ඇමතිවරයා පැවසී ය. මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් එක්ප්‍රස් පර්ල් ව්‍යසනය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට, ජීවනෝපායන්ට හා වෙරළබඩ ප්‍රජාවට දැඩි හානියක් කළ බවත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යුක්තිය හා වගවීම සඳහා වූ වැදගත් පියවරක් බවත් පවසා තිබේ. යම් හෙයකින් එක්ස්ප්‍රස් ෆියර්ස් නැව් සමාගම මෙම වන්දි මුදල නොගෙවුව හොත් එක්ස්ප්‍රස් පර්ලි නැවේ කපිතාන්වරයා හා ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත සමාගමේ ප්‍රධානීන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව නීති විශාරදයෝ පවසති. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා අතර හමුවක් Next Article රාජ්‍ය සේවක කප්පාදු කරන්නැ යි ලෝක බැංකුව කියයි