විදෙස් සංචාරකයන් වෙනුවෙන් ආරුගම්බෙ ආශ්රිත සංචාරක කලාපයේ ආරක්ෂාව තර කළා - නිහාල් තල්දූව
ඇමරිකානු පුරවැසියනට අම්පාරේ, ආරුගම්බේ සංචරක කලාපයේ සැරිසැරීමෙන් වළකින ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විශ්වසනීය තොරතුරක් මත ආරුගම්බේ ආශ්රිිත ප්‍රදේශයට තර්ජනයක් එල්ල වී පවතින බවයි ඔහුන්ගේ අනතුරු ඇඟවීමට හේතු කාරණා වී ඇත්තේ.
ඉතා මනබඳනා පරිසරයක් ඇති ආරුගම්බේ වෙරළ තීරව විදෙස් සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ දියමත ලිස්සා යෑමේ (Windsurfing on water) ජල ක්‍රීඩාවට යි.
මේ ප්‍රදේශයේ සංචාරය කිරීමට පැමිණෙන සංචාරකයින් අතරට ඊශ්රායලයො ද බොහෝ රුචිකත්වයක් දක්වති. ඔවුන් උදෙසා සංචාරක ගොඩනැගිල්ලක් ද ඉදිකෙරී ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් නීතිඥ නිහාල් තල්ලූව මහතා සඳහන් කළේ ය.
මේ තොරතුර ලද වහා ආරුගම්බේ සංචාරක කලාපයට ඇදී එන විදෙස් සංචාරකයනගෛ් ආරක්ෂාව තකා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.
ඡායාරූප - Mohamed Ansar ගේ ෆේස්බුක් පිටුවෙනි.