උණුසුම් පුවත්දේශපාලනවිදෙස්

ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා සේ කිරුළ පැලඳි ට්‍රම්ප්ට ජනපති අනුර සුබ පතයි.

සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කරමිනි ඒ

අමෙරිකා එක්සත් ජනපදය 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපඅනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

එම X පණිවිඩය මෙසේ ය.

"අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් @realDonaldTrump වෙත උණුසුම් සුබ පැතුම් පිරිණමමි. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි."