අපේ න්‍යෂ්ටික වැඩ සටහන් කිසි ලෙසකත් නවතන්නේ නෑ - ඉරානය කියයි
ඉරානය මට්ටු කරන්නට ඊශ්‍රායලය ගන්නා වෙහෙස මහන්සියකට ඇමරිකාව ඍජුව මැදිහත් වෙමින් වැඩ අරඹා ඇත. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යයක් ඔස්සේ සඳහන් කරයි.
ෆොර්ඩෝව්, නටාන්ස්, හා ඇස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සාර්ථකව ප්‍රහාර එල්ල කර අවසන් කරන්නට හැකිවුණා " යි ට්‍රම්ප් TRUTH ට හේ සටහනක් යොමු කර ඇත.
එය විශිෂ්ට හමුදා සාර්ථකත්වයක් යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඇමරිකානු ප්‍රහාරය ඉරානය දැඩි සේ හෙළා දැක ඇත. ''අපි අපේ න්‍යෂ්ටික වැඩ සටහන් කිසි ලෙසකත් නවතන්නේ නෑ" යනුවෙන් එරට පාලකයින් විසින් පවසා ඇති වග එරට මාධ්‍ය වාර්තා කරයි.