අද ම නිසි ක්‍රියාමාර්ග ගන්නවා - අගමැතිනි හරිනි
ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය විද්‍යාලයේ ගුරුවරයෙකු එම පාසලේ ගුරුවරියකට පහර දී ඇති බව අද පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී චතුරි ගංගානි මහත්මිය පවසමින් සඳහන් කළේ මොහු ගුරුවරිය ප්‍රහාරයට ලක් කරන ලද්දේ විදුහල්පතිවරයා ඉදිරියේ දී බව යි.
ඒ හේතුවෙන් අදාළ ගුරුවරිය ඒ පිළිබඳව පාසල් ලොග් සටහන් පොතේ සටහනක් තබා රෝහල්ගත වී ඇති බව චතුරි ගංගානි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා ය. ඒ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගංගානි මහත්මිය මේ ගැන අධ්‍යාපන ඇමතිවරයි ද වන අගමැතිනි හරිනී අමරසූරිය මෙනෙවියගෙන් විමසන ලද්දේ කවරකාර පියවරක් මේ ගුරුවරයාට එරෙහිව ගන්නේ ද යන්න යි.
ජාතික ජන බලවේග මහත්මිය අද පාර්ලිමේන්තුවේ මේ පිලිබදව හෙලි කරමින් අග්‍රාමාත්‍යවරියගෙන් විමසා සිටීම මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියායි.
මේ සිදුවීම පිළිබඳව තමා දැන ගත්තේ අද උදේ බවත් අද දිනය ඇතුළත නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මන්ත්‍රීවරියට පිළිතුරු බඳිමින් සඳහන් කළා ය.
 
            