මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් - ඇල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාසය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද පැවති අතර එහි අති බහුතර බලයක් ලබා ගන්නට ජාතික ජන බලවේගය සමත් විය. ජාතික ජන බලවේගය කොට්ඨාස පාළොහක බලය නතු කර ගනින්දී සමගි ජන බලවේගය කොට්ඨාස දෙකක් අත්පත් කර ගෙන ඇත.
කොට්ඨාස 17 කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මහජන නියෝජිතයින් තෝරා ගැනීම සඳහා ඊයේ (26) පැවති ඡන්දයට ඡන්දදායකයින් 55643 ක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා තිබිණි.
ඉතා ම සාමකාමීව පැවති මේ පුංචි ඡන්දයෙන් කොට්ඨාස 15 ක බලය හිමි කර ගන්නට ජාතික ජන බලවේගයට හැකිවූයේ ඡන්ද 17295 ක් හිමිකර ගැනීමෙනි.
ආසන දෙකක් දිනා ගත් සමගි ජන බලවේගයට ඡන්දදායකයින් පිරිනමා ඇත්තේ ඡන්ද 7924 කි.
අති ඉමහත් බලයක් ලද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරුන් 15 ක් ද සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 6 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 3 ක් ද, පොදුජන එක්සත් පෙරමුණට 2 ක් ද, ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී තනතුරු 2 ක් ද පොදුජන එක්සත් නිදහස් සන්ධානයට 1 ධූරයක් ද, ජාතික ජනතා පක්ෂය 1 මන්ත්‍රී ධූරයක් ද සේ සමානුපාතික පිළිවෙළට මන්ත්‍රී ධූර ලබා ගන්නට සමත් විය.