සොයා ආවෙමි

ඔබ ඇවිත් යන්න එන්න..
හදවතේ ලැගුමි ගන්න එන්න..
දහසක් කියැවෙන දෙනුවන් දැක..
නොදැක ඉන්න.. මට මුමුනන්න..
අයාලේ ගිය සිතට දැනෙන..
උණුසුමි හාදුවේ තතු නොකියන්න..
නිවි දැල්වෙන පහන් තිරයේ..
අසුභ නැකතින් උපන් කුමරිය..
සනසවන්න රැයේ පැමිනෙන්න..
කාත් කවුරුත් නොදත් තතු ..
අසා.. මැසිවිලි නොකියන්න..
නුඹට නොකි රස රහසේ..
හුස්ම අතරින් සැඟවුණු..
ප්‍රේමයේ නිමිහිමි නොපෙනෙන..
සිතක නලියන..
සුසුමි පවන් සලා නැගෙන..
සුළං රැලින් හදේ සැතපෙන්න..
මාත් අමතක නොකළ
ප්‍රේමයේ..
දියඹ දිගේ පිපාසයෙන්..
ඇවිදින්න..
 - ශ්‍යාමලී ගමගේ..
  - ශ්‍යාමලී ගමගේ.. 
‡‡‡‡‡ ‡‡‡‡ ‡‡‡‡‡
සොයා ආවෙමි

සොයා ආවෙමි මගක්
දුරැ කතර ගෙවාගෙන
නිති පැතුම් පුරවා
ඔබගේ නමින්
පතා ආවෙමි දුරක්
නොනිමි හැඟුමන් පුරවා
දැන දැනම ගෙවෙනා
සසරේ නමින්
ගෙනා ආවෙමි සුසුම්
උණුසුමක් දරාගෙන
සුළගට පා කළ හැරී
මගේ නමින්
තබා ආවෙමි සිතුම්
උතුම් හදවතක් රිදවා
සිතින් පමණක්ම විදී
ආලයේ නමින්....
 -  සඳලි මධුෂිකා අත්තනායක -
 -  සඳලි මධුෂිකා අත්තනායක - 
වැට අද්දර....

සල් සපු නා දුනුකේ
මල් සුවඳ වගේ...
නිල් මහනෙල් සුදු
කෙකටිය වැවක අගේ...
කල් බලමින් වැට
අද්දර කිමද නගේ...
යල් කන්නයේවත් පැල
වෙත යමුද මගේ...
මඟ දෙපසේ තුරු ලියවැල් 
සිනා සිසී අත වැනුවා...
එදා වගෙම සිහිල් සුළං රහස්
කතා මිමිනෙව්වා...
කුරුලු කොබෙයියන් එක්වී
පෙරදා ගීයම ගැයුවා...
සොඳුරු මතක අහස් කුසේ
දේදුන්නක් මත ලිව්වා..
ඇන්ජලා පැල්පොළ -
‡‡‡‡‡ ‡‡‡‡ ‡‡‡‡‡ ‡‡‡‡
ගොළු වූ වදන්
රමණීය පිය ලෙනඟ
රිද්මය ඔකද ලවනත හද දුහුල් මල
සුසුමින් වදන් ගොළුවී ළය මුකුළු කළ
පටලා දෙඅත වටලු මුදු උකුළු තල
දෑඟිලි නලඟ ඇත් දළ වන් දසන් පෙළ
දෙපුල් සිනි හසින් සිරියා සුමුදු වුව
පටපිළි ලිහිල් පහසින් ලද සිසිල් සුව
මඳ නල හොරෙන් රහසින් කිව් කවිය මුව
රස විඳ ඉඟ ළෙලෙයි තුණු සපු මිණකි රුව
ඇසිපිය දුලන රංගම සුව සොයන ලද
හිමිහින් මඳ දුරින් උදු උනු කුසුම විඳ.
ළකරය සිනිඳු ලලනිය කඳු සුමට නද
සරසයි අසුන් වුවනත දිලි පැහැය තද
අතු ඉති ළකල් හිනහෙනු දිසි කුමුදු කැළ
සර සැරු බිඟුන් ගුමු ගුමු පද විසුළ හල
අළු නිල් ධවල නුබ ළසලව සැරසු වල
තරු රමණීය අමරය පිය ලෙනඟ තුළ
ලිය මඬුනිවා සරතැස සතොසින් තුසිනී
සත් මද නිස තුටින් පේවී සිත රසිනී
නග්නවු රූ රටා සොබ අමිලව අසෙනී
කඬුපුල් සුවඳ විඳ ඔවුනුන් අම මතිනී
සවන මධුර සීපද සද ගොවියන්නේ
වස්දඬු ඕඝ සර මිහිරි ගොපළුන්නේ
රසින් නෙත් කැලුම් මනරම් උනුණු නුණේ
සුයාමයක දුල තෙපුලින් සැනසෙන්නේ
 
            

 ඩ
ඩ