'ඇසිදිසි කලාවේ අපේකම‘ යන තේමාවෙන් යුතුව ‘ ITV ' ජූලි 21 වෙනිදා ඇරඹේ..
ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය දැනුමින් අගතැන් කරමින්, සුභාවිත වින්දනීය අත්දැකීම් වලින් පෝෂණය කිරීමේ පරමාර්ථයෙන්, උදාර අරමුණෙන් , Power Hands Plantation ප්‍රමුඛ Power Hands Hordings හි සභාපතිත්වය දරන ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව Power Hands Media Network යටතේ ITV නාලිකාව එළඹෙන ජූලි 21 වෙනිදා ජනගත කිරීම සිදුකෙරෙයි.
Peo TV අංක 125 ඔස්සේ සහ Freesat 25 ඔස්සේ විකාශය සිදුවන ITV නාලිකාව ඇසිදිසි කලාවේ අපේකම යන තේමාවෙන් යුතුව ක්‍රියාත්මක වෙයි. දිනපතා උදෑසන 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විකාශය ක්‍රියාත්මක වන අතර 100 කට අධික වැඩසටහන් විකාශය කිරීමට නියමිත වෙයි.
ලෝක ඉතිහාසයේ අද වැනි දිනෙක, මට මතකයි , මගේ පුංචි කාලේ , Film Reading, Power Talk , කතන්දරයක් අහමු, One Twenty Minutes, Your Dream Home, Sports Mag, Beauty Today, ආදරෙයි අම්මා, සංකථන සභාව, Auto Mobile Mag, නලියන පොඩිත්තෝ, සූර්යෝදය,දිනන රට, Market Show, වැවිලි, ජනකලාව, Free Chat, බෝමළුව, Biz Talk, පැහැසර ගී ප්‍රභාෂ්වර, Music Noon , Weekend Hits, Chat with Chart, Bolleywood Times, Life Tips , උරුමයයි මේ අපේ , Paws & Play, Tecnics, ටැබ්ලොයිඩ්, අපේ ඉස්කෝලේ, ආදරෙයි තාත්තා, කිතුනු වන්දනා, Art Mag, මංගල්‍යාභිශේකය, සිප් නැණස, වාරි, දන්න නොදන්න නීතිය, සුදම් සභාව, තුන්සරණේ සරණයි, කැකුළු කොදෙව්ව, කරළිය, Industry Talk, නාරි, තරු මන්දාකිනී, ව්‍යවසායක ශක්ති, දස දෙස රැස, කියවන පත්තරේ, තුරුණු, Win Mind, සද්ධර්මාර්ථ දහම් මිණි, දිනන දරුවෝ, පින්බිම් පුරාවත, Family Doctor with I, ඇසූ නොඇසූ කතා, වෙදගෙදර අඩපැය, Economy Focus, Industry Road Map, රසෝඝ සඳපාන, ගිරිශිඛර, Biz Week, Talk to I, රට පිටරට, Big Screen, පොත් ගුල, ඇදහැලෙන රිදී නදී, අපූරු මිනිස්සු, Travel Map, The Biz Winner, ලෝකෙ වටේ හතර අතේ, ඇග්‍රි Today, හෙළ අහරේ රස මිහිර, සුන්දර වෙරළ දිගේ, කොලොම්පුරේ ශ්‍රියා, පිට දීප දේශ ජයගත්තෝ, ග්‍රහචාරය, විසිතුරු විදුලොව, ඔසුතුරු වගතුග, වන මං දිගේ ආදී වැඩසටහන් රැසක් නාලිකාවෙන් දෙස් විදෙස් හි රසවතුන්ට දකින්නට, අහන්නට, රසවිඳින්නට පෙළ ගස්වා ඇති වග සතුටින් සඳහන් කරන්නෙමු.
Instagram - https://www.instagram.com/itv_lk - Youtube - https://www.youtube.com/@iTVSriLanka - https://www.facebook.com/ITVSriLanka



