උණුසුම් පුවත්කාලීනතාක්ෂණයසංස්කෘතික

ඉංගිරිසි ටියුෂන් ගුරුන් කොන්ත්‍රාත්තුව බාර අරං??

'සලකුණ වැඩසටහනේ දී උලපනේ සුමංගල හිමිපාණෝ ප්‍රකාශ කරති

හය වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ අදාළ කොටස් රජය විසින් අත්හිටුවා ඇති බව කීවත්, එම කොටස් පෞද්ගලික උපකාරක පන්ති වල උගන්වමින් පවතින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ අනාවරණය කරති.

හිරු රූපවාහිනියේ 'සලකුණ' වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

 රජය පවසන්නේ දැඩි සමාජ විවේදනයකට ලක්ව පවතින මෙම මොඩියුලය අත්හිටුවා ඇති බව වුවත්, කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක ඉගෙනුම ලබන දරුවෙකු අදාළ මොඩියුලය භාවිතා කරමින් ලියා ඇති සටහන් සහිත පොතක් උන්වහන්සේ වැඩසටහන අතරතුර ඉදිරිපත් කළහ.

අගමැතිනිය ගේ පටන් ජාජබයේ මන්ත්‍රීවරුන් පිරිස  රටටත්  මහානායක හිමිවරුන්ටත්, අසත්‍ය ප්‍රකාශ කරන්නේ යැ යි ද , මෙම මොඩියුලයන් පෞද්ගලික ආයතන හරහා මුද්‍රණය කර බෙදාහැර ඇතැ යි ද, උන්වහන්සේ අනාවරණය කළහ. විශේෂයෙන් කුරුණෑගල වැනි ප්‍රදේශවල මේවා පෞද්ගලිකව මුද්‍රණය කර ඇති බව උන්වහන්සේ සඳහන් කළහ..

"යහළුවන් හඳුනා ගැනීම" යන තේමාව යටතේ ඇති අභ්‍යාසයක දරුවෙකුගේ රට, උනන්දුව දක්වන ක්ෂේත්‍ර, උස සහ ප්‍රියතම ක්‍රියාවන් වැනි තොරතුරු ඇතුළත් කර අයදුම්පතක් පිරවීමට ඇති බවත්, මෙය අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමට මඟ පෙන්වීමක් බවත් සුමංගල හිමියෝ පැවසූහ.

 සමස්තයක් ලෙස මෙම වැඩපිළිවෙළ අසාර්ථක එකක් බවත්, නියමු ව්‍යාපෘතිය අවුල් කරමින් මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙහි අන්තර්ගතය අපේ සංස්කෘතියට නොගැලපෙන බවත්, "අසභ්‍ය, අසම්මත, අශීලාචාර සහ අසංස්කෘතික" ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ,.

වයස අවුරුදු 11-12 දරුවන්ගේ බුද්ධිය සහ පරම්පරාවක් විනාශ කිරීම සඳහා මෙම කරුණු ඇතුළත් කර ඇති බව පෙන්වා දෙන  උන්වහන්සේ, මෙය හුදෙක් අක්ෂර වින්‍යාසයේ හෝ ව්‍යාකරණවල වරදක් නොවන බවත්, ජාතියේ සංස්කෘතියට සහ මහා මූලයට එල්ල කළ පහරක් බවත් ප්‍රකාශ කරති..

මෙවන් අසම්මත ව්‍යාපෘති වලට තමන් වහන්සේ දැඩි ලෙස එරෙහි වන බව ද උන්වහන්සේ 'සලකුණ හමුවේ ප්‍රකාශ කළහ.