උණුසුම් පුවත්

ඉඩම්තොට දී වෙඩි තැබීමක්- අයෙක් මරුට

අම්බලන්ගොඩ පොලිසිය අපරාධකරුවන් හොයා විමර්ශනය කරයි

අම්බලන්ගොඩ,ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇත.  බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විර්මශන ආරම්භ කර ඇත.

වෙඩික්කරුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ වූපුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොසින් බව පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා හතළිස් පස් වියැත්තෙකි.  

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය විර්මශන කරයි.