උණුසුම් පුවත්කාලීන

ඉඩම් භාවිතය, ඌන උපයෝජිත ඉඩම් සහ ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම

රජයේ ඉඩම් කළමනාකරණය සහ ඉඩම් භාවිතය පිළිබඳව ජාතික සැලැස්මක් පදනම්ව සංවර්ධනය කිරීමට වැදගත් මැදිහත්වීමක්

පාර්ලිමේන්තුවේදී ඉඩම් භාවිතය, ඌන උපයෝජිත ඉඩම් සහ ඒවාට අදාළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති. සාකච්ඡාවට අදාළ ක්ෂේත්‍රවල රාජ්‍ය ආයතනවල සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වෙමින්, වත්මන් තත්ත්වය, පැවති අභියෝග සහ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරව  අදහස් හුවමාරු කර ගන්නා ලදි.

මෙම ක්‍රියාවලිය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉඩම් කළමනාකරණය, ඌන උපයෝජනය සහ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙන කෙරුණු සාකච්ඡාවකි. මෙයින්  ප්‍රායෝගික හා කාර්යක්ෂම තීරණ ගැනීම සඳහා එය විශාල දායකත්වයක් ලැබෙනු ඇත.

මෙය රජයේ ඉඩම් කළමනාකරණය සහ ඉඩම් භාවිතය පිළිබඳව ජාතික සැලැස්මක් පදනම්ව සංවර්ධනය කිරීම සඳහා වැදගත් මැදිහත්වීමක් වශයෙන් සැලකේ.