රටක් ලොවක් මවිත කරමින් දහවැනි පාර්ලිමේතුවේ බලය දිනා ගැනීමේ විශ්මිත හටන
ශ්‍රී ලංකාවේ සමස්ත ජනහණයෙන් හැට අට ලක්ෂ හැට තුන් දහස් එකසිය අසූහය දෙනකුගේ සියයට හැට එකයි. පහයි හයක ජනවරමක් අද ලබා ගෙන මුළු මහත් දේශය ම සිය සුරතට කැටි කොට ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් බලා ගනිමින් ජාතික ජන බලවේගය ලාංකේය දේශපාලන සවියක් රට හා ලෝකයා හමුවේ අභිමානවත් අයුරින් සනිටුහන් කර ඇති වග හෙළදිව ඊ පුවත් සංග්‍රහය මෙසේ සටහන් කරන්නී ය.
මේ උදෙසා මාලිමාවට මඟ පෙන්වන්නා වූ ජනතා විමුක්ති පෙරමුණ 1965 මැයි මස 14 වන දා පටන් පුරා පණස් අට වසරක් පුරා අනන්ත අප්‍රමාණ දුක් කරදර, හිංසා, පීඩා මෙන් ම ජීවිතවලින් ද දහස් ගණනාවකින් වන්දි ගෙවූ බව මේ ෙඑතිහාසික මොහොතේ සටහන් කිරීම කළ යුත්තේ ම ය.
ඔවුන් 1971 දී ද 1986 සිට 1990 දක්වා ද කළ ජීවිත පූජාව හැත්තෑපන් දහසට වැඩි මිස අඩු නොවේ.
ගෙවී ගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණේ ද ඒ පක්ෂයේ මඟ පෙන්වීම මත නිර්මාණය වූ ජාතික ජන බලවේගයේ ද සියලු ආකාරයේ ක්‍රියාධරයින්ට හිතවතුනට හා ආධාරකරුවනට තම සහෝදර සහෝදරියන් එදා කළ දිවි පුදුම ගැන මොන තරම් සතුට මුසු වේදනාවක් ගෙන දෙන්නේ ද ?
ඊයේ පැවති දහවැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ අසුන්225 ක් වන අසුන් වලින් 2/3 ටත් වඩා මහජන නියෝජිතයින් ඊයේ රාත්‍රියේ පටන් කරන ලද ඡන්ද ගණන් කිරීමෙන් පසු අද හවස මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිවේදයෙන් පාර්ලිමේන්තවට එම පක්ෂයෙන් - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ද සහිතව 159 කු ලබන 21 වැනි දා පටන් ඉදිරි පස්වවසරක කාලය තුළ මෙරට පාලනය කිරීමටසුදුසුකම් ලබා ඇති බව නිවේදනය කරයි.
ජජාතික ජන බලවේගය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 6863186 කි. එය ප්‍රතිශතයක් සේ 61. 56% කි. මන්ත්‍රී ධූර සංඛ්‍යාව 141. ජාතික ලැයිස්තු ගත මන්ත්‍රී ධූර 18 කි. ජාතික ජන බලවේගයේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 159 කි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ සමගි ජන බලවේගය ලද මුළු ඡන්ද සංඛ්‍යාව 1968716 කි. එය 17. 66% ක ප්‍රතිශතයකි. නියෝජිත සංඛ්‍යාව 35 කි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර කි. ඔවුනට මන්ත්‍රී ධූර 40 ක් හිමි වී ඇත.
ඉලංකෙයි අරසු කච්චි ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 2,57813 කි. එහි ප්‍රතිශතය 2. 31% කි. මන්ත්‍රී ධූර 7 කි. එක් ජාතික මන්ත්‍රී ධූරයක් සහිතව මන්ත්‍රී ආසන 8 ක හිමිකාරීත්වයක් ඔවුන් සතු ය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලද ඡන්ද සංඛ්‍යාව 500835 කි. 4. 49% ප්‍රතිශතයක් වන අතර එම පක්ෂයට පාර්ලිමේන්තුවේ අසුන් 5 ක් පැනවෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ද එක්ක ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලබා ඇත්තේ 350429 කි. සියයට 3. 14 කි. මන්ත්‍රීවරුන් 2 කු හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 3 කි.
මන්ත්‍රී ආසන 2 ක් හා ඒක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ද සමඟ මහජන නියෝජිතයින් 3 කුට පාර්ලිමේන්තු වරම් ලබන්නේ ඔවුන් ලද 87038 කට හෙවත් 0. 78% ප්‍රතිශතයක් වෙනුවෙනි.
ඡන්ද 178006 ක් ප්‍රතිශතයක් සේ 1. 60% ක් ලද සර්වජන බලය පක්ෂයට එක් මන්ත්‍රී ධූරයක හිමිකම හිමි වී ඇත.
එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, යාපනයේ ස්වාධීන කණ්ඩාම් අංක 17, හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂ වලට එක් මන්ත්‍රී ආසනය බැගින් ලැබී ඇත්තේ එම පක්ෂ පිළිවෙළින් 66234 (0. 59%), 65382 (0. 59%), 39894 (0. 36%), 33911 (0. 30%), 27855 (0. 25%) හා 17710 (0. 16%) ලද ජනවරමින් ලද ඡන්දවලිනි.