පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ උදෙසා යම් කාලයක් ගතවේවි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුමේ සමහර කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය යැ යි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මෙකී ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැ යි ද ඒ වෙනුවෙන් යම් කාලයක් ගත වනු ඇතැ යි කැබිනට් ප්‍රකාශකවරයා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.