උණුසුම් පුවත්ක්‍රීඩා

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ක්‍රිකට් තරගාවලිය 2 – 0 ක් සේ ජය ගනී

හෙළයන් මේ ජය ලද්දේ හවුරුදු විසි හතකට පසුව වීම විශේෂත්වය යි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති තුන්වන හා අවසාන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 111කින් ජයග්‍රහණය කළේ ය.

ඒ අනුව තරගාවලියේ එක් තරඟයක් ලකුණු සමවීමෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් ශ්‍රී ලංකාව ජයගත්තේ වසර විසි හතකට පසුව එම විශේෂත්වයකි.

1997 වසරෙන් පසු ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික තරගාවලියක දී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව ද මෙය යි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගයේ දී රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට එරෙහිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා පිල පන්දු වාර 50 අවසන ලබාගත් 248 /7  ට පිළිතුරු ඉනිමේදී ඉන්දීය පිල අසාර්ථක වී ය.  පන්දු වාර 26.1 දී සියල්ලන් දැවී  ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි.  ඒ රෝහිත් ෂර්මා  රැස් කළ ලකුණු 35 ය.

දුනිත් වෙල්ලාලගේ කඩුලු 5 ක් සිය ගිණුමට බැරකර ගත්තේ මැනවින් තමන් සතු දස්කම් පෙන්වමිනි. දුනිත් වෙල්ලාලගේ කඩුලු 5 ක් ලබා දස්කම් ඉස්මතු කර ගැනීම ලාංකේය පිලේ ජයග්‍රහණය   ලේසි  ාසු විය.

මහේෂ් තීක්ෂණ හා වැන්ඩර්සේ කඩුලු 2 බැගින් ලබා ගත්තේ ය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 96 ක් සහ කුසල් මෙන්ඩිස් 59 ක් ද  ලබමින් ශ්‍රී ලංකා පිලට ශක්තිය දුන් අයුරු අගේ කල යුත්තකි.
තරගාවලියේ එක්දින පළමු තරගය සම විය.  ඒත් දෙවැනි හා තෙවැනි තරග ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය ලැබී ය. ඒ අනුව එක්දින තරගාවලී ජය 2 - 0 ලෙස ශ්‍රී ලංකා පිල සතු විය.