ආරක්ෂකආර්ථිකඉතිහාසයඋණුසුම් පුවත්කාලීනදේශපාලන

ඉරානයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා ⁠

මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැකගත යුතුයි - අද පාර්ලිමේන්තුවේ දී සජිත් ගේ හඬ

මේ රජය කෙරෙහි වන ජනතා විශ්වාසය අහිමි වෙලා

 * ⁠විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

* ⁠ඇත්තටම රු. 16,000 කින් 18,000 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද?

* ⁠ඉරානයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා

* ⁠මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැකගත යුතුයි.

* ⁠දැන්වත් රට කෙරෙහි විශ්වාසය ඇති කර සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත යුතුයි

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස වත්මන් රජය බලයට පැමිණිමට පෙර සිටම පොරොන්දු වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා එක් කළ නමුත් එය වෙනස් නොකළ බවත් ඒ අනුව මේ ගිවිසුම වෙනස් කරනවා නම් විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන බවත් 2028 වන විට මේ වත්මන් තත්ත්වය තුළ අපට වසරකට බිලියන 3.5ත් බිලියන 4ක් ණය ගෙවීමේ ගැටලුවක් එන නිසා මේ ප්‍රශ්නය ඒමට පෙර නැවත වරක් IMF ගිවිසුම ගැන සලකා බැලිය යුතු බවත් දිට්වා සුළි කුනාටුවෙන් පසු ජාත්‍යන්තර ආධරක සමුළුවක් කැදවන ලෙසත් IMF ගිවිසුම වෙනස් කරන ලෙසත් ඉල්ලා සිටියේ රටට උදව්වක් කිරීමට බවත් රටේ ජනතාව වෙනුවෙන් මේ පියවර තබා IMF ගිවිසුම වෙනස් කර ජනතාවාදී ජනහිතකාමීව වෙනස් කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

ගෑස් අර්බුධය තෙල් අරබුද බරපතල අර්බුද වුවත් වත්මන් රජය බලයට පත්වීමත් සමග ජනතාවට විශ්වාසයක් ඇති වුවත් මේ පොලිම් නිර්මාණය වීම නිසා ඒ විශ්වාසය බිද වැටුණු බවත් රජයේ වගකීම විය යුත්තේ මේ පොලිම් නිර්මාණය වීමට පෙර සිට රටට උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම බවත් එසේ ජනතාවගේ විශ්වාසය දිනා ගත්තේ නම් මේ පොලිම් ඇති නොවන බවත් මේ අවස්ථාවේ රජය කෙරෙහි වන ජනතා විශවාසය බිද වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ආරම්භයේ සිටම ඇමෙරිකානු බද්ද අප රටට ගැටලුවක් වන බවට විපක්ෂය පැවසූ බවත් නැවත වරක් ඇමෙරිකාව එම බදු පනවා ඇති බවත් ජාත්‍යන්තරයේ සිදුවන දේවල් ගැන රජය මීට වඩා අවබෝධයෙන් සිටිය යුතු බවත් ඊට අමතරව හදිසි අවස්ථාවලට මුහුණ දීම ගැන සැලසුම් සකස් කිරීම සිදු විය යුතු බවත් ලෝකයේ අවිනිශ්චිතතා නිසා බරපතල අර්බුද නිර්මාණය වන බවත් මේ අවස්ථාවේ ප්‍රතිපත්තියක් ලෙස කටයුතු කළ යුතු බවත් තෙල් හෝ ගෑස් අර්බුධයක් හෝ වේවා ලෝකයේ ඇති අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දෙන්න වැදගත් සැලසුම් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇත්තටම රු. 16,000 කින් 18,000 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද?

අප රටේ මේ වන විට දුප්පත්කම නැතිබැරිකම වර්ධනය වන බවත් දිට්වා සුළි කුනාටුව හරහා මෙය වර්ධනය වී වත්මන් තත්ත්වය සමග දුප්පත්කම වැඩි වෙමින් පවතින බවත් පසුගිය දිනක ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව රු 16000-18000 අතර ප්‍රමාණයක් මාසෙකට ජීවත් වීමට ඇති බවට පවසන බවත් මෙය විශ්වාස කළ නොහැකි බවත් අප රට මේ යන්නේ වැරදි දත්ත මත බවත් මෙය රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතාව පෙන්නුම් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.

ඉරානයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා

ඉරානයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරිමක් මෙන්ම එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2. 4 තුළ ප්‍රහාර එල්ල කිරිම තහනම් බවත් ආටිකල් 2.7 අනුව රටක අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගහන්න බැරි බවත් ආටිකල් 51 අනුව ප්‍රහාරය එල්ල කළ හැකි එකම හේතුව වන්නේ රටේ ආරක්ෂාව උදෙසා නිසා මේ සම්බන්දධයෙන් සිය විරෝධය එල්ල කරන බවත් මෙය සෛරී රටකට එල්ල කළ ප්‍රහාරයක් බවත් මේ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් රජයත් එවැනි ප්‍රකාශයක් නිකුත් කරන එක හොඳ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසී ය. එසේම මැදපෙරදිග සෙසු රටවලට එල්ල ප්‍රහාර පවා හෙලා දැකිය යුතු බවත් රටක් ලෙස පිරිසුදු ශක්තිමත් ස්ථාවරයක අප සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැකගත යුතුයි.මේ අවස්ථාවේ අප රටේ රට විරුවන් දශ ලක්ෂයකට වැඩි පිරිසක් මැදපෙරදිග ප්‍රදේශයේ සේවය කරන බවත් මොවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් ශක්තිමත් හෝ විකල්ප වැඩපිළිවෙළක් අවශය බවත් රජය මැදිහත් වී තානාපති කාර්යාල හරහා මේ විදේශ ශ්‍රමිකයන් රැක ගන්න කටයුතු කල යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසී ය.

දැන්වත් රට කෙරෙහි විශ්වාසය ඇති කර සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත යුතුයි

සංචාරක ක්ෂේත්‍රය මෙන්ම අපනයන ක්ෂේත්‍රයත් සෘජු විදෙශ ආයෝජන පවා අප ශක්තිමත් කළ යුතු බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය ඛේදවාචකයක් වී ඇති මොහොතක ජන ජීවිත විනාශ වී ඇති මොහොතක අපේ රට මෙය ධනාත්මක අවස්ථාවක් ලෙස උපයෝගී කර ගෙන අප රටේ විශ්වාසනීයත්වය ගොඩනගා සෘජු විදේශ ආයෝජන රටට ගෙන්වන්න කටයුතු කරන ලෙසත් ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න සූදානම් බැවින් දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙසත් ලක්ෂ 220ක් ජනතාව දිට්වා සුළි කුණාටුවෙන් විපත‌ට පත් ජනතාව ගැන සිතා මෙය කළ යුතු බවත් මෙය හරියට රජය කළා නම් ජාත්‍යන්තරයේ අනුකම්පාව ලබා ගත හැකිව තිබු බවත් මේ අවස්ථාව රජය අහිමි කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.