උණුසුම් පුවත්කාලීනවිදෙස්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි ඝාතනය කෙරේ

ඒ ඇමරිකානු හා ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරකයන් විසින්

ඇමරිකාව හා ඊශ්‍රායලය විසින් ඒකාබද්ධව කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර කායකයා - අයතුල්ලා අල් කුමේනි මිය යන ලද බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ අධ්‍යාත්මික නායකයා ගුවන් ප්‍රහාරවලට ලක්ව මරු වැලඳ ගෙන ඇත්තේ ඔහුගේ කාර්යාලයේ දී ම බව එම වාර්තා වැඩි දුරටත් කියයි.

ස්වකීය අධ්‍යාත්මික නායකයා ගේ වියෝව වෙනුවෙන් හතළිස් දවසක ශෝක කාලයක් ඉරාන පාලනය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඇමරිකානු හා ඉරාන ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ඉරානයට එල්ල වීමත් සමඟ ඔවුන් දැක්වූ ප්‍රතිචාරයෙන් ඒ රට අවට මැදපෙරදිග රටවල් ගණනාවක පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඔවුන් විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් ඇරඹී ය.

ඉරාන අධ්‍යාත්මික නායකයා  ස්වකීය ඒකාබද්ධ හමුදා ක්‍රියාකලාපයෙන් මරුමුවට පත් කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් සඳහන් කරන ලද්දේ ඉතිහාසයේ සිටි අතිශය දුෂ්ට පුද්ගලයකු ඝාතනය කෙරුණු බවයි.  

හේ වැඩි දුරටත් සඳහන් කළේ තම මව්බිම යළි තමන් සතු කර ගැනීමට ඉරාන ජනතාවට ලැබුණු සුවිශේෂීම අවස්ථාව බවයි.