උණුසුම් පුවත්

ඉරාන ජනපති ගේ ශ්‍රී ලංකා සංචාරය මෙසේ සටහන් වේ

ඉරාන නායකයා ගිවිසුම් කිහිපයකට අත්සක් තබල යි ආපහු ගියේ

 

 

උමාඔය බහුසංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම අද )24) උදේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා විසින් සිදු කරන ලදි. ඒක් දින නිල සංචාරයක් උදෙසා ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද අරයුම අනුව යි.
උමාඔය බහු සංවර්ධන ව්‍යාපෘතිය අරඹන ලද්දේ ඉරාන රජයෙන් ලද ආධාර මුදලකිනි. එහෙත්  එටට පැනවුණු සම්බාධක හේතුවෙන් එම ව්‍යාපාතිය නියමිත කාලය තුළ නිමා කර ජනතාවට සෙතක් සැලසීමට නොහැකි වූවා පමණක් නොවේ. ව්‍යාපෘතියට මහත් ධනස්කන්ධයක් වැය කරන්නට ද ලක් රජයට සිදු විය.
කෙසේ වුවද අද උදේ ඉරාන රාජ්‍ය නායකයා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ලංකාවට පැමිණ එම ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්ව සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කළේ ය. 
අනතුරුව අද හවස ජනාධිපති කාර්යාලයේ දී හේ ද්විපාර්ෂ්වික ගිවිසුම් කිහිපයකට අත්සසන් තබන ලදි
 මේ ඒ අවස්ථාවන් හි කැමරා සටහන් කිහිපයකි.