උණුසුම් පුවත්කාලීනපරිසරයසෞඛ්‍යය

ඉරාන ජාතිකයින් තිහක් මෙරට නාවික හමුදාවෙන් ගලවා ගනියි.

IRIS Dena නම් මේ නැවෙහි යාත්‍රිකයින් 180 ක් පමණ සිටින බව පැවසේ

ගාලු මුහුදට ආසන්නව නාවික සැතපුම් හතළිහක් පමණ දුරින් ගිලමින් තිබෙන ඉරානයට අයත් බව කියන නෞකාවේ සිටි පුද්ගලයන් තිස් දෙනෙකු පමණ  අද උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගලවා ගන්නා ලදි.

මෙම නෞකාව කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්ව ඇති බව අද උදෑසන පහට පමණ නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත ඒ අනුව වාහම ක්‍රියාත්මක ශ්‍රී ලංකා නාවික හමුදාව සිය යාත්‍රා යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර ඇත. 

නාවික හමුදාව විසින් දිවි බේරන ලද මේ යාත්‍රිකයින් ගෙන් පිරිසක් කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරනා බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

නෞකාව තුළ පුද්ගලයින් එකසිය අසූ දෙනෙකු පමණ සිට ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන් ගේ දිවි ගලවා ගැනීමට හා වැඩිදුර විමර්ශනයට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව හා වෙරළාරක්ෂක බලකාය මෙහෙයුමක් දියත් කර ඇත.