උණුසුම් පුවත්

ඊශ්‍රායලයේ මිනීමරු රාජ්‍ය ත්‍රස්තවාදය වහා නැවැත්විය යුතුයි – සජිත් නෙතනියාවුට කියයි

පලස්තීනයට සහායට කොළඹ උද්ඝෝෂණය

පලස්තින ජනතාවට දශක ගණනවක් සදුවු අසාධාරණය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර හා සංහාර වහා නතර කර ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මිනිමරු ආණ්ඩුවක් ලෙස ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ ජන ජීවිත සහමුලින්ම විනාශ කර ඔවුන්ගේ ජන්ම භූමිය විනාශ කර රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රහාරය හෙලා දකිනා බවත් එයට විරුද්ධව ලෝකයා ඉදිරියේ සිට ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පලස්තීනුවන් වෙනුවෙන් සහාය පළ කරමින් අද කොළඹදි පැවැති විරෝධතාවක් අතරතුරය.