ආර්ථිකඋණුසුම් පුවත්

උතුරු මැද හිටපු මහ ඇමති රංජිතුයි නෑනයි දෙන්නා මහ උළු ගෙදරට

හවුරුදු 16 ක් බැගින් හිර දඬුවම්.

උතුරුමැද පළාතේ හිටහ මහ ඇමකි එස්. එම්. රංජිත් මහතා හා ඔහුගේ නෑනා - ශාන්ති චන්ද්‍රසේන මහත්මියට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින්  බරපතල වැඩ සහිත වසර 16 සිර දඩුවමක් නියම කරන ලදි. ඒ දූෂණ චෝදනාවකට  වැරදිකරු හා වැරදිකාරිය බව ප්‍රකාශ කරමිනි.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වරයා ලෙස 2012 හා 2014 සිිිි සමයේ දී  එස්. එම්. රංජිත් සමරකෝන් මහතා, ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළ ශාන්ති චන්ද්‍රසේන මහක්මියට ඉන්ධන දීමනාව වැටුප සමග ලබා දී තිබියදි, ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26 කට අධික මුදලක් අයුතු ලාභයක් සේ ලබාදීම, එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවිම ඇතුළු චෝදනා ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව  මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබුණි. 

විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල  ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් පැවසූවේ ය.