හෙළදිව හඳහන
අලුත් අවුරුද්ද කොහොම ද?
පෙරළිකාර 2026 වර්ෂය රටට සහ ඔබගෙ ලග්නයට කොහොමද?
ලැබුවා වූ 2026 නව වසර රටට සහ ඔබට කොහොමද? නව වසරේ ග්‍රහ පිහිටීම අනුව මෙවර නව වසරේ උදාව ඔබටත් රටටත් යහපතක් සිදුවේවිද? පවතින ග්‍රහචාරය සමග රටේ දේශපාලන ආර්ථික වාතාවරණයේ වෙනසක් සිදුවේද? මෙතෙක් කාලයක් ජනතාව ලක්ව තිබූ දැඩි පීඩනයෙන් තරමක හෝ නිදහස් කාලයක් උදාවේද? නව වසරේ රටටත් තමන්ගේ ලග්නයටත් යෙදෙන සුබ අසුබ ඵලාපල මොනවාද? මේ සියලු කාරණ කල් තියා දැන ගැනීම වඩාත් සුදුසු වන්නේ ඉදිරි කටයුතු ඒ අනුව නිසි පිළිවෙළකින් කළමනාකරණය කරගත හැකි නිසයි.
ජනවාරි මාසයේ සිට අප්‍රේල් 18 වැනි දා දක්වා ඇත්තේ එක් කාලපරිච්ඡේදයක් වන අතර අප්‍රේල් 18 සිට සැප්තැම්බර් දක්වා පවතින්තේ තවත් කාලයකි. එම සැප්තැම්බර් මාසයේ සිට නැවත ඊළඟ වසරේ ජනවාරි මාසය තෙක් ඇත්තේ වෙනස් කාල වකවානුවකි. ඒ අනුව පොදු වශයෙන් දකුණු ආසියානු කලාපයට සහ සමස්තයක් ලෙස ලෝකයටම මීළඟට ඇති ලොකුම අභියෝගය වන්නේ කාලගුණය සහ දේශගුණයයි. 2026 ජනවාරි මාසය ආරම්භ වන්නේම විශාල කාලගුණික කැලඹීමක් සහිතවයි. මෙය ලංකාව ඉලක්ක කර ගනිමින් ගතහොත් විශාල කාලගුණික විපර්යාස සමග ජල විපත්, සහ ඉඩෝර කාලවලටත්, මුහුණ දීමට සිදුවන අතර ඉදිරියේදී වැසි නැති අධික උෂ්ණ සහිත කාලයකට මුහුණ දීමට සිදු වේ. ලංකාව කෘෂිකාර්මික රටක් වන නිසා එය ආර්ථිකයටද බලපෑම් ඇති කරයි. ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතයටද එයින් පීඩා ඇති කරයි. ජනවාරි මාසය ආරම්භ වන්නේම විශාල වර්ෂාවක් සමගය. දේශපාලනික වශයෙන් ගතහොත් අප්‍රේල් මාසයේ සිට යම් වෙනස්වීම් සිදුවනු ඇත. එම වෙනස්වීම ප්‍රචණ්ඩකාරී ලෙසද සිදුවිය හැකිය. කෙසේ හෝ එහිදී සිදුවන්නේ මෙතෙක් පැවති සමාජික ආර්ථික රටාව බිඳ වැටී නව ආරම්භයක් ඇතිවීමයි. ආර්ථිකය 2025 වර්ෂයට වඩා යම් ස්ථාවරත්වයකට පැමිණෙයි.
සුබම සුබ නව වසරක් වේවා! ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
✨️ මේෂ
ඥාති සිත් අමනාපයක් - වෙහෙසීම් බහුල වසරකි.
ගෘහජීවිතය
වෙනදාට වඩා සිතේ කනස්සලු ස්වභාවයක් ඇති කරයි. පවුලේ වගකීම් කීපයක් පැහැර හැරීමට සිදුවෙයි. වැඩිහිටි උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති කාලයකි. ළඟම ඥාතියකු සමඟ සිත් අමනාපයක් ඇති කර ගනී.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. රැකියාවේ කටයුතුවලින් කැපී පෙනෙන කාලයකි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාවකට ඉඩකඩ ඇති කාලයකි.
අධ්‍යාපනය
මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උත්සහයෙන් උනන්දුවෙන් කරගෙන යයි. උසස් අධ්‍යාපන සැලසුමකට කටයුතු සූදානමක් ඇති කරයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට අවස්ථාව උදා කරයි . අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.
සෞඛ්‍යය
පරම්පරාගත අසනීපයක් මතුවිය හැකි කාලයකි. නිතර ඇතිවන අතේ පයේ හිරි ගතියට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උෂ්ණාධික අසනීපයකින් ද පීඩා අත් කරයි.
අය 07 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – දම්
සුබ දවස – බදාදා ,බ්‍රහස්පතින්දා
✨️වෘෂභ
මුදල් ලැබීම්
ගෘහජීවිතය
දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කිරීමට සිදුවේ. පවුලේ සුළු සුළු මතභේද මතුවිය හැකි වසරකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න. ළඟම හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකර ගැනීමට කටයුතු සැලසෙන වසරකි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ තරමක් දුරට අවිවේකී බවක් ඇති කරයි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. ස්ථාන වෙනස්කම් බලාපොරොත්තු විය හැකි කාලයකි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑම සිදුවන බවක් පෙනේ.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණයක් හිමිකරයි. තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි. විදෙස් අධ්‍යාපන සැලසුමකට වෙහෙසෙන කාලයකි.
සෞඛ්‍යය
වරින් වර ඇති කරන පපුව ආශි‍්‍රත සෙම් ගතිය, හිසරදය ආදියෙන් පීඩා අත්කරන බවක් පෙනේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පාදයේ හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා වසරකි .
අය 06 වැය 05
ජය අංකය – 02
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
✨️ මිථුන
තනතුරු ස්ථිරවීමක්
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති වසරකි.
ගෘහජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. නිතර අන් අය ගැන සොයා බලන බවක් පෙනේ. පවුලේ උත්සවයක් පිළිබඳ සැලසුමක් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් හිමිකරන සුළු සුළු රැකියා මාර්ගවලට යොමුවීමට හැකිවෙයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. එමෙන්ම පොත්පත් කියවීමට ලිවීමට රුචිකත්වයක් දක්වන කාලයකි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි. ලේ විෂවීමක් හේතුවෙන් ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
අය 06 වැය 04
ජය අංකය – 07
ජය වර්ණය – කහ
සුබ දවස – බ්‍රහස්පතින්දා
✨️ කටක
අඟහිඟතා මඟ හැරේ
පැරැණි හිතවත්කමක් අලුත් කරන වසරකි .
ගෘහජීවිතය
පැවැති අඟහිඟතා කීපයක් මඟහැරී යයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලට යොමුවන කාලයකි. අමතර වියදම් බහුල වන කටයුතු කීපයක් යෙදේ.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතුයි. ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවරකින් කරගෙන යයි. එමෙන්ම අණදෙන ක්ෂේත්රයේ රැකියා මාර්ගවලට හේතු යෙදෙන වසරකි . රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.
අධ්‍යාපනය
ඉගෙනීමට දක්ෂතා ඇතත් උසස් අධ්‍යාපනයට යම් යම් බාධා පැන නැඟේ. සාහිත හා කලා කටයුතුවලින් තම දක්ෂතා ඔප් නංවන කාලයකි. එමෙන්ම ධාරණ ශක්තිය බලවත් වන කාලයක් වන අතර සියුම් දේවල් පවා හොඳට මතකයේ තබා ගැනීමට හැකිවේ.
සෞඛ්‍යය
සෙම් දෝෂ, ලේ විෂවීමේ දෝෂ වරින් වර ඇතිවීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද යොමුවීමට සිදුවෙයි. අධි රුධිරපීඩන තත්ත්වය කෙරෙහි ද වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 05
ජය අංකය – 03
ජය වර්ණය – දම්
සුබ දවස – බ්‍රහස්පතින්දා
✨️සිංහ
ඉදිරි කටයුතු ප්‍රමාද වෙයි
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.
ගෘහජීවිතය
වෙනදාට වඩා ගමන් අධික කරයි. ඉදිරි කටයුතු කීපයක් ප්‍රමාදවීමට ඉඩ ඇත. පැවැති වගකීමකින් නිදහස අත් කරයි. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇත. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
රැකියාව
සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. සාහිත්‍ය හා කලා කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට යොමු වේ. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන කාලයකි.
අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අලුත් සැලසුමක් ඇති කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට උනන්දුවක් දක්වයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
අය 07 වැය 06,
ජය අංකය – 04,
ජය වර්ණය – කොළ, සුබ දවස – සඳුදා
✨️ කන්‍යා
බැඳීම් වැඩි කරයි
අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයකි.
ගෘහජීවිතය
උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරගෙන යයි. පවුලේ බැඳීම් වැඩිකරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. අලුත් හිතවතුන් දැන හඳුනාගැනීමට අවස්ථාව උදා කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරන කාලයකි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. අතමිට සරු කරන සුළු සුළු රැකියා මාර්ගවලටද ඉඩ කඩ ඇති කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට පදිංචියෙන් පිට වාසය කිරීමට සිදු වේ. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට හැකිවන කාලයකි .
සෞඛ්‍යය
වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිස් ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම, අධි රුධිර පීඩන තත්ත්වය කෙරෙහි ද සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය – 06
ජය වර්ණය – කොළ
සුබ දවස – ඉරිදා
✨️ තුලා
බලාපොරොත්තු ඇතිවේ
අලුත් බලාපොරොත්තු ඇති කරන වසරකි.
ගෘහජීවිතය
හදිසි ලැබීම් සහිත කාලයකි. වෙනදාට වඩා අලංකාරව සිටීමට කැමැත්තක් දක්වයි. දනට පිනට ළැදිව කටයුතු සිදු කරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි.
රැකියාව
රැකියාවේ කරගෙන යන වැඩ පිළිවළක් වෙනස් කරයි. පවුලේ අයගෙන් දුරස්ව රැකියාවේ කටයුතුවල නිරතවීමට සිදුවෙයි. එමෙන්ම තැන තැන ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට යොමුවේ.
අධ්‍යාපනය
මෙතෙක් කරගෙන යන අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇති කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරන වසරකි. හදිස්සියේ ඇතිවන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. චර්මගත ආබාධයකටද මුහුණපෑමට සිදුවන කාලයකි.
අය 07 වැය 06
ජය අංකය – 04
ජය වර්ණය – දම්
සුබ දවස – ඉරිදා
✨️ වෘශ්චික
රැකියාවේ වගකීම් වැඩිවේ
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි.
ගෘහජීවිතය
දුරදිග බලා කටයුතු කළයුතු වසරකි. ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදු කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගන්නා කාලයකි. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇත. වෙහෙසීම් බහුල කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලටද හේතු සැලසෙන කාලයකි. රැකියාවේ වගකීමක් තමා පිට පැවරේ. අලුත් වෙළෙඳ ව්‍යාපාර කටයුත්තක් ඇරැඹීමට අවස්ථාව සැලසෙන කාලයකි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වන්න. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතු කරයි. චර්මගත ආබාධයක් හේතුවෙන් ද පීඩාගෙන දෙන සතියකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීමට යහපත් කරයි.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ සුබ දවස – බ්‍රහස්පතින්දා
✨️ ධනු
ප්‍රේමයෙන් සිත් වේදනා
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි.
ගෘහජීවිතය
පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන කාලයකි. යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පෙම් සබඳතාවයක් හේතුවෙන් සිත් වේදනා ඇති කරයි. අලුත් ගේ දොර පදිංචියකට වෙහෙසෙයි. මවුපස ඥාතියකු වෙනුවෙන් කැපවේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
රැකියාව
රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යයි. පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇත. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එමෙන්ම වෙහෙසීම් බහුල රැකියා කටයුතුවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
පැවැති බාධා කීපයක් මඟහරවාගෙන උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙයි. එමෙන්ම ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන කාලයකි. පොත්පත් කියවීමට වැඩි කැමැත්තක් දක්වයි.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන අතේ පයේ හිරි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දේශීය ප්‍රතිකාර පතා දුර පළාතකට යයි. හදිසි කැපීම් සීරීම් වැනි සුළු සුළු අනතුරුවලට භාජනවීමට සිදුවන කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
අය 07 වැය 05
ජය අංකය – 02
ජය වර්ණය – දම්
සුබ දවස – සඳුදා
✨️ මකර
අලුත් පදිංචියක්
පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන වසරකි .
ගෘහජීවිතය
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. අලුත් පදිංචියක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. වෙහෙසීම් බහුල වසරකි. නීති ගැටලුවකින් නිදහස අත් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.
රැකියාව
රැකියාවේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන කාලයකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියාවකට ඉඩකඩ ඇති කාලයකි. කලා ක්ෂේත්රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.
සෞඛ්‍යය
කොන්ද හෝ උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම වෙනදාට වඩා රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.
අය 06 වැය 05
ජය අංකය – 03
ජය වර්ණය – කහ
සුබ දවස – බදාදා
✨️ කුම්භ
තනතුරු මාරු
අලුත් බලාපොරොත්තු ඇති කරන වසරකි .
ගෘහජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා කාලයකි. දුර ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසෙන කාලයක් වුවත් වැයපස අධිකයි. විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. වර්ෂය මැද කාලයේ දී දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. තනතුරු මාරු, ස්ථාන වෙනස්කම් ආදියට ඉඩ ඇත. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත් කාලයකි. තරග විභාගයකින් ජය අත් කරයි. අලුත් පොත් පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවල නියැළෙන කාලයකි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින් වර මතුවීමට ඉඩ ඇත. ආහාරපානවලින් ව්‍යායාම්වල යෙදීමෙන් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගනී. චර්මගත ආබාධයකින්ද පීඩා ඇත්කරන කාලයකි.
අය 07 වැය 04
ජය අංකය – 06
ජය වර්ණය – දම්
සුබ දවස – ඉරිදා
✨️ මීන
ඥාති උපකාරයක්
වෙහෙසීම් බහුල කරයි. එමෙන්ම හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන වසරකි.
ගෘහජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා කාලයකි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර නිතර ආගමික නායකයන්ගේ සහය පතයි. සතිය මැද කාලයේ දී ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. මවුපස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. සාහිත්‍ය හා කලා කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම නව වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමටද අවස්ථාව සැලසෙන සතියකි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙනේ.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ.
සෞඛ්‍යය
කොන්ද, උරහිස් සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින්වර හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතු කාලයකි.
අය 07 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – ඉරිදා
ප්‍රවීණ ජෝතිෂ්‍ය සහ වාස්තුවේදී, කීර්ති ශ්‍රී විභූෂණ, ආචාර්ය එච්. ඩී. නුවන්දිකා ඌෂාන්ත්‍රි

