ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනසංස්කෘතික උඳුවප් පුන් පෝදා අද (04) යි 2025-12-040 සිරිපා සමය ඇරඹෙන දවස අද හවුරුදු අවසන එළඹි පුන් පසළොස්ව පොහොය යි . ලංකාවාසී බෞද්ධ සැමට මෙදින සුවිශේෂිත දිනකි. දේවානම්පියතිස්ස මහා රාජයාණන්ගේ අරිට්ඨ ඇමැති තෙමේ දඹදිව් හි කළ සාර්ථක සාකච්ඡාවලින් අනතුරුව තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී. එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ අද වන් උඳුවප් පොහොය දිනක ය.. තවත් භික්ෂුණීන් වහන්සේ උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා, දාසිකා, ථෙග්ගු, පබ්බතා, මන්තා, ධම්මදාසිකා, මහාදේවී,පදුමා, හේමසා, උන්නලා, අංජලී, සහ සුමා යන භික්ෂුණීන් එකොළොස් නමක් ද සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ සමඟ හෙළදිවට වැඩම කළහ. දේවානම්පියතිස්ස රජතුමා දඹකොළ පටුනට පෙරහරින් ගමන් කොට ඉමහත් භක්ත්‍යාදරයෙන් කරවටක් මුහුදේ බැස නැව කරා ගොස් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මා ගෙන ආවේ ය. අනුරපුරයට වැඩමවා ගෙනා ඒ උතුම් බෝධීන් වහන්සේ මහමෙව්නාවේ රෝපණය කරන ලද්දේ ය. ලාංකේය ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියැවුණේ මෙතැන් පටන් ය. එපමණක් ද නොවේ. හෙළදිව් හි කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදය ද ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටුවීමද සිදුවූයේ මෙවන් උඳුවප් පොහොය දිනක පටන් ය. හෙළ දනන්ට තවත් වැදගත්ම සිදුවීමක් අද දවසේ පටන් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය ඇරඹෙන්නේ උඳුවප් පෝය දිනයේදී ය. පැල්මඩුල්ලේ සිට සමන් දෙවිඳුන්ගේ දේව ආභරණ සහිත පෙරහැරකින් සිරිපා මළුවට වඩම්මවා තැන්පත් කරන්නේ මේ පුන්පෝදා ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article නලින්ද ගෙන් විපක්ෂයට අභියෝගයක් Next Article දුකින් පිරුණු සඳ