හෙට (27) අනිද්දා (28) හා ඉන් අනිද්දා (29) යන තෙදිනට නියමිත ප්‍රශ්නපත්‍රවලට උත්තර ලිවීම දෙසැම්බර් 21, 22 හා 23 දක්වා කල් දමයි
රට තුළ උද්ගතව පවතින ඉතා අයහපත් කාලගුණ තත්ත්වය නිසා, අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට, අනිද්දා හා ඉන් අනින්දා ( 27. 28 හා 29 යන තෙදිනෙහි) නොපැත්වෙන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මීට ටික වෙලාවකට පෙර ප්‍රකාශ කළේ ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරැති වාර්තා අනුව අපට ඉදිරි දින වල විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවී තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවලා තියෙනවා, ඉදිරි දින කිහිපය තුළ යම්කිසි විදියකට, වර්ෂාපතනයත් ප්‍්‍රදේශ ගණනාවක ගංවතුර තත්ත්වයක් ඇතිවේ ය යන පූර්වෝකථනයක් කරල තියෙනවා. ඒ් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරල තියෙන නිවේදන අනුව ඒ තත්වය ඇතිවිය හැකි ප්‍රදේශ ආශ්‍රිතව හා වැව් පිටාරා ගැලීම්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරලා තියෙනවා. මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව විභාගය පිළිබඳව සැලකිලිමත් වී ඉදිරි දින තුන තුළ 27, 28 හා 29 යන දිනයන් හි විභාගය නොපැත්වීමට තීරණය කළා" යි විභාග කොමසාරිස් පවසමින් සඳහන් කළේ ය.
උසස් පෙළ විභාගය අවසන් වීමට තියෙන්නේ දෙසැම්බර් 20 වැනිදා. දෙසැම්බර් 21, 22. 23 යන දින තුනෙහි ඒ් ඒ් විෂයන්ට අදාළව විභාගය පැවැත්වීමට කටයුතු කරනවා.
නැවත විභාගය ආරම්භ වන්නේ 30 වැනි සෙනසුරාදා සුපුරුදු පරිදි නියමිත කාලසටහනට අනුව විෂයන් වන්නේ උදේ 8. 30 ට සිංහල භාෂාව පළවැනි ප්‍රශ්න පත්‍රයත්, දෙමළ භාෂාව පළවැනි ප්‍රශ්න පත්‍රයත් දිවයින පුරා සියලු මධ්‍යස්ථානවල හවස්වරුවේ කාෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයත්, ජර්මන් භාෂා ප්‍රශ්න පත්‍රයත් උදෙසා විභාගය පැවැත් වෙනවා යි ඔහු පැවසී ය.
