මත්ද්‍රව්‍ය චෝදනා ඇති යුවළක් බව පෙලිසිය කියයි
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අඹු සැමි යුවළකට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පලාගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ මේ යුවළ එම ස්ථානයේ දීම මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේ ය. ඔවුන් දෙදෙනා අම්බලන්ගොඩ මාදම්පේ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය සඳහන් කළේ ය.
ඝාතනයට ලක්වූ අඹුසැමියන් දෙදෙනා මත් ජාවාරම්වලට සම්බන්ධ බව චෝදනා ලද යුවළක් බව ද පොලිස් ආරංචි මාර්ග කී ය.
වෙඩිතබා පලා ගිය අපරාධකරුවන් මේ සඳහා භාවිතා කර ඇත්තේ ටී 56 ගිනි අවියක් බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
ද්විත්ව ඝාතනයට හේතුව අනාවරණය කර ගැන්මටත් සැකකරුවන් අල්ලා ගැනීමටත් අම්බල්ගොඩ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
 
            